සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ ඉන්ස්පෙක්ටර් විරාජ් රාජසුරියට ඇමතුමක් ලබා ගන්නා අභිමන්,ඔහු කතා කරේ පුජා ගැන විස්තර දැනගන්නට බව අභිමන් පවසද්දී පුජා ගැන තියෙන්නේ නම් එතරම් හොඳ ආරංචියක් නොවන බව විරාජ් කියමින් පුජා ඇය කල දෙයක් නිසා හෝ නැතිනම් වෙන යමක් හින්දා හෝ පුජා සිටින්නේ මානසික කම්පනයකින් බව හම්බන්තොට ඩොක්ටර්ස්ලා ඔවුන්ව දැනුවත් කල බවත් ඇයව හම්බන්තොට සිට කොළඹට රැගෙන එනවිටද ඇය ගොඩක් කලබල කර තිබෙන බවත් විරාජ් පවසද්දී එය අසා පුදුම වෙමින් එසේ එකපාරටම මානසික කම්පනයකට ලක් වෙන්නට පුළුවන්ද කියා අභිමන් විමසද්දී ඒ ගැන ඔවුන්ටද ප්‍රශ්නයක් තිබෙන බවත් නමුත් ඔවුන් කරන්නට ඕන දේවල් මුලින් කර බලමු කියාත් විරාජ් පවසා සිටිනවා. ඉන්පසු අභිමන් අමායා ළඟට ගොස් පුජා දැන් සිටින තත්ත්වය ගැනත් ඇගේ අලුත්ම ත්ත්ත්වය ගැනත් අභිමන් ඇය සමඟින් විස්තර කියනවා.

මේ වේලාවේ පුජා ගැන නඩු තීන්දුව ලබා ගැනීම සඳහා සියළුාදෙනා උසාවියට පැමිණෙනවා. ඉතිං ඒ වේලාවේ නඩු තීන්දුවේ තීරණය වුයේ පුජාව බන්ධනාගාරය මඟින් රජයේ මානසික වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කර ඉන්පසු ඒ පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් එ වන තෙක් පුජාව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නටද උසාවියේ නාඩුකාරවරයා තීන්දු කරමින් යළිත් නඩුව කැඳවීමට දිනයක්ද ලබා දෙනු ලබනවා.එම තීරණය අසා ජනනාද කම්පාවට පත් වී නඩුව අවසානයේ ඔහු විරාජ්ව හමුවන්නට පැමිණි පුජාට මොකද්ද වෙන්නේ කියා වේදනාවෙන් යුතුව විමසනවා. ඉන්පසු ඔවුන් පුජාව වෛද්‍යවරයා වෙත රැගෙන යන බව පවසද්දී ඔහුට පුජා සමඟින් ඩොක්ටර්ව හමුවන්නට යන්න එන්නට පුළුවන්ද කියා විමසනවා. ඉන්පසු ඔවුන්ට ඊට නීතියෙන් ඉඩ දිය නොැහකි බවත් ඇය දැන් සිටින්නේ පොලිසිය සහ බන්ධනාගාර භාරයේ බවත් ජනනාදට පැහැදිලි කර දෙන්නට උත්සහා ගන්නවා.

මේ වේලාවේ අමායාගේ තාත්තා අභිමන් සහ අමායා සමඟින් පුජා ගැන කතා කරමින් සිටින අතරේ අභිමන් පුජා සමඟින් විවාහ වෙන්නට සිටියද එවැනි මිනිමරු ගැනියෙක් කිසිසෙත්ම ඔහුට විවාහ වෙන්නට ගැලපෙන්නේ නැති බව අමායාගේ තාත්තා පවසද්දී ඔහුගේ කතාව නතර කිරීමට අවශ්‍ය වන අමායා ඒ කතාව අතර එමින් අභිමන් ඔහුට බදින්නට ගැලපෙන කෙනාව සොයා ගනිවි කියාත් පවස්දදී එය ඇත්ත වුවත් අභිමන්ට කොහොමත් පුජාව අත්හරින්නට වෙන බව ඔහු පවසද්දී ඔහුගේ කතාව අසා එපා වී සිටි අභිමන් ඔවුන් වෙන දෙයක් ගැන කතා කරමුද කියාත් ඔහු එය කතා කරන්නට අකමැති මතෘකාවක් බවත් පවසද්දී පුජා අමායාට වෙඩි තිබු බවත් ඊට කලින් ඔහු සහ අමායා අතරේ සම්බන්ධ්‍යක් තිබෙනවා කියා සිතා අමායාට තර්ජනය කර බවත් පවසද්දී අමායා යළිත් ඔහුගේ කතාවට බධා කරමින් ඔහු කියන්නට යන්නේ මොනවා ගැනද කියා අසද්දී ඔවුන්ගේ යළුකාමට එහා වෙන දෙයක් ගැන කිසිදින හිතන්නට එපා කියාත් මන්ද ඔහුට අමායාව වටින බවත් අමායාගේ තාත්තා ඔවුන් ඉදිරියේ පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *