සතියේ සෑම දිනකම රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය තුර්කි ටෙලි නාට්‍යකි .මෙය පසුගිය සතියේ සිදු වූ දේ මෙලෙසයි.විරාත් රෝහලේ සිට නිවසට පැමිණෙනවා.ඔහු සමඟ ඔහුගේ අම්මා හා තාත්තාද පැමිණෙනවා.නිවස හැඩි වී ඇති බව පවසා විරාත්ගේ මව ඔහුට බැන වදිනවා.රුමා නිසා විරාත් කරදරයට පත් වන බවත් ඇයව අමතක කරන ලෙසත් ඇය පවසනවා.නමුත් ඒ කිසිවක් විරාත් පිළනොගන්නවා.ඔවුන් කතා කරමින් සිටින විට නිවසේ සීනුව නාද වනවා.විරාත්ගේ මව පැමිණ දොර අරිනවා.රුමාව බේරාගත් එකට තමා ස්තුති කිරීමට පැමිණි බව රිසා පවසනවා.ඔවුන් දෙදෙනාගේ කතාව ඇසෙන විරාත්ද එතැනට පැමිණෙනවා.විරාත් රිසා හට ප්‍රතිචාර දක්වා දොර වසා ගන්නවා.මේ අතර රුමාගේ නිවසේ සියලු දෙනා කෑම ගනිමින් සිටිනවා.එහිදි රුමා හට හලිල්ගෙන් සිදු වූ හිරිහැර මතක් වනවා.ඇය බිය වී එතැන කෑ ගසනවා.ඉන් අනතුරුව එතැනින් ඇය නැගිට යනවා.

රිසා හා මෙහෙමට් තම තමන්ගේ වැඩ කටයුතු සඳහා පිටත්ව යනවා.උනාල් සෙනම් හමුවීමට ගොස් සිටිනවා.විරාත් රුමාව බේරාගත් බවත් නැවත ඔවුන් දෙදෙනා එකතු වු බව වසනවා.එය අසා සිටින ජාන්සු කලබලවී විරාත් හා රුමා ගැන විමසනවා.පසුදින විරාත්ගේ නිවසට රුමා පැමිණෙනවා.විරාත් රුමා එනතුරු බලා සිටිනවා.ඉන්පසු දෙදෙනාම ආදරයෙන් වැළඳ ගන්නවා.ජාන්සුද විරාත්ගේ නිවසට පැමිණෙනවා.එවිට විරාත්ගේ නිවසේ දොර අරින බව දැනගත් ජාන්සු සැගවෙනවා.විරාත් රුමා හට සමුදෙනවා.ඉන්පසු විරාත් ජාන්සු සැගව සිටින බව දැක ඇය වෙත ගොස් ඇයට බැන වදිනවා.ඔවුන් දෙදෙනා එකතු වූ බවත් පවසනවා.ඉන්පසු ජාන්සු සෙනාම් වෙත පැමිණ හඩමින් සිදු වු දේ පවසනවා.රුමා නැවත නිවසට පැමිණෙනවිට ලෙවෙට් මුණ ගැසෙනවා.ඔහු මෙතරම් කල් ඇයගේ පවුල සමඟ සිටිය බවත් එයට ඇය ඔහුට ස්තුතිවන්ත වනවා.නිවසට පැමිණෙන රුමා ගුල්සුම් සමඟ කතා කරමින් සිටිනවා.එහිදි ගුල්සුන් රුමා හට තමා පඩිපෙලෙන් වැටුනේ නැති බවත් තමා හට සිදු වු දේ ඇය රුමා සමඟ පවසනවා.ඉන්පසු එය ගුල්සුම්ගේ අම්මා පිටත සිට අසා සිටිනවා.කෝපයෙන් පැමිණෙන ගුල්සුන්ගේ අම්මා ඇයට පහර දෙනවා.විරාත් වෙත පැමිණෙන කුරායිද තමා අතින් සිදු වු දේත් ගුල්සුන් විරාත්ගේ නිවසේ සියදිවි නසාගැනීමට උත්සහ කල බවත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *