සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.නානායක්කාර රුවිනි සමඟ අඟුලානට යාමට සුදානම් වනවා.රුවිනි හට ඇමතුමක් ගන්නා නානායක්කාර තමා කතා කරගත් තැනට ආ බවත් පැමිණ තමාගේ කාර් එකට නගින්න කියා පවසනවා.රුවිනි පැමිණ නානායක්කාරගේ කාර් එකට නගිනවා.ඉන්පසු ඔවුන් යන්නේ කොහේද කියා රුවිනි නානායක්කාරගෙන් විමසනවා.සිප්පි බබාගේ පොට් එකට යන බව නානායක්කාර පවසා ආරක්ෂාවට තමා සිටින බව පවසා ඔවුන් එතැනින් පිටව යනවා.අධිකාරි රෙහාන් සමඟ කතා කරමින් සිටිනවා.රුක්ෂානට සිදු වු දේ එතරම් හොඳ දෙයක් නොවන බවත් පවසනවා.තමා එයට සම්බන්ධ නැති බවත් එය රුක්ෂානා පොලිසියට පැවසුවත් තමාට ප්‍රශ්ණයක් නැති බව රෙහාන් පවසනවා.නානායක්කාර හා රුවිනි අඟුලානට පැමිණෙනවා.දෙදෙනාම නානායක්කාරව රැගෙන ගිය නිවස වෙත යනවා.මේ අතර බණ්ඩා ඔවුන්ගේ නිවසට වී ඔවුන් දෙදෙනා යන අයුරු දකිනවා.

මේ අතර කුමක් හෝ දෙයක් කල යුතු බවත් සරනිගේ යහළුවන් කතා කරමින් සිටිනවා.සියලු විස්තරය නානායක්කාර රුවිනි සමඟ පවසනවා.මේ අතර බන්ඩා හඩමින් තමා කල දේවල් ගැන සිතමින් හඩනවා.මෙයට කිරීමට කිසිවක් නැතිදැයි භානුක බන්ඩාගෙන් විමසනවා.තමාට මේ වෙලේ කිසිවක් කිරීමට නොහැකි බව පවසනවා.නානායක්කාර හා රුවිනි කතා කරමින් සිටින දේ අභි වීඩියෝ කරනවා.රෙහාන් සවස් වී නිවසට පැමිණෙනවා.මේ අතර නානායක්කාර හා රුවිනි පාළු නිවසට පැමිණෙනවා.බන්ඩා හා යහළුව් මුහුණු වසා ඔවුන් සිටින තැනට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාව අල්ලා ගන්නවා.ඉන්පසු දෙදෙනාගෙන් ප්‍රශ්න විමසනවා.මේ අතර බණ්ඩා සරනි ලෙස පවසා මිෂෙල් හට කතා කර ඔවුන් සිටින තැනට පැමිණෙන ලෙස පවසනවා.ටික වේලාවකින් මිෂෙල් ඔවුන් වෙත පැමිණෙනවා.ඉන්පසු තමා නානායක්කාර පවසන කෙනා බවත් නානායක්කාර බොරු කියන බවත් පවසනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා හට යාමට පවසනවා.චන්දනි වෙත පැමිණෙන ආණ්‍යා හට ඇය සරනිගේ ප්‍රශ්නයෙන් ඈත් වී සිටින ලෙස පවසනවා.රුවිනි කලබලයෙන් නිවසට පැමිණෙනවා.ඇයව දකින අම්මා ඇය බයවෙලා වගේ සිටින්නේ ඇයි දැයි විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *