සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ දෙව්මිවත් රැගෙන බිච් එකට යන අවන්ත ඇය සමඟින් කතා කරමින් සිටින අතරේ එකපාරටම ඔහුට ඇයට වැදගත දෙයක් කියන්න තිබෙන බව පවසමින් ඔහු එය කියු පසු ඔහු සමඟින් තරහා වෙන්නේ නැහැ කියා පොරොන්දු වෙන්න කියමින් ඇයව බය කරවමින් පොරොන්දු කරගන්නට උත්සහා කරද්දී දෙව්මි ඔහු ඒ කියන විදිය අසා බියට පත්ව ඔහුගේ වෙනස දැනී ඔහු ඒ කියන දේ ඇසු පසු ඇය ඔහු සමඟින් කතා නොකර හිදියි කියා සිතෙනවා නම් ඇයව ඊට පොරොන්දු කරවා ගන්නේ ඇයිද කියා දෙව්මි අසමින් වරදේ ස්වභාවය අනුව ඊට සමාව දෙනවාද දඬුවම් කරනවාද කියා ඇය තීරණය කරන්නම් කියා කියද්දී ඇය මෙය අසා ඔහුව එපා වෙලාම යන්නට පුළුවන් කියා අවන්ත කියද්දී දෙව්මිට ඔහු කියන්නට යන දේ සිතා ගත නොහැකිව කේන්ති ගොස් එතැනින් නැගිට යන්නට හදදද් ඇගේ ඇස් බැඳ ඇයව මුහුද අසළට ගෙන ගොස් අවන්ත මල් කළඹයක්ද රැගෙන එමින් දෙව්මිගෙන් බඳිමුද කියා අසනවා.මේ වේලාවේ කිසිවක් සිතා ගත නොහැකි වුන දෙව්මි සතුට දරා ගත නොහැකිව ඊට කැමති වනවා.

මෙ වේලාවේ අක්ෂාත් අනුහසුත් ඩොක්ටර්ව හමුවී අනුහස්ගේ නිවසට පැමිණෙන අවස්ථාවෙ උදේනි ඔවුන්ව දැක ඔවුන් ඇයව සහ අක්ෂාගේ අම්මාව කිසි දිනක හොස්පිට්ල් එකට එක්කගෙන ගියේ නැති බවත් ඔවුන් දෙදෙනා මොනවා හෝ දෙයක් ඔවුන්ගෙන් සඟවනවා කියා දැනෙන බවත් උදේනි පවසද්දී ඔවුන් දන්නා ටිකමයි අපිත් දන්නේ කියා අනුහස් කියද්දී ඒ කෙසේ වෙතත ඩොක්ටර්ස්ලා විශෙෂයෙන් දන්නා මොනවා හෝ දෙයක් තිබෙයි නේද කියා උදේනි කියමින් එදින ඔවුන්ට එන්න කිවෙ ඇයිද කියා අනුහස්ගෙන් විමසද්දී අක්ෂාට ඇඩ්මිඩ් වෙන්න එන්න කියු බව අනුහස් පවසනවාත් සමඟම උදේනි එය අසා කලබල වෙමින් ඒ ඇයිද කියා අනුහස්ගෙන් අසනවා. ඒ වේලාවේ බය වෙන්නට කාරණාවක් නොවන බවත් ඇගෙන් ටෙස්ට් වගයක් ගැනීමට තිබෙන නිසා ඒ සඳහා ඇයට නවතින්නට සිදු වන බව අක්ෂා උදේනි සමඟින් පවසා සිටිනවා. ඉන්පසු එ මොනවාද කියා යළිත් උදේනි අසද්දී අනුහස් ඔවුන්ගේ කතාව අතරට එමින් ඔහු ඒ ගැන උදේනිට පසුව කියන්නම් කියා පවසනවා. ඔහු එසේ පැවසුවේ අක්ෂා එතැන සිටි නිසයි. නමුත් අනුහස් ඒ කියු දේ ගැන අක්ෂාට සැකයක් ඇති වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *