සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල් වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වලල මෙසේ ගලා යනවා.වීරවර්ණ සත්‍යා යැයි සිතා බත් කවමින් සිටිනවා.එතැනට පැමිණෙන වීරවර්ණගේ පියා එය ජේරාජ් හට පෙන්වනවා. මෙය මේරිද දකිනවා.ඉන්පසු ඇය එය සත්‍යාගේ මවට ගොස් පවසනවා.ජේරාජ් නැවත වීරවර්ණ හට කෑම කැවීමට යනවා.එම අවස්ථාවේදි බාබුගේ දුරකථනය ජේරාජ් අත නාද වනවා.එයින් කතා කරන්නේ ශිවා බව ජේරාජ් දැනගන්නවා.ශිවාගෙන් ඉන්නා තැන විමසුවද ඒ කතා කරන්නේ බාබු නොවන බව ශිවා හට සැක සිතෙනවා.ඉන්පසු ජේරාජ් අත ඇති දුරකථනය අතට ගන්නා වීරවර්ණ ශිවාගෙන් තමා වීරවර්ණ බවත් ඔහු කොහේ සිටියත් ඔහුව සොයාගන්නා බව පවසනවා.බිය වන ශිව දුරකථනය විසන්ධි කරනවා.කල්පනා කරමින් සිටින වීරවර්ණගේ පියා අසලට සත්‍යාගේ මව සිදුව ඇති දේ ගැන විමසනවා.තාත්තා කෙනෙක් විදිහට පුතා දෙස බලා සිටීමට නොහැකි බව ඔහු පවසනවා.රාත්‍රියේදි ශිවා හට නිදා ගැනීමට සාවිත්‍රි තැනක් සකසමින් සිටිනවා.මේ වගේ වැඩ ගැහැණු කරන වැඩ යැයි පවසන සාවිත්‍රි හට ශිවා නිවසේ සිටි දවස් වල එවැනි දේ කර දුන්නේ තාත්තා බව පවසනවා.

ඇස් දෙක පියාගත් විට තමාට පෙනෙන්නේ පියා බව ශිවා පවසනවා.මේ අතර වීරවර්ණගේ පියා අසලට මේරි පැමිණෙනවා.ඇය අත ඇති දුරකථනය දැක ඔහු තමාට ඇමතුමක් අරගෙන දෙන ලෙස පවසනවා.ඉන්පසු තමා අත ඇති පොතෙන් අංකයක් පෙන්වා එයට ඇමතුමක් අරන් දෙන ලෙස පවසනවා.ඉන්පසු නීට හට ඇමතුමක් ගන්නා ඔහු තමාට ඉතා ප්‍රශ්න ගොඩක සිටින්නේ යැයි පවසනවා.රාත්‍රි නින්දට යන විට ශිවාගෙන් පුංචි බාබු කතා කරාද කියාවිමසනවා.කුමක් හෝ ප්‍රශ්නයක ශිවා සිටින බව තේරුම් ගත් පුංචි ඔහුගෙන් කල්පනා කරන්නේ කුමක්දැයි විමසනවා.දවල් තමා හට වීරවර්ණ කතා කලබව ශිවා පවසනවා.උදෑසන ශිවා තේබොමින් සිටින තැනට පැමිණෙන සාවිත්‍රි සත්‍යා හට ශිවා සමඟ බනිනවා.තමා කාලයක සිට මේ දේ කීමට සිටි බවත් සත්‍යාගේ හිත රිදෙන්න කිසිවක් නොකියන බව පවසනවා.බාබු ඇයට කතා කල බව සාවිත්‍රි ශිවා හට පවසනවා.සාවිත්‍රි හට ඇමතුම ආ දුරකථන අංකය ශිවා හට දෙන ලෙස ඉල්ලනවා.පසුදින බාබු උදෑසන අවදි වී ත්‍රිවිල් එකට නැග එය පණගැන්වීමට සුදානම් වනවා.එවිට එතැනට පැමිණෙන බාබුගේ තාත්තා කොහේවත් නොයන ලෙස පවසා බැන වදිනවා.ප්‍රශ්ණය කිසිවක් ඉවර නොවන බවත් මුදලාලිගේ හැටි නොදන්නා බවත් බාබුගේ පියා පවසනවා.කඩයේ වැඩට පැමිණෙන ශිවා හට ඔහුගේ යහළුවා තෝසේ දැමීමට පුරුදු වන බව පවසා ශිවා හට වැඩ කරන ලෙස පවසනවා.ඉන්පසු ශිවා තෝසේ සාදනවා.ශිවා හට හමුවූ යහළුවා ශිවාට හොරෙනේ ඔහු වැඩ කරන අයුරු බලා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *