සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.බාබු නිවසට පැමිණෙන බව බාබු අම්මාට කතා කර පවසනවා.ඉන්පසු ඇය සතුටින් බාබුගේ පියා අසලට ගොස් බාබු එන බව පවසනවා.ඉන්පසු ඔහු එය කෑ ගසා නොපවසන බව පවසනවා.මෙය ශිවාගේ පියාටද කිව යුතු බව පවසා ඇය ඉක්මනින් ශිවාගේ නිවසට යනවා.මේ අතර සත්‍යා පුංචි සමඟ කතා කරමින් සිටිනවා.තමා කඩයට යන බවත් ලිප ඇති බත් මුට්ටිය බලන ලෙසත් සත්‍යා හට පවසනවා.

එවිටසත්‍යා හට තමාගේ කුඩා කාලය සිහි වනවා.යෙනුකි හා යහළුවෙක් බාබු ගැන කතා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන ගුරුවරියක් සත්‍යා දින කීපයකින් කැම්පස් ආ නැති බවත් ඇය ගැන සොයන ලෙසත් පවසා තමාට විස්තරයක් කියන ලෙස පවසනවා.බාබුගේ මව මාකස් වෙත පැමිණ බාබු නිවසට එන බව පවසනවා.එය රෙකා අසා සිටිනවා.ජුඩ් හා ජේරාජ් බෝට්ටු විකිණීමට සුදනමින් සිටිනවා.ඉන්පසු ඔවුන් හට රෙකා ඇමතුමක් දී බාබු එන බව පවසනවා.ඉන්පසු ජුඩ් එය ජේරාජ් හටද පවසා සියලු දෙනා බාබුව අල්ලා ගැනීමට පාලම අසලට යනවා.මේ අතර බාබුගේ මව තනිව කතා කරමින් සතුටින් එන අයුරු කැතරින්ගේ මව දකිනවා.ඇය සතුටින් සිටින්නේ ඇයි දැයි ඇග්නස්ගෙන් විමසනවා.පීටර්ගේ උපන්දිනය බව පවසා ඇය එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *