සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. මේ වේලාවේ අනුහස් අක්ෂා සමඟින් ඩොක්ටර්ව හමුවන්නට පැමිණෙනවා. ඉනපසු අක්ෂාගේ රිපොර්ට්ස් සියල්ල ඩොක්ටර්ට අනුහස් ලබා දෙන අවස්ථාවේ එය බලා ඩොක්ටර් අක්ෂාගෙන් ඇයට තිබෙන අමාරුකම් මොනවාද කියා විමසද්දී ඇයට හුස්ම ගන්නා විට ටිකක් අමාරු බවත් නමුත් එය බෙහෙත් බි පසු අඩු වී යන බවත් අක්ෂා පවසද්දී ඔහුන් කළ පරීක්ෂණ වලින් වැඩිපුර යමක් සොයගන්න බැරි බවත් එසේ වුවහොත් එම බෙහෙත් ගන්න ගමන් තවත් පරීක්ෂණ කිහිපයකටම යන්නට සිදුවන බවත් ඔහු පවසමින් ඇයට බෙහෙත් බිලා සතියකින් යළිත් ඔහු ළඟට පැමිණෙන ලෙස ඩොක්ටර් පවසනවා. ඒ වේලාවේ ඔහු එදිනට හරියටම දිනයක් ඇයට නවතින්නට ලබා දෙන්නම් කියාත් ඔහු පවසනවා.

ඔය අතරේ අක්ෂාගේ අසනීප තත්ත්වය ගැන සිතමින් මානසිකව වැටී සිටින අනුහස්ව හමුවන්නට පැමිණෙන දෙව්මිගේ අයියා, ඔහු මොනවා ගැනද මෙතරම් කල්පනා කරන්නේ කියාත් ඔහු පිස්සු නටන්න පටන්ගෙන කියා ඔහුට ආරංචි වුණ බවත් ඔෆිස් යන්නෙත් නැ නේද කියාත් ඔහු කියමින් අක්ෂාට අසනීපයි කියා ඔහුත් ජිවිතය විනාශ කරගන්නටද හදන්නේ කියා අසනවා. ඒ වේලාවේ ඔහුට ඒ ගැන මතක් වෙන විට කිසි වැඩක් කරගන්නට බැරි බව බවත් පවසද්දී එවැනි අවස්ථා වලදී ඔහුට ඔහුගේ අතීතය ගැන මතක් කරගන්න කියාත් ඔහු සහ උදෙනි රවී නැති වුන අවස්ථාවේ කොතරම් නම් දුක් වින්දාද කියාත් එ දවස්වල උදෙනි ප්‍රශ්න ගැන කල්පනා කරමින් මානසිකව වැටී සිටියා නම් අද කුමක්ද වෙන්නේ කියාත් ඒ නිසා ඒ ගැන කල්පනා කර සිහියෙන් වැඩ කරන්න කියාත් දෙව්මිගේ අයියා අනුහස්ට පැහැදිලි කර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *