හා

සතියේ දින වල රාත්‍රි 8.30ට පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.නානායක්කාර හමුවීමට එන ඩේමියන් නානායක්කාරගෙන් ඔවුන් කරපු දේ ගැන විමසනවා.ඉන්පසු නානායක්කාර ඩේමියන් හට බැන වදිනවා. සරනි නිදාගෙන සිටිනවා රෙහාන් සරනිටද තේ සාදා ඇයට අවදි වන ලෙස පවසනවා.මීට පසු ඇය උදෑසනම අවදි වී තේ හදන බව පවසනවා.ඩේමියන් හා නානායක්කාර අතර ඇති වන කතාබහ දුරදිග යනවා.ඉන්පසු ඩේමියන් නානායක්කාර හට පහර දෙනවා.එතැනට පැමිණෙන නානායක්කාරගේ දියණියන් දෙදෙනා ඩේමියන් හට බැන වදිනවා.ඉන්පසු කෝප වන ඔවුන් ඩේමියන් හට බැන පහර දෙනවා.ආණ්‍යා හා ඇගේ මව පසුදින සරනිගේ විවාහය හා සිදු වූ දේ ගැන කතා කරමින් සිටිනවා.රෙහාන් හා සරනි උදෑසන ආහාර ගනිමින් සිටිනවා.එහිදි එක් වරම නැගි සිටින සරනි රෙහාන් හට ටික වේලාවක් සිටින බවත් පවසා ඇය එතැනින් නැගිට යනවා.ඉන්පසු කාමරයට දිව යන සරනි කුමක් හෝ පාර්සලයක් රැගෙන යලි පැමිණෙනවා.එය රෙහාන් හට දෙන සරනි එහි ඇත්තේ රෙහාන් දුන් මුදල් බවත් මුලින් ඇය රෙහාන්ව විවාහ කරගත්තේ සල්ලි වලට බවත් ඒ මුදල් එතැන ඇති බවත් දැන් ඇය ඔහුව විවාහ කරගත්තේ ආදරය නිසා බවත් සරනි පවසනවා.මේ අතර රුවිනි නිවසට වී කල්පනා කරමින් සිටිනවා.

ඇය අසලට ඇගෙ අම්මා පැමිණෙනවා.පෙර දින තිබු විවාහය ගැන කතා කරමින් සිටිනවා.නමුත් රුවිනි ඇය ගේ කතාවට කිසිවක් නොකියන නිසා රුවිනිගේ අම්මා ඇගෙන් ඇය සිටින්නේ ප්‍රශ්ණයකද කියා විමසනවා.නමුත් රුවිනි ඇයට කිසිවක් නොපවසනවා.සරනි බන්ඩා හට ඇමතුමක් ගන්නවා.තමා සතුටින් සිටින්නේ බන්ඩා නිසා බව පවසා සියලු දෙනාට හට කතා කර ස්තුති කරනවා.සිකුරා නිවසින් පිටව යනවා.ඔහු පසු පස මාටියාගේ යහළුවාද පැමිණෙනවා. ඉන්පසු සිකුරා හට තමන් කුමක් හෝ නැවතීමට තැනක් සොයාගෙන එන බව පවසා එතැනින් ඇය එතැනින් පිටව යනවා.ඩේමියන් රුවිනි හට ඇමතුමක් ගන්නවා.රුවිනි හට ඇත්ත පැවසීමට හැදුවද ඩේමියන් කියනකිසිවක් රුවිනි ඇසීමට සුදානම් නොවන බව ඇය පවසා කිසිදු සම්බන්ධයක් ඔවුන් අතර මීට පෙර කිසිදු සම්බන්ධයක් නැති බව ඇය පවසනවා.රුක්ෂානාද රෙහාන් හට ඇමතුමක් ගෙන මිනිසුන් දමා ඔවුන් හිරකරගෙන සිටි බව පවසනවා.තමා එවැනි දෙයක් නොකල බව රෙහාන් පවසනවා.මෙය රෙක්සිගේ වැඩක්ද කියා රෙහාන් සරනි සමඟ පවසනවා.ඉන්පසු රෙක්සි හට ඇමතුමක් ගන්නා රෙහාන් එවැනි දෙයක් කලාද කියා විමසනවා.නමුත් තමා එවැනි දෙයක් නොකල බව රෙක්සි පවසනවා.රුවිනි නානායක්කාරගේ දියණිය හට කතා කර ඇත්ත කියන ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *