සතියේ දින වල රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.හන්ඩේ කුරායිගේ විවාහය පැවැත්වෙන තැනට පැමිණෙනවා.ඉන්පසු කෝපයෙන් කුරායි හා රුමා හට බැන වදිනවා.රුමාද ඇයට කෑ ගැසීමට යන විට රුමාගේ තාත්තා එය නවත්වනවා.කෝපයට පත් වන විරාත් හන්ඩේව එතැනින් එළියට කැදවාගෙන යනවා.ගුල්සුම්ගේ මවට එතැන කලන්තය දමනවා.හන්ඩේව එළියට ගෙන ගියපසු සියලු දෙනා පිටත් වීමට එළියටපැමිණි පසු හන්ඩේ නැවත රුමා වෙත යනවා.රුමා හට විරාත්ව විවාහ කර ගැනීමට නොහැකි වූ නිසා එය ගුල්සුම් ගේ අතින් කල බව පවසා නැවත හන්ඩේ රුමා ට කෑ ගසනවා.විරාත් හන්ඩේව කාර් එකේ දමාගෙන පිටත් වනවා.ටික දුරක් පැමිණි පසු විරාත් හන්ඩේ හට කාර් එකෙන් බහින ලෙස පවසනවා.හන්ඩේ හඩමින් කාර් රථයෙන් බැස යනවා.නිවසට පැමිණෙන මෙහෙමට් රුමාගෙන් හන්ඩේ කියු දේ ගැන විමසනවා.

විරාත් යනු කවුරුන්දැයි මෙහෙමට් හා පියා විමසනවා.නමුත් රුමා කිසිවක් ඔවුන් හට පැවසීමට අකමැති වනවා.ඔවුන් කෑ ගසා ගන්නා විට විරාත් පැමිණෙනවා.ඉන්පසු විරාත් වෙත යන රුමාගේ පියා විරාත් රුමාගේ ජීවිතය බේරා ගත් දෙයට ඔහු සැමදා විරාත් ට ණය බවත් නමුත් රුමා සමඟ ඇති යහළුකම නවත්වන ලෙසත් කිසි දිනක රුමා සමඟ කතා නොකරන බවත් පවසනවා.සියලු දේට එකඟ වන විරාත් එතැනින් පිටව යනවා.කුරායි හා ගුල්සුම් නිවසට පමිණෙනවා.හන්ඩේ පැවසු දේ කිසිවක් ගුල්සුම් සිතන්නේ නැති බව පවසනවා.රාත්‍රියේදි ගුල්සුම් කුරායි සමඟ නින්දට යාමට බලා සිටිනවා.ගුල්සුම් වෙත පැමිණෙන කුරායි ටිකකට ඔහු එළියට යන බවත් ඔහු එනවිට රෑ වෙන බවත් පවසනවා.මේ අතර කුරායි විරාත් හට හන්ඩේව බලාගන්නා ලෙස පවසනවා.විරාත් රුමාව හමුවීමට නිවස අසලට ජනේලය වෙත යනවා.තමාට රුමාව දැකීමට උවමනා කල බවත් විරාත් පවසනවා.හන්ඩේව බලා ගන්නා ලෙස රුමා විරාත් හට පවසනවා.රාත්‍රියේදී හන්ඩේ විරාත්ගේ ක්ලබ් එකට වී මත්පැන් පානය කරමින් සිටිනවා.ඇය එතැන සිටින බව විරාත් හට එහි සිටින ආරක්ෂකයෙක් පවසනවා.තමා එන බව විරාත් ඔහුට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *