සතියේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ රාත්‍රි 8.30ට විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.රෙහාන් හට ඇමතුමක් ගන්නා අධිකාරි රුක්ෂානා ඔහුට කතා කර බවත් රෙහාන් ඇයට හිර කරගෙන සිටි බවත් කියු බව කියනවා.බන්ඩා හමුවීමට සිකුරා පැමිණෙනවා.ඔහුට ඔවුන් සමඟ සිටීමට සිකුරා ඉල්ලා සිටිනවා.නමුත් බන්ඩා එයට අකමැති වනවා.ඉන්පසු සිකුරා කොට්ටාවේ තැනට පැමිණෙනවා.ඔහු සිටින තැනට මිෂෙල් පැමිණෙනවා.මිෂෙල් හට තමාට ඉන්න තැනක් කෑමට යමක් දෙන ලෙසත් තමාව බලා ගන්නා ලෙසත් සිකුරා පවසනවා.රෙහාන් කල දේවල් පිළිබඳව අධිකාරි හා පවුලේ අය කතා වෙමින් සිටිනවා.

පසුදින උදෑසන අවදිවී තමාගේ සපත්තු රෙහාන් සොයමින් සිටිනවා.ඔහුගේ සපත්තු දෙක සරනි පොලිෂ්කරමින් සිටිනවා දුටු රෙහාන් එය ඇයටනොකරන ලෙස පැවසුවත් සරනි එය වලක්වනවා.ඉන්පසු රෙහාන්ව සුදානම් කරන සරනි ඔහුව පිටත් කර යවනවා.රෙහාන් කාර්යාලයට පැමිණෙනවා.අධිකාරි , උදාරි හා අරවින්දි ඔහුව පිළිගන්නවා.සරිනි තේ සාදමින් සිටිනවා.ඇය අසලට පැමිණෙන රුවිනි ඇය සමඟ කතා කරනවා.ඉන්පසු සිප්පි බබා කියා කෙනෙක් අඳුරනවාද කියා විමසනවා.ඩේමියන් කියා කෙනෙක් ද අඳුරනවාද කියා ඇය විමසුවත් නමුත් ඇයට කිසි දෙයක් මතක නැති බව සරනි පවසනවා.සරනි කියනා දේවල් නිසා ඇයට සරනි ගැන සැකයක් ඇති වනවා.රුවිනි නානායක්කාර හමුවීමට පිටත්ව යනවා.ඇය යාමට සුදනම් වන විට ඇය අසලට පැමිණෙන ඇයගේ අම්මා ඇය යන්නේ කොහේද කියා ඇසුවත් කිසිවකට පිළිතුරු නොදි රුවිනි එතැනින් පිටව යනවා.අධිකාරි හට ඇමතුමක් ගන්නා රුක්ෂානා හට පොලිසියගෙන් කිසිදු උදව්වක් නැති බවත්තමාව හමුවීමට පැමිණෙන ලෙස රුක්ෂානා පවසනවා.නමුත් අධිකාරි එයට අකමැති වනවා.නමුත් එය ගැන හිතා බලන්නම් කියා අධිකාරි දුරකථනය විසන්ධි කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *