සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල සිදුව ඇත්තේ මෙසේයි.රාත්‍රියේ සරනි හා රෙහාන් කතා කරමින් සිටිනවා.එවිට රෙහාන් හට රුක්ෂානා ඇමතුමක් ගන්නවා.ඉන්පසු රෙහාන්ගෙන් දුරකථනය උදුරාගනිමින් සරනි රුක්ෂානා හට කතා කරනවා.සරනි ඉතාමත් නරක ලෙස රුක්ෂානා හට බැන වදිනවා.සරනි කතා කරන අයුරු දකින රෙහාන් හට ඉතාමත් පුදුම වී දුරකථනය ඉල්ලු පසුවත් සරනි එය නොදිදිගින් දිගට ම බැන වදිනවා.ඉන්පසු කෝප වන රෙහාන් බලෙන්ම දුරකථනය ගෙන විසන්ධි කර සරනි හට කේන්ති ගියත් ඒ අයුරින් කතා කරනවාට ඔහු අකමැති බව රෙහාන් පවසනවා.සිදු වූ දේ රුක්ෂානා සචිනි හට පවසනවා.

ගමක අහිංසක පොඩි කෙල්ලෙක්නම් එසේ කතා නොකරන බව දෙදෙනාම කතා වනාව.පසුදින උදෑසන රුක්ෂානා සරනි හමුවීමට යනවා.නමුත් ඇය යන ගමනට සචිනි අකමැති බව පැවසුවත් එය නොඅසන රුක්ෂානා එතැනින් පිටව යනවා.සරනි හා රෙහාන් සරනිගේ නිවසට යාමට පිටත්ව යනවා. රුක්ෂානා ඇවිත් සිටින බව ආරියසේන පැමිණ රෙහාන් හට පවසනවා.ඔවුන් එළියට පැමිණෙන විට රුක්ෂානා නිවසට ඇවිත් ඇති බව දකිනවා.ඔවුන් වෙත පැමිනෙන රුක්ෂානා තමාව ගෙදරක හිර කරපු බව පවසමින් රෙහාන් හට බනිනවා.මෙහි පැමිණියේ ඇයිදැයි රෙහාන් විමසනවා.තමා අද ආවේ සරනි හට දෙකක් කතා කිරීමට බව පවසා සරනි හට බැනවදිනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට රෙහාන්ගේ අම්මා පැමිණෙනවා.රුක්ෂානාගේ කතාවට කෝප වන සරනි රුක්ෂානා හට පහර දෙනවා.ඉන්පසු සියලු දෙනාගේ මැදිහත් වීමෙන් රුක්ෂානාව නිවසින් පිටත් කර යවනවා.ටික වේලාවකින් සරනි හට රෙහාන්ගේ අම්මා බැන වදිනවා.තමා හට කේන්ති ගියබවත් හිතා මතා නොකල බව පවසා සමාව ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *