සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.යෙනුකි හා බාබු පල්ලියට පැමිණෙනවා.ඉන්පසු බුබාව වීරවර්ණ අල්ලා ගත් විට තමා හිතින් බාරයක් උන බව යෙනුකි පවසනවා.බාබු ඒ කලේ තමාගේ හිතේ තිබ්බ දේ බව යෙනුකි කියනවා.සත්‍යා තනිව කාමරයට වී සිටිනවා .ඇය අසලට පැමිණෙන සාවිත්‍රි තමාගේ දුරකථනය සත්‍යා අසලට චාජර් එකට ගසා තබා යනවා.ඉන්පසු සත්‍යා ඇයගේ දුරකථනයෙන් නිවසට ඇමතුමක් ගන්නවා.එයට උත්තර දෙන්නේ මේනකයි.ඉක්මනින් අම්මාව එතැනට ගෙනැවිත් අම්මාගේ කනේ දුරකථනය තියන ලෙස පවසනවා.ඉන්පසු ටික වේලාවකින් මේනකා සත්‍යාගේ අම්මාව එක්කගෙන එනවා.දුරකථනය ගන්නා වීරවර්ණ හුම් කියා කියනවා.ඒ කතා කරන්නේ අම්මා යැයිය සිතන සත්‍යා කතා කර තමා ගොඩක් සතුටින් සිටින බවත් තමා පරිස්සමින් සිටින බවත් අම්මාට ගොඩක් ඇය ආදරේ බවත් පවසා ඇය දුරකථනය විසන්ධි කරනවා.වීරවර්ණ දුරකථනය කනේ තබාගෙන සිටින බව සත්‍යාගේ අම්මා දකිනවා.දුරකථනය තැබු පසු සත්‍යා ඉක්මනින් තාත්තාට පැමිණෙන ලෙස කියු බවත් ඇය දුක්විඳින බව කියු බවත් පවසා වීරවර්ණ එතැනින් පිටව යනවා.ජුඩ් අම්මා සමඟ කතා කරමින් සිටිනවා.

ඉන්පසු යාපනයේ නොගියේ ඇයි දැයි අම්මා ජුඩ්ගෙන් විමසනවා.බාබු හට එන්න තැනක් කිව්වාද කියා වීරවර්ණ ජුඩ්ගෙන් විමසනවා.මේ අතර පොලිසියට කළු පැහැති ඩිෆෙන්ඩර් එකක් කැලෑවක අත හැර දමා ගිය බවත් එය වීරවර්ණ මුදලාලිගේ බවත් පවසනවා.යෙනුකි හා බාබු දූපතකට යාමට පිටත් වනවා.ඉන්පසු දෙදෙනාම කතා කරමින් කෑම කා ආදරයෙන් සිටිනවා.මේ අතර කඩේ මුදලාලිගෙන් සත්‍යා අසනීපෙන් බවත් තමාට ඉක්මනින් යාහැකිද කියා ශිවා විමසනවා.තමාගේ බිරිඳත් අසනීපයෙන් සිටින බවත් තමා ඒත් නිවසට නොයන බවත් පවසා මුදලාලි ශිවා හට නිවසට යාමට දීමට නොහැකි බව පවසනවා.යෙනුකිව නිවසට දැමීමට බාබු පැමිණෙනවා.ඉන්පසු යෙනුකි නිවසට පැමිණෙන ලෙස බාබු හට යෙනුකි පවසනවා.බාබුගේ අකමැත්තෙන්ම යෙනුකි බාබුව රැගෙන නිවසට යනවා.යෙනුකිබාබුව පෙන්වා කලින් පැවසු කෙනා මෙයා බවත් පවසා බාබුව හඳුන්වා දෙනවා.රාත්‍රියේදි සත්‍යා ශිවා හට තාම නිවසට කතා කළ බවත් පවසනවා.ඉන්පසු ශිවා කෝපයෙන් සත්‍යා හට බැනවදිනවා.නැවත එය නොකරනලෙස සත්‍යා හට ශිවා පවසනවා.බාබු හට යෙනුකිගේ අම්මා නිවස තුලට කතා ගන්නවා.ඉන්පසු බාබුගෙන් ඔහු කරන රස්සාව කුමක්ද කියා යෙනුකිගේ මව විමසනවා.තමාට කරවල කඩයක් තියෙනබව බාබු පවසනවා.

කුස්සියට යන යෙනුකි හා අම්මා බාබු ගැන විමසා තමා බාබුට අකමැති බව යෙනුකි ගේ අම්මා යෙනුකි හට පවසනවා.බාබු නිවසෙන් පිටව ගිය විට යෙනුකි හට අම්මා බනිනවා.මේ අතර රාත්‍රියේදි සත්‍යාගේ මවට පපුවේ අමාරුවක් හැදෙනවා.ඇය බෙල් එක ගැසීමට හැදුවද ඇයට එය කිරීමට නොහැකි වනවා.ඇය වෙත පැමිණෙන මේනකා ඇය සිටින අයුරු දැක කලබල වනවා.නෝනාට අමාරු බව පවසමින් මේරි වීරවර්ණට පැවසුවත් ඔහු ඇයට බැන එතැනින් එළවා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *