සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වේලාවේ රයිසින් ස්ටාර්ස් තරඟ වටයේදී කාව්‍යා ඇගේ ගීතය ගායනා කර අවසන් වනවාත් සමඟම වින්ඩි ඇගේ කමෙන්ට් එක දීම සදහා වේදිකාවට පැමිණ ඇගේ ගීතයක් කාව්‍යා සමඟින් ගායනා කරන්නට සූදානම් වනවා. ඒ අවස්ථාවෙ වින්ඩි ගීතයේ කොටසක් ගායනා කර අවසන්ත වනවාත් සමඟම කාව්‍ය එම ගීතය ගායනා කරන්නට පටන් ගන්නවාත් සමඟම ඇගේ පිච් එකේ වෙනසක් දැනුන වින්ඩිගේ මුහුණ දෙක වුවා. ඉන්පසු ඇය එය නවත්වමින් කාව්‍යාට ඒ බව පහදා දෙමින් යළිත් ගීතය ගායනා කලද කාව්‍යා දිගින් දිගටම ගීතය පිච් එකේ ගායනා නොකිරිම නිසා වින්ඩි කෝප වී වේදිකාව තුළ ඇයට බැන වදිද්දී ඇය මොනවා කරන්නද කියාත් ඇය ගීතය ගායනා කලේ වින්ඩි කියු විදියට බවත් කාව්‍යා පවසද්දී වින්ඩි කේන්තියෙන් ගස්සාගෙන එතැනින් යන්නට යනවා.

මේ වේලාවේ රෙහානාද එළියට වී කාව්‍යාගේ ගීතය ගැන සුරේෂ් සමඟින් සිනාසෙමින් කතා කරමින් සිටිද්දී කාව්‍යා ඒ අසළට එනවා දැක මහ හයියෙන් සිනාසෙමින් මාර පිච් එකක් බව කියමින් විහිළු කරද්දී ඇය සිනාසෙන්නේ මොකද කියාත් වින්ඩි වැරද්දුව එකට ඇය මොනවා කරන්නද කියාත් කියනවාත් සමම ඒතැනට පැමිණෙන වින්ඩි, යළිත් ඇයට දොස් නගමින් ඇයට උදව් කරන්නටය ගොස් ඇයගේ ගෞරවයද නැති වු බවට කාව්‍යාට චෝදනා කරද්දී ඇය යළිත් යළිත් ඇගේ වරද නොපිළි ගනිමින් ඇය හරියට ගායනා කල බව පවසද්දී ඇය වගේ අයට උදව් කරන්නට යනවාට ඔවුන්ට හොඳ පාඩම් බවත් තමන්ගේ තරම දැනගෙන ඇය සමඟින් කතා කරන්න කියාත් පවසද්දී එතැනට පැමිණෙන සමීර වින්ඩිට ඇතු‍ළට පැමිණ විනිශ්චය ලබා දෙන්න කියා පැවසුවද ඇය ඊට කැමති වුයේ නැහැ.ඉන්පසු වින්ඩි ළඟට පැමිණෙන අගස්ති, ඇය කලේ මොකද්ද කියා අසමින් ඇය මෙලෙස කරනවා කියා දැන සිටියා නම් ඔහු මෙය කිසිසෙත් ඇයට කරන්නට ඉඩ දෙන්නේ නැති බවත් අගස්ති පවසමින් කාව්‍යට ඕන වුනේ වින්ඩිට වඩා කැපිලා පෙන්න බවත් එ නිසයි ඇය එලෙස වේදිකාවේ ගායනා කලේ කියාත් අගස්ති වින්ඩිට පහදා දෙනවා.

තරඟය පැවැත් වු දිනයේ විශාල් පැමිණ සිටිනවා අහම්බයෙන් දකින අගස්ති,ඔහු අවේ රෙහානාව හමුවෙන්නට බවත් ඇයට සුභ පතන්නට බවත් පවසද්දී ඔහු ආවේ තනිවද කියා අසමින් ඔහුගේ පෙම්වතිය කෝ කියා අගස්ති අමුතුවට අසද්දී විශාල් කලබලයෙන් බය වී මෙන්ඒ කවුද කියා අසමින් ඔහු අහන්නේ අචිනි ගැන නම් අචිනි ඔහුගේ පෙම්වතිය නොවන බව පවසද්දී ඒසේ නම් විවාහ වෙන්න ඉන්න කෙනා නේද කියා අගස්ති කින්ඩියට මෙන් සිනාසී අසද්දී එහෙම දෙයක් නැති බව විශාල් පවසනවා. ඉන්පසු අගස්ති යළි සිනාසෙමින් කොහොම වුනත් පරිස්සමින් කියා විශාල්ට පවසමින් එතැනින් යන්නට යනවා. ඉතිං ඉන්පසු විශාල් ඔහු යන මඟ බලා සිටිමින් ඔහු මෙසේ සැරින් සැරේ එවැනි දේවල් කියන්නේ ඇයිද කියා කල්පනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *