සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ විශාල් ඇත්ත දැනගත් බව කියන්නට තරුපතිව සොයා පැමිණෙන උඳුල්, ඔවුන්ගේ විස්තර ගැන ටික වේලාවක් කතා කරමින් හිඳ ඉන්පසු කොළඹ ගිය අවස්ථාවේ පොඩි ප්‍රශ්නයක් වුන බව කියමින් විශාල් ඔහු විශාල්ගේ අයියා බව දැනගත් බව උඳුල් පවසනවා. ඉන්පසු තරුපති මඳ සිනාවකින් යුක්තව ටිකක් පරක්කු වී සිදු වන්නට තිබු දෙයක් කලින් වෙලා නේද කියා උඳුල්ගෙන් අසමින් එය විශාල් දැනගත්තේ කෙසේද කියා විමසනවා. ඒ වේලාවේ අලී සිනසෙමින් ඔහුගේ වැරද්දෙන් තමයි එය දැනගත්තේ කියා පවසද්දී ඔහුගේ උප්පැන්න සහතිකය විපුලගේ නමද සමඟින් විශාල් දැක තිබෙන බව උඳුල් පවසනවා. ඉන්පසු විශාල් මෙ ගැන තාත්තා සමගින් කියයිද කියා තරුපති විමසද්දී ඔහු විශාල්ට ඒ ගැන තාත්තාට කියන්නට එපා කියු බවත් නමුත් සමහරවිට විශාල් ඒ ගැන විපුල සමගින් කියයි කියාත් උඳුල් පවසා සිටිනවා.

මේ වේලාවේ උඳුල් කියන්නේ ඔහුගේම සහෝදරයා බව දැනගත් විශාල් නිවසට පැමිණෙද්දී ඔහු කොහේද ගියේ කියාත් එදින දවසටම ඔහුව දැක්කේ නැති බවත් විපුල පවසද්දී, ඔහු යන හැම තැනක් ගැනම ඔහුට කිව යුතුද කියා විශාල් අමුතුවට අසද්දී එසේ කියන්නට අවශ්‍ය බවත් මන්ද ඔහු විශාල්ගේ තාත්තානේ කියාත් විපුල කියද්දී විපුල කියන්නේ ඔහුගේ තාත්තා පමණක් නොවෙයි කියා විශාල් අමුතුවට පවසනවා. ඉන්පසු එය අසා අවුල වන විපුල ඔහු මොකද්ද කිවේ කියා අසමින් එය ඔහු අලුතෙන් දැනගත් කාරණයක් නොවේනේ කියා විපුල පවසනවා. ඉන්පසු විශාල් ඔහුට ඔහුගේ අයියා හමුවුනොත් කුමක්ද වෙන්නේ කියා විශාල් අසද්දී විශාල්ගේ කරට අත තබමින් එය කිසිදින සිදුවන්නේ නැති බව විපුල පවසනවාත් සමඟම විපුලව පුදුමයට පත් කරමින් ඔහුට උඳුල් ගැන නොකියා සිටියේ ඇයිද කියා විශාල් කෙන්තියෙන් මෙන් විමසනවා. එය අසා කලබලයට පත්වෙන විපුල බය වී කිසිවක් කියා ගන්නට නොහැකිව ඔහු ඒ නම දැනගත්තේ කෙසේද කියා අසද්දී ඔහු හැමදේම දන්නා බවත් උඳුල්ට එලෙස සලකන්නේ ඇයිද කියාත් විපුලගෙන් අසනවා.ඒ වේලාවේ විශාල්ට බය නැතිව ඉන්න කියාත් උඳුල්ගෙන් ඔහුට කවදාවත් වරදක් වෙන්න ඔහු ඉඩ තියන්නේ නැති බවත් විපුල පවසා සිටිනවා.

මේ වේලාවේ විශාල් සහ උඳුල් කියන්නේ සහෝදරයින් බව විශාල්ට උඳුල් කියා තිබෙන බව දැනගත් විපුල කෝපයෙන් යුතුව නුවරඑළියේ ඔහුගේ අම්මාගේ නිවසට පැමිණි උදුල්ට බැනවදිමින් උඳුල්ට මෙතරම් ඉක්මනින් එම රහස ගැන කියන්න තිබු උවමනාව කුමක්ද අසා කෑගසමින් ඔහු ජිවිත් වන විදිය විනාශ කරන්නටද හදන්නේ කියා ඔහුගේ අම්මාගෙන් අසනවා. මේ වේලාවේ විපුලගේ කෑගැසීම ඉවසා ගත නොහැකි වුන ඇය උදුල් කියන්නේ විශාල්ගේ සහෝදරයා කියා කියුව එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා ඇය සැරෙන් අසනවාත් සමඟ උඳුල් නිවසට පැමිණෙනවා දකින විපුල ඔහු ළඟට ගොස් විශාල්ට ඇත්ත කියන්නට තිබුණු හදිස්සිය කුමක්ද කියා උඳුල්ගෙන් විමසද්දී උඳුල්ට කේන්ති ගොස් ඔහු එ බව විශාල්ට කිවේ නැති බවත් විශාල් ඔහුව හොයාගෙන පැමිණ ඒ බව ඔහුගේ ඇසු බවත් උඳුල් කෑගසමින් පවසමින් ඔහු එසේ අසද්දී බොරු කියන්නේ ඔහු කුමකටද කියාත් ඒ නිසා ඇත්ත කියන්ට සිදු වුන බවත් උඳුල් පවසනවා. මේ වේලාවේ කෝපයෙන් සිටි විපුල ඔහු යළි කියනතෙක් විශාල් එක්ක කතා කරන්නට බැරි බවට ඔහුට තර්ජනය කර යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *