සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අභිමන්ව මුණගැසෙන්නට ගිය කුරුළුට අභිමන්ගෙන් සතුටු සිතෙන උත්තරයක් නොලැබීම නිසා ඒ පිළිබඳ කණගාටුවෙන් සිටින සුභද්‍රා අසළට පැමිණෙන රෙෂ්මාගෙන් කුරුළු ඇහරිලා ඉන්නවාද කියා විමසද්දී ඇයට කල්පනා කරමින් සිටින බව රෙෂ්මා පවසමින් අභමින් මෙවැනි උත්තරයක් ලබා දෙයි කියා ඇය කිසිදින සිතුවේ නැති බව රෙෂ්මා පවසනවා.ඒ අවස්ථාවේ අභිමන්ගෙන් හිතේ ඇත්තේ පසුගිය දින වල තිබුණ ප්‍රශ්නය ගැන බවත් කුරුළුට එදින අභිමන්ගේ පැත්ත ගත්තා නම් ඇයට අද මෙලෙස විඳවන්නට වෙන්නේ නැති බවත් සුභද්‍රා පවසනවා.ඒ අවස්ථාවේ ඕනම කෙල්ලකු මුලින්ම ගන්නේ තම තාත්තාගේ පැත්ත බව රෙෂ්මා කියද්දී එය එසේ වුවත් කුරුළු මෙලෙස සර්පයෙක් පෙන්වා එ ඉන්නේ තාත්තා බව කියු විට එය අභිමන් කෙසේ විශ්වාස කරන්නද කියා සුභද්‍රා පවසනවා.එය ඇත්ත වෙන්නට පුළුවන් බවත් නමුත් කුරුළු එදින සිටිය තත්ත්වයත් සමඟම කුරුළුව අභිමන්ට තේරුම් ගන්නට තිබ්බා කියා රෙෂ්මා පවසා සිටිනවා.

මේ අවස්ථාවේ පුජාව රෝහලට ගොස් බලා යළිත් කුරුළු සමඟින් නිවසට පැමිණෙන සුභද්‍රා,රෙෂ්මාටත් ඔවුන් සමඟින් පුජාව බලන්නට යන්න එන්න තිබුණු බවත් එදින ඇයට පුජා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුන බවත් පවසද්දී ඇයට අනුකම්පා කරන්න තරම් හොඳ කෙනෙකු නොවන බව රෙෂ්මා පවසද්දී ඒ කෙසේ වෙතත් ඇයටද පුජා ගැන කලකිරුණු බව කුරුළු පවසනවා.ඒ අවස්ථාවේ පුජා කල පව් වලටයි ඇය මෙලෙස විඳවන්නේ කියාත් පවසනවා.ඉන්පසු කුරුළුට දුරකථන ඇමතුමක් එනවාත් සමඟම ඇය එතැනින් පිටව යද්දී සුභද්‍රා රෙෂ්මා සමඟින් ඇය රෝහලට ගිය අවස්ථාවේ අමුතු ගැහැණු කෙනෙකු හමු වු බවත් ඇය තමන්ගේ දරුවා කියා සිතා බොනික්කෙකු නලවමින් සිටි බවත් එම ගැහැණු කෙනා ඇගේ සැමියා බොරු කෙන්දර අහන කෙනෙකුගේ කීමක් අසා ඇගේ දුවව මරන්නට හැදු බව කුරුළු සමඟින් කියා තිබෙන බවත් ඇයව සහ කුරුළු චන්ද්‍රාදීත්‍ය මරන්න හැදුවෙත් පුජාට වෙනස්කම් කලෙත් එලෙස බොරු කේන්දරකරයකු කියු දෙයක් නිසා බවත් ඇයට ඒ පිළිබඳ සැකයක් තිබෙන බවත් සුභද්‍රා පවසනවා.ඒ අවස්ථාවේ ඇය කියන්නේ එතකොට එම රෝහලේ සිටියේ චන්ද්‍රාදීත්‍යගේ බිරිඳ කියාද කියා රෙෂ්මා අසමින් ඇය ඒ කියු දේ ගැන වැඩිය ගනන් නොගෙන එසේ සිදු වන්නට බැරි බව පවසනවා.

මේ වේලාවේ අමායා ඇගේ තාත්තාගේ සහ අම්මාගේ විවාහ සංවත්සරය අතරතුරේ අභිමන්ට කතා කරමින් ඔහු සමඟින් එළියට කතා කරන්නට යනවා. ඒ වේලාවේ අභමින් ඇය මෙලෙස එළියට එමු කිවේ ඇයිද කියා විමසද්දී අමායා සිනාසෙමින් ඇයට ඔහු සමඟින් නිදහසේ කතා කරන්නට අවශ්‍ය බව පවසනවා.ඉන්පසු අභිමන් , ඇගේ තාත්තා ඔවුන්ව සොයයි නේද කියා අමායාගෙන් අසද්දී එසෙ නැති බවත් ඔවුන් සතුටින් ඉන්නේ කියාත් අමායා පවසද්දී එ වුනත් ඇතුළේ පාටිය තිබියදී ඔවුන් එළියේ නිදහසේ කතා කරන එක හොඳ නැති බව අභිමන් පවසනවා.ඉන්පසු එ කතා අමතක කරන්න කියාත් ඇය මෙලෙස ඔහුට එන්න කිවේ ඇගේ හිතේ ඔහුට කියන්නට යමක් තිබෙන නිසා බවත් අමායා කියමින් එය ඉතා වැදගත් දෙයක් බවත් ඒ නිසා එදින වගේ ලස්සන දවසක ඇයට ඔහුට ඒ ගැන කියන්නට සිතුන බවත් අමායා පවසනවා.ඉතිං ඒ වේලාවේ අමායා එය අභිමන්ට කියන්නට යනවාත් සමඟම එතැනට පැමිණෙන මහතුන් ඊට බධා කරමින් ඇගේ තාත්තා ඇයට කතා කල බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *