සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ නිදහසේ කතා කරන්නට අභිමන් සහ අමායා පැමිණෙනවා.ඉන්පසු ආ ගිය තොරතුරු ගැන කතා කරමින් සිටින අතරේදී ඇයට ඔහුගෙන් යමක් අහන්නට තිබෙන බවත් එය ඇහුවේ නැතිනම් ඇගේ හිතට හරි නැති බවත් අමායා පවසමින් ඔහු කුරුළුව එදින හම්බ වුයේ ඇයිද කියා අභිමන්ගෙන් විමසනවා.ඉන්පසු ඇය එය ඇසීමෙන් පසු අමුතුවට සිනාසෙන අභිමන් ඇය එසෙ ඔහුගෙන් ඇසුවේ ඇයිද කියා ඔහු නොදන්නා බවත් නමුත් කුරුළු සහ ඔහු අතරේ එවැනි බැදීමක් නැති බවත් එ වගේම එවැනි සම්බන්ධයක් ඇති වෙන්නේ නැති බවත් අභිමන් පවසා සිටිනවා.එයට හේතුව වන්නේ ඔහුට එසේ යළිත් ආදරය කරන්න හෝ සම්බන්ධයක් පවත්වන්නට වුවමනාවක් නැති බවත් ඔහු පවසනවා.ඒ අවස්ථාවේ ඇය අහන දේ වැරදියට හිතන්නට එපා කියාත් එසේ නම් ඔවුන් අතරේ සම්බන්ධයක් නැති නම් ඔහු ඇයව මෙවැනි තැනක හමුවුයේ ඇයිද කියා අමායා යළි අසද්දී සම්බන්ධය නැතිවුනද ඔවුන් අතරේ හිතවත්කමක් තිබෙන බවත් ඔහු සිතන්නේ පුජා සහ කුරුළු කියන්නේ ඔුහගේ යාළුවන් කියා බවත් නමුත් ඔවුන්ගේ හිතේ ඔහු ගැන කුමක අදහසක් තිබෙනවාද කියා ඔහු නොදන්නා බවත් අභිමන් පවසා සිටිනවා.

මේ වේලාවේ පුජාව හමුවී තිබෙන බව දැනගත් ජනනාද පොලිසිය සමඟින් ඇය සිටින රෝහල වෙත යන අතරේ ලොයිඩ්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පුජා සිටින බවත් ඇය හම්බන්තොට රෝහලේ මේ වෙද්දී සිටිනා බවත් ඔහු පොලිසිය සමඟින් එහෙට යන ගමන් බවත් ජනනාද කලබලයෙන් මෙන් පවසද්දී පුජා රොහලේ සිටින බව දැනගත් ලොයිඩ් ඒ කියන්නේ ඇයට කරදරයක්ද කියා ජනනාදගෙන් විමසද්දී ඔහු එසේ පුජාට තරදරයක් කියා සිතන්නේ නැති බව පවසනවාත් සමඟම ඔහුත් පුජාව බලන්නට යන්න එන්නද කියා ලොයිඩ් විමසද්දී ඔහුට තරදර වෙන්නට එපා කියාත් මේ වේලාවේ ඔහු පොලිසිය සමඟින් යන බවත් පවසද්දී එසේ නම් ඔහුට කිසිදේකට කලබල නොවී වැඩ ටික කරගන්න කියා ලොයිඩ් පවසමින් ඕනෑම අවස්ථාවක ඔහුට කතා කරන්න කියා ලොයිඩ් ජනනාදගෙන් ඉල්ලා සිටිනවා. මේ වේලාවේ ඔවුන්ගේ කතාව අයිනකට වී අසාගෙන සිටින වාසනා ඒ ගැන ලොයිඩ්ගෙන් අසද්දී පුජාව පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් ඇය ඉඳ ඇත්තේ මුහුද මැද්දේ බොට්ටුවක බවත් ලොයිඩ් කියමින් එසේ සොයාගන්නා විට පුජා සිට ඇත්තේ බොට්ටුවෙ සිහි නැතිව බවත් ලොයිඩ් ඇය සමඟින් පවසනවා. ඉතිං ඉන්පසු නිවසට පැමිණෙන අභිමන්ට ඔවුන් කතා කරන දේ ඇසි ඒ ගැන අසද්දී ලොයිඩ් පුජාගේ විස්තරය ගැන අභිමන් සමඟින් පවසා සිටිනවා.

ඔය අතරේ පුජා හමුවී ඇති පුවත කියන්නට ඉන්ස්පෙක්ටර් විරාජ් කුරුළුගේ නිවසට පැමිණි අවස්ථාවේ කුරුළු සිටිනා බව දැනගත් රෙෂ්මා , පුජා මේපාරත් සිතාගෙන ඉන්නට ඇත්තේ පැනලා ගිහින් බේරෙන්නට බවත් නමුත් දැන් ඇගේ සෙල්ලම් ඉවර බවත් රෙෂ්මා පවසද්දී පුජා ගැන ඇයට තිබෙන්නේ පුදුම කෙන්තියක් බවත් ඒ කෙන්තියට පුජාට ගොස් ගහන්නට සිතෙන බවත් කුරුළු පවසද්දී දැන් ඒ දේවල් ගැන සිතා වැඩක් නැති බවත් නීතිය තිබෙන්නේ එවැනි අයට දඬුවම් දෙන්න බවත් විරාජ් පැහැදිලි කර දෙද්දී ඔහු කියන දේ ඇත්ත බවත් ඔවුන් නීතිය අතට ගෙන හරියන්නේ නැති බවත් සුභද්‍රා කියමින් පුජාට සිහිය නැති වෙන්න තරම් මොකද්ද වෙලා තිබෙන්නේ කියා ඇය අසා සිටිනවා.ඉන්පසු ඔවුනුත් ඒ ගැන හරිහැටි තවම නොදන්නා බවත් හෙට වෙද්දී ඒ ගැන ඔවුන්ට දැනගන්නට හැකිවෙයි කියාත් විරාජ් පවසා සිටිනවා.

මේ වේලාවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුජාට සිහින ඇවිත් ඇය ඇයට සවිකර තිබුණු සෙලයින් බටද ගලවමින් ඇය සිටින්නේ කොහේද කියා සිතාගත නොහැකිව පිස්සුවෙන් වගේ ඇඳෙන් බිමට බැස දොරද මහ රැ ඇරගෙන යද්දී තැනින් තැන පුටු වල නිදා සිටින පොලිස් නිළධාරින් දෙස බලමින් යන අතරේ ඇය ඇගේ තාත්තා වන ජනනාදවද දැක ඔහු දෙස බලමින් ඔහුට කතා නොකරම වෙනත් පොලිස් නිළධාරියෙක් ළඟට ගොස් ඔහුගේ මුහුණට ලංවෙමින් ඔහු කවුරුන්ද කියා හඳුනා ගන්නට උත්සහා කරද්දී පුජා කෑගසනවාත් සමඟම ඇගේ කෑගැසීම ඇසී එම නිළදාරියා ගැස්සි කෑගසා නැටිද්දී අනිත් පිරිසද බය වී ඇහරෙනවා. මේ වේලාවේ පුජාව දකින ජනනාද ඇය ළඟට පැමිණි දුවේ කියා කතා කලද පුජා ජනනාදව අඳුර ගත්තේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *