සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ අක්ෂා නැතිව ඩොක්ටර්ව තනිව හමුවන්නට පැමිණෙන අනුහස්, අක්ෂාගේ අසනීපය ඔහුගේ හිතට බොහෝ සේ වද දෙන්න පටන්ගෙන ඇති බවත් මොකක් හෝ හරි තීරණයක් තිබෙනවා නම් ඔහුට ඊට හිත හදාගෙන ජිවත් වෙන්න පුළුවන් බව අනුහස් කියමින් නමුත් තවමත් ඔහුගේ ඔළුවේ ඒ පිළිබඳ කිසි අදහසක් නැති බව ඔහු පවසනවා.ඒ අවස්ථාවෙ ඔහුට තීරණයක් දෙන්න නම් ඔවුනුත් හරි තීරණයකට පැමිණිය යුතු බවත් ලෙඩක් සනීප කරන එක එතරම් ලේසි නැති බවත් ඩොක්ටර් පවසමින් අනුහස් ලෙඩාටත් වඩා මෙ වෙද්දී ගොඩක් බය වී තිබෙන බව කියද්දී ඒ ඉන්නේ ඔහු ආදරය කරන කෙනා බවත් ඔහුට අක්ෂා ගැන සිතද්දී කන්න බොන්නවත් බැරි බවත් කියද්දී සියළුදේට කලින් අනුහස්ට බෙහෙත් කරන්නට වෙයි කියාත් ඔහු අක්ෂාගේ ලෙඩේ අමතක කර ඒ වැඩ ටික ඔවුන්ට බාර දෙන්න කියාත් ඩොක්ටර් අනුහස්ගෙන් ඉල්ලා සිටිනවා.

ඩොක්ටර් කියු දේවල් ගැන අසා ඒ ගැන අවුලෙන් සිටින අනුහස් ළඟට පැමිණෙන අක්ෂා ඔහු ඉන්නේ අවුලින් බව දැනී,අනුහස් මෙසේ බය වෙලා වගේ ඉන්නේ ඇයිද කියාත් මෙසේ ඔහු කල්පනා කරන්නේ ඇගේ අසනීපය ගැන නේද කියා අසමින් ඇය දැන් ඇගේ අසනීපය ගැන දන්නා බවත් ඇය ඒ ගැන හොඳට දැනුවත් වු බවත් ඩොක්ටර් ඔහුට මොනවාද කිවේ කියාත් අසද්දී ඔහු ඒ ගැන කල්පනා කරමින් සිටියේ නැති බවට බොරුවක් පවසනවා.ඉන්පසු අක්ෂා එසේ නම් කුමක් ගැනද ඔහු කල්පනා කරන්නේ කියා විමසද්දී ඔහු කල්පනා කලේ ගෙදර ඇති ප්‍රශ්නයක් පිළිබඳව බව අනුහස් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *