සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ විශාකාට දුරකථන ඇමතකුමක් ලබා ගන්නා සුභද්‍රා,ඇගේ දුරකථනයෙන් යසෝ කතා කරනා බව දැනගෙන ඇගේ සැපදුක විමසද්දී ඇය හොඳින් ඉන්නා බවත් පුජාට නම් වෙන්න ඕන දේ වුනා නේද කියා සතුටින් සිනාසී සුභද්‍රාගෙන් අසද්දී විශාකා ඊට පිළිතුරු නොදී යසෝගෙන් විශාකා ඉන්නවාද අසද්දී ඇය ඉන්නා බවත් කතා කරන්නම් කියාත් යසෝ පවසද්දී ඇයට කතා කරන්නට එපා කියාත් යසෝ සමගිනුයි ඇයට කතා කල යුත්තේ කියාත් සුභද්‍රා කියමින් ඇයට යසෝගෙන් යමක් අහන්නට තිබෙන බවත් ඇයට අවංකවම පිළිතුරු දෙන්න කියාත් කියමින් පුජාගේ අම්මා ඇත්තටම මැරුණාද කියා ඇගෙන් අසනවා.එය අසා කලබල වෙන යසෝ එය අසා පුදුම වෙමින් ඇය ඒ ගැන හරිහැටි නොදන්නා බවත් ඇය දන්නෙත් පුජාගේ අම්මා මැරුනා කියා පමණක් බවත් යසෝ පවසමින් පරන දේවල් ගැන කතා රක වැඩක් නැති බව කියමින් යසෝ දුරකථනය ඉක්මනින් තියනවා.

මේ වේලාවේ අභිමන් විශාකා සමඟින් පුජා මානසික රෝහලට ගොස් බැලීමෙන් අනතුරුව පුජා ගැන විස්තර කතා කරන්නට පුජා බලා කියා ගන්නා නර්ස් කෙනෙකු ළඟට පැමිණෙනවා. ඒ අවස්ථාවේ පුජාට සනීප වෙන්නට තව බොහෝ කාලයක් යයිද කියා ඇගේ විශාකා අසද්දී එය එසේ වන්නට පුළුළවන් බවත් මන්ද පුජාගේ ඇති රෝගී තත්ත්වය සමඟ ඔවුන්ට එසේ සිතන්නට වන බවත් පවසනවා. ඉන්පසු විශාකා , පුජාට මතකයේ තිබෙන්නේ අභිමන්ව පමණයිද කියා අසද්දී පුජා අභිමන්ට බොහෝ සේ ආදරය කර ඇති බවත් තවමත් ඇගේ හිතේ තිබෙන්නේ ඒ ආදරයම බවත් නර්ස් පවසමින් පුජා අදටත් ජිවත් වෙන්නේ අභිමන්ව මනිසින් මවාගෙන බවත් ඇය පවසා සිටිනවා. එත් සමඟම අභිමන් පුජාගේ ආදරය තේරුම් ගත්තා නම් අද ඇයට හොඳින් ඉන්නට තිබුණු බවත් ඇය පවසනවා. ඉන්පසු විශාකා, පුජා කරපු කියපු දේවල් එක්ක ඇයට අභිමන්ව පුජාට බාර දෙන්න හිත හදා ගන්නේ කෙසේද කියා අසමින් ඇය හරි විදියට හිටියා නම් මේ වෙද්දීත් පුජාව අභිමන් මැරි කරලා ඇති බවත් විශාකා පවසා සිටනවා.ඉන්පසු විශාකා අභිමන්ට පුජා කොතරම් වැරදි කලද මේ වගේ අවස්ථාවකදී මනුෂිය පැත්තෙන් හිතා පුජාට උදව් කල යතු බවත් නමුත් පුජාට නීතියෙන් නම් ගැලවීමක් නැති වෙයි කියාත් විශාකා පවසනවා.

මේ වේලාවේ විශාකාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා සුභද්‍රා, ඇය පෙර දිනයේ යසො සමඟින් යම් කාරණාවක් ගැන කතා කල බවත් නමුත් ඒ අවස්ථාවේ ඇගෙන් ඇයට පැහැදිලි පිළිතුරක් නොලැබුන බවත් සුභද්‍රා පවසද්දී ඇය යසෝට කතා කරන්නද කියා විශාකා අසනවා. ඉන්පසු සුභද්‍රා, ඇය කුරුළු සමගින් පුජාව බලන්න රෝහලට ගිය බවත් එතැනදී ඇයට හමුවු ගැහැණු කෙනා ගැනද විස්තර සුභද්‍රා විශාකාට කියද්දී එය අසා විශාකා පුදුම වෙමින් එය අදහා ගත නොහැකි වෙද්දී ඇයටත් එය සැකයක් පමණක් බවත් නමුත් ඇගේ හිත කියන්නේ ඒ ඉන්නේ පුජාගේ අම්මා කියා බවත් සුභද්‍රා පවසද්දී යසෝ ඒ ගැන මොනවාද සුභද්‍රාට කිව්වේ කියා විශාකා අසනකවා. ඒ වේලාවේ යසෝද පුජාගේ අම්මාගේ මරණ ඇස් දෙකෙන් දැක නැති බවත් ඇය දන්නේද පුජාගෙ අම්මා මැරුනා කියා පමණක් බවත් සුභද්‍රා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *