සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ සිය නිවසට පැමිණෙන විශාකා යසෝ සිටිනවා දැක ඇයට උදේ සුභද්‍රා කතා කරාද කියා අසමින් ඇය කතා කරලා ඇගෙන් මොනවාද ඇසුවේ කියා විමසනවා. ඉන්පසු යසෝ බය වී වගෙ ඒ ගැන කල්පනා කරද්දී ඇය එසේ ඉන්නේ ඇයිද කියා විශාකා අසද්දී,සුභද්‍රා හදන්නේ පරණ කුණු ගොඩවල් අවුස්සන්න බවත් ගිය දේවල් ගියා කියා සිතා පඩුවේ ඉන්නේ නැති බවත් යාසෝ පවසද්දි සුභද්‍රා ඇසුවේ පුජාගේ අම්මා ගැන නේද කියා විශාකා අසමින් සුභද්‍රාට ඇය කතා කල වේලාවේ ඇය ඒ ගැන විස්තර කියු බවත් ඇත්තටම පුජාගේ අම්මා මැරුණාද නැතිනම් ජිවත් ව සිටිනවාද කියා යසෝගෙන් ඇය විමසද්දී ඇය ඒ ගැන කිසිවක් නොදන්නා බවත් හැමෝම කියනවා වගේ පුජාගේ අම්මා මැරුණා කියා විතරයි ඇයත් දන්නේ කියා යසෝ පවසමින් ඒ ගැන දන්නවා නම් දන්නේ ඇන්ටින් අයියා හෝ චන්ද්‍රාදීත්‍ය බවත් ඇය පවසා සිටිනවා.ඉන්පසු ඇයට හැකිනම් ඇන්ටින්ව ඇයට මුණ ගස්වන්න කියා විශාකා යසෝගෙන් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ නිවසට පැමිණෙන විරාජ් සමඟින් කතා කරන සුභද්‍රා ඇය ඔහුට එන්න කිවේ ඇයගේ හිතෙ ඇති වු සැකයක් ගැන ඔහුට කියන්න බවත්,ඇය පුජා බලන්න රෝහලට ගිය අවස්ථාවේ ඇයට හොඳට දැකලා පුරුදු ගැහැණියක් සිටි බවත් එ ගැණු කෙනාගේ පෙනුම චන්ද්‍රාදීත්‍ය විවාහ වී සිටි කෙනා වගේ බවත් නමුත් එය සැකයක් පමණක් බවත් සුභද්‍රා පවසද්දී එය අසා පුදුමට පත් වෙන ඔහු ඇය කියන්නේ ඒ ඉන්නේ පුජාගේ අම්මා කියාද කියාත් එසේ වෙන්නේ කෙසේද කියාත් ඔහු විමසද්දී ඇය ඔහුගේ බිරිඳව ඇත්තටම දැකලා නැති බවත් නමුත් ඇගේ පින්තුරයක් ඇය වලව්වේදී දැක තිබෙන බවත් සුභද්‍රා පවසනවා.ඉන්පසු ඒ ගැන කල්පනා කරන විරාජ් එය ඔවුන්ට හරියටම දැනගන්නට ක්‍රමයක් තිබුනොත් හොඳ බවත් කියද්දී ඒ ගැන දන්නා එක්කෙනෙකු සිටින බවත් ඒ යසෝ බවත් කියමින් ඇය හිතන විදියට යසෝ මේ ගැන දන්නවා ඇති කියාත් සුභද්‍රා පවසනවා. එත් සමඟම ඇය මුලින් ඒ ගැන යසෝගෙන් විමසුවද ඇය කිසි දෙයක් ඇයට නොකියපු බව සුභද්‍රා පවසනවා.ඉන්පසු විරාජ් යසෝව හමුවන්නට ගොස් ඒ පිළිබඳ තොරතුරු දැනගන්නම් කියා විරාජ් පවසා සිටිනවා.

මේ වේලාවේ අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ඩොක්ටර්, ඔහුට අභිමන් සමඟින් වැදගත් යමක් පුජා ගැන කතා කරන්නට තිබෙන බව පවසමින්,පුජාව රෝහල් ගත කරලා ටික කාලයක් වන නමුත් ඔවුන්ට තේරුම් ගත් දේ පුජාව යතා තත්ත්වයට පත් කරගන්න නම් අභිමන්ගේ උදව් අවශ්‍ය බවත් ඩොක්ටර් පවසනවා. ඒ වේලාවේ ඔහු කුමක්ද කල යුත්තේ කියා අසද්දී පුජාගේ මතකේ සිටින්නේ අභිමන් පමණක් බවත් පුජාව නොර්මල් තත්ත්වය ගන්න ඔහුට පුජා සමඟින් නිදහසේ කතා කරන්නට පුළුවන් නම් ඔවුන්ගේ ප්‍රතිකාර වලට එය ලොකු උදව්වක් බවත් ඔහු පවසනවා. එ අවස්තාවේ ඩොක්ටර් ඔහුට කියන්නේ පුජාට ආදරය කරනවා වගේ ඔහුට හැසිරෙන්න කියාද කියා අභිමන් අසද්දී ඊට ඔව් කියමින් එසේ කලොත් ඔවුන්ට ලොකු උදව්වක් වෙයි කියා ඩොක්ටර් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *