සතියේ දින පහේම රාත්‍රි රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රුමාව හිර කරමින් සිටින හලිල් ඇයව මනාලියක් ලෙස අන්දවා විරාත් ඉදිරියේ වාඩි කරවනවා.ඉන්පසු සියලු දෙනා ඉදිරියේ හලිල් රුමා හට අත්සන් කරන ලෙස පවසනවා.ඉන්පසු එතැන සිටි විරාත් හලිල් තමාට බිය බවත් තමාගේ අත් පා ගැටගසා ඇත්තේ විරාත් හට හලිල් බිය නිසා බවත් විරාත් පවසනවා.හලිල් තමාට බිය නොමැතිනම් තමාගේ අත් ලෙහන ලෙස පවසනවා.මේ අතර එය අසා සිටින රුමාද එය කරල ලෙස හලිල් හට පවසනවා.ඉන්පසු හලිල් විරාත්ගේ අත් ලෙහනවා.ඉක්මනින් ක්‍රියාත්මක වන විරාත් නැගිට හලිල් හට පහර දෙනවා.ඉන්පසු එතැන සිටින නිවසේ කුඩා දරුවා හා කාන්තාවගේ අත් ගලවා එතැනින් පිටත් කර යවනවා.ඉන්පසු හලිල් අත තිබු බෙහෙත් විරාත් හට විදිනවා.

ඉන්පසු විරාත් එතැන සිහිය නැති වී වැටෙනවා.මේ අතර රුමාගේ නිවසේ අය හට පොලිසිය පැමිණෙන ලෙස පවසනවා.ඉන්පසු ඉක්මනින් සියලු දෙනා පොලිසය වෙත යනවා.රුමාගේ ආරංචිය සෙහෙර් විරාත් හට කීමට ඇමතුමක් ගන්නවා.ඉන්පසු රුමා විරාත්ගේ දුරකථනය නාද වන බව දැක තමා රුමා බවත් හලිල් ඔවුන් හිරකරගෙන සිටින බවත් ඇය එයට පිළිතුරු දෙනවා.ඉන්පසු සෙහෙර් මෙහෙමට්ටද කතා කර මේ ගැන පවසනවා.ඉන්පසු මෙහෙමට් හා සියලු දෙනා රුමා සිටින තැනට යාමට පිටත් වනවා.මේ අතර කුරායි විරාත්ගේ නිවසට පැමිණෙනවා.ඔහු එන විටත් එහි යතුර දොරේ තිබෙන බව කුරායි දකිනවා.ඉන්පසු විරාත්ගේ කාමරයට එන කුරායි හට ගුල්සුම් ගෙලවැලලාගෙන සිටින බව දකිනවා.ඉන්පසු ඉක්මන් වන කුරායි ඇයව රෝහල වෙත ගෙන යාමට සුදානම් වනවා.මේ අතර විරාත් රුමාව රැගෙන එතැනින් පැන යාමට සුදානම් වන විට හලිල් විරාත් හට වෙඩි තබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *