සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.උපන්දිනය දවසේ සමාධි එළියට වී කල්පනා කරමින් සිටිනවා දැක එතැනට පැමිණෙන ඊෂා, අගස්තිට ඇගේ උපන්දිනය මතකද කියා සමාධිගෙන් අසද්දී ඇය ටික වේලාවක් කල්පනා කරමින් හිඳ ඒ කාලයේ නම් ඇයට හැමදාම ඇගේ උපන්දිනය මතක තිබුණු බවත් ඇයව ඔහු හැමදාකම පුදුම කල බවත් වේදනාවෙන් පවසමින් නමුත් දැන් නම් ඔහුට ඇගේ උපන්දිනය අමතක ඇති කියා සමාධි පවසනවා.එත් සමඟම මිනිස්සු ඔවුන්ගේ ජිවිත වලින් අයින් වුනද මතකයන් ඉතුරු වන බව සමාධි පවසනවා.මේ අවස්ථාවේ ඊෂා,සමාධි අවුල් වෙන්නේ නැතිනම් ඇය යමක් පෙන්වන්නද කියා අසමින් ඇගේ දුරකථනයේ තිබුණු අගස්තිගේ විඩියෝවක් සමාධිට පෙන්වනාව.ඉතිං එහි තිබෙන්නේ අගස්ති උපන්දිනයට විශ් කරමින් ගායනා කරන ගීතයක්. එය දැක සමාධි ඒ ගැන විස්තර ඊෂාගෙන් අසමින් ඔහු එසේ විශ් කරන්නට ඇත්තේ එතැන සිටි කෙනෙකුට වෙන්නට ඇති බව සමාධි වේදනාවෙන් පවසනවා.

කාමරයට වී සිටින විශාල් ළඟට පැමිණෙන ඔහුගේ තාත්තා, ඔහුගේ සංගීත වැඩකටයුතු ගැන විස්තර අසමින්,උඳුල් ඔහුට කතා කලාද කියා කපටිකමෙන් මෙන් අසද්දී ඔහු කතා කලේ නැති බවත් ඔහු කතා කල යුතු බවත් පවසද්දී එය අසා කේන්ති ගිය විපුල ඔහුට පිස්සුද කියාත් ඔහු කුමකටද උඳුල්ට කතා කරන්නේ කියාත් අසමින් මුලින්ම ඔහුගේ වැඩ ටික කරගන්න කියාත් හැඟීම් වලට වහල් වෙන්නට එපා කියාත් කියමින් ඔහු නුවරඑළියේ නිවසට ආච්චිට කියා විශාල්ගේ නමට ලියන්නට යන බවත් එය සෑහෙන්න වටින ඉඩමකත් බවත් පවසද්දී එය අසා කේන්ති ගිය විශාල්, උඳුල්ට සහ ආච්චිට ඉන්න තියන එකම තැන එතැනට බවත් එහෙව් එකේ ඔහුට එය කුමකටද කියාත් විපුලගෙන් අසමින් එය අයිති උඳුල්ට බවත් එයවත් ඔහුට ලබා දෙන්න කියා විපුලගෙන් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේ උඳුල් ගැන ඔහු බලා ගන්නම් කියාත් මෙ ඉඩම අයිති විශාල්ට බවත් ඔහු පවසනවා.

රෙහානා ඊළඟ තරඟ වටය සඳහා සූදානම් වෙමින් සිටින තැනට පැමිණෙන අගස්ති සහ වින්ඩිව දකින ඇය, ඔවුන් දෙදෙනා සමඟින් කතා කරමින් වින්ඩිගේ සැප දුක ගැන විමසද්දී ඇය හොඳින් ඉන්නා බවත් ඇය ඊළඟ වටයට සූදානම්ද කියාත් අසද්දී රෙහානා සිනාසෙමින් කියන විදියට කියලා දානවා කියා රෙහානා පවස්ද්දී එදින රවුන්ඩ් එක ටිකක් අමාරු බවත් අමුතුවට මෙන් කියද්දී ඇය ඕනෑම වේලාවක එළියට යන්නට ලෑස්ති බවත් එය ප්‍රශ්නයක් නැති බවත් කියද්දී ඇය එසේ සිතන එක හොඳ බවත් මන්ද එළියට යන්න වුනත් අවුලක් නැ නේද කියාත් වින්ඩි කියද්දී ඔවුන්ගේ කතාව මැදට පැමිණි අගස්ති එය එසේ වුවත් රෙහානාට වෙනම ෆැන් බේස් එකක් සිටින බවත් ඒ නිසා රෙහානා තරඟයෙන් ඉවත් වෙයි කියා ඔහු සිතන්නේ නැති බවත් අගස්ති පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *