සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා. මේ වේලාවේ අභිමන් කුරුළුව මුණගැසෙන්නට එන ලෙස කියු හෙයින් අභිමන් ඇයව මුණගැසෙන්නට එළියට පැමිණෙනවා.ඉන්පසු ඔහු ටිකක් පරක්කු වුන බවත් ඊට සමාව දෙන ලෙසත් අභිමන් ඉල්ලා සිටිද්දී එයට කමක් නැති බවත් ඔහු පුජාව බලන්නට ගියාද කියාත් කුරුළු ඔහුගෙන් විමසමින් අගේ තත්ත්ව දැන් කොහොමද කියා අසනවා.ඒ වේලාවේ ඒ ගැන කතා කරන්න දුක බවත් ඇය ඉන්නා විදිය සහ අය විඳින වේදනාව දුටු විට එය බලා සිටිය නොහැකි බවත් අභිමන් පවසමින් පුජා එ තත්ත්වයට පත් වෙන ඔහුත් හේතු වෙන්නට ඇති කියා ඔහුට හැම වෙලේම සිතෙන බවත් අභිමන් පවසද්දී ඔහු එසේ කියන්නේ ඇයිද කියාත් එසේ බැලුවහොත් ඇයත් වගකිව යුතු බවත් ඇය ඔහුගේ කම්පැනියට ආවේ නැතිනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැති බවත් කුරුළු දුකින් පවසනවා.ඉන්පසු අභිමන් දැන් අතීතය ගැන කතා කර වැඩක් නැති බවත් එය අමතක කරන්න කියාත් කුරුළුට පවසනවා.

ඔය අතරේ කුරුළුව හමුවන්නට පැමිණි අභිමන් ඇය ඔහුට එන්න කිවේ කුමන කාරණයක් නිසාද කියා විමසද්දී කුරුළු ඔවුන්ගේ ආදරයේ අතීත මතකයන් අභිමන්ට මතක් කර දෙමින් ඔහු හිතේ ඇය ගැන දැන් තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද කියා දැනගන්නට උත්තසහා කරද්දී ඇය මෙලෙස එ දේවල් මතක් කර දෙන්නේ ඇයිද කියාත් ඔහු ඒ සියළු දේ දන්නා බවත් අභිමන් පවසනවා. ඒ වේලාවේ ඇය ගත්තේ වැරදි තීරණයක් බවත් ඇගේ අතින් සිදු වු ඒ වරදට ඔහුගෙන් මීට පෙරද ඇය සමාව ගත් බවත් ඔහුට ඒ වෙනුවෙන් ඇයට සමාව දෙන්න බැරි ඇයිද කියාත් කුරුළු අසද්දී ඔහු ඇයට ඒ දවස් වලම සමාව දී ඉවර බවත් යළිත් මෙසේ සමාව ඉල්ලන්නේ ඇයිද කියාත් අභිමන් අසද්දී එසේ නම් ඔවුන් දෙදෙනාට ඉස්සර මෙන් ආදරයෙන් ඉන්නට බැරි ඇයිද කියාත් කුරුළු අසද්දී ඔහු ඇයට එච්චර ආදරය කරලත් ඇය එක තත්පරයෙන් ඔහුව දාලා ගිය බවත් යළිත් ඔහු ඇයට ආදරය කර ඇය එයම කලොත් ඔහුට සිදුවන්නේ කුමක්ද කියාත් අසද්දී එ දේවල් අමතක කර ඔවුන් දෙදෙනා යළි එකතු වෙමු කියාත් පැවසුවද ඔහු ඊට හරි පිළිතුරු නොදීම ඔහු යළි කිසිවකුට ජිවිත කාලයේදී ආදරය කරයි කියා සිතන්නේ නැති බවත් කියමින් ඔහුගෙ තීරණය එසේ කුරුළුට පවසනවා.

මේ වේලාවේ එකපාරට සැරින් සැරේ කැස්සක් ඇතී වි නසයෙන් ලේ ගැලීම නිසා ඒ ගැන බය සිතුන සුභද්‍රා කාටවත් නොකියාම ඩොක්ටර් කෙනෙකුව මුණගැසෙන්නට යනවා.ඉන්පසු ඇගෙ අසනීපයේ විස්තර ගැන ඩොක්ටර්ට කිමෙන් පසු ඇයව පරීක්ෂා කල ඩොක්ටර් පිටට පෙනෙන තරමට ලොකු ප්‍රශ්නයක් නැති බව පවසද්දී එසේ වුවද ඇයට උගුර රිදෙන බව සුභද්‍රා පවසනවා.ඉතිං ඉන්පසු ඇයට එතැනදීද කැස්ස දිගින් දිගටම ඇති වුන හෙයින් ඒ පිළිබඳ සැකයක් මතු වුනක ඩොක්ටර් ඇගෙන් තවදුරටත් ප්‍රශ්න අසමින් ඔවුන් වෙන ටෙස්ට් එකක් කර බලමු කියාත් එම ටෙස්ට් එක කැන්සර් හඳුනා ගැනීමේ පරීක්ෂණය බවත් ඇගේ වයසත් සමඟ එය කර බලන එක හොඳ බවත් ඩොක්ටර් සුභද්‍රාට පවසනවා.ඉනපසු එය අසා කලබල වී බය වුණ සුභද්‍රා ඇය දෙස බලා සිටිද්දී ඇයට කලබල වෙන්නට එපා කියාත් එය වැඩි හොඳට කර බලමු කියාත් පවසා සිටිනවා.

කුරුළු පැත්තකට වී පොතක් කියවමින් සිටින තැනට පැමිණෙන සුභද්‍රා, ඇය කුරුළුගෙන් යමක් ගැන අසන්නට ආවේ කියා කියමින් ඔවුන් පුජාව බලලා එන්නට යමුද කියා කුරුළුගෙන් අසනවා.එ අවස්ථාවේ කුරුළු මඳ වේලාවක් කල්පනා කරමින් හිඳ ඇයටත් එසේ ගියා නම් හොඳයි කියා සිතුන බවත් නමුත් ඇය සිටිනා තත්ත්වයත් එක්ක ඔවුන් ගියහොත් ප්‍රශ්නයක් වෙයිද කියා කුරුළු සුභද්‍රාගෙන් විමසනවා.එසේ වෙන්නේ නැති බවත් ඇය සිටිනා තත්ත්වයත් එක්ක ඔවුන් එසේ ගොස් ඇයව බලා ආවා නම් හොඳයි කියා සුභද්‍රා පවසනවා.ඉන්පසු එය එසේ වුවද ඇයට නම් බය බව කුරුළු පවසද්දී එසේ බය වෙන්නට හේතුවක් නැති බවත් ඇයට කිසිවකුවත් මතක නැති බවත් සුභද්‍රා පවසනවා.ඉතිං ඉන්පසු සුභද්‍රාගේ දැඩි ඉල්ලීම මත කුරුළු ඊට කැමති වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *