සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ සුභද්‍රාගෙ නිවසට ඔවුන්ව හමුවන්නට පැමි‍ණෙන අභිමන් ඔවුන්ගේ සැපදුක ගැන විමසමින් පුජාගෙ තොරතුරු ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු අභිමන් එසේ කතා කර යන්නට සූදානම් වනවාත් සමඟම සුභද්‍රා අභිමන්ට කතා කරමින් ඇයට ඔහු සමඟින් කතා කරන්නට පුළුවන්ද කියා අසමින් ඒ ගැන ඇයට එතැන කතා කල නොහැකි බවත් එළියට ගොස් කතා කරමු කියාත් පවසනවා. ඉන්පසු ඇයට අහන්න තිබෙන දේ කෙලින්ම අසනන්ම් කියමින් දැන් ඔහු කුරුළුව හිතින් අයින් කරලාද ඉන්නේ කියා විමසනවා.ඒ අවස්ථාවේ ඔහු කරුළුට ආදරය කල බවත් නමුත් විවාහ වෙන්නට දින කිහිපයක් තිබියදී ඇය ඔහුව ප්‍රතික්ෂේප කල බවත් ඒ අවස්ථාවේ ඔහු ගොඩක් අසරණ වුන බවත් පවසද්දී එය ඇයට තේරෙන බවත් කුරුළු වෙනුවෙන් ඇය සමාව ඉල්ලා සිටින බවත් පවසද්දී මේ වෙද්දී ඔහුගේ හිතේ කුරුළු ගැන තිබෙන ආදරය තිබෙන්නේ ගොඩක් දුරක බවත් ඒ නිසා ඔහුට එ ගැන හිතන්නට අවශ්‍ය බවත් කියමින් ඔහු නිවසින් පිට වෙනවා.

මේ වේලාවේ ඉන්ස්පෙක්ටර් මංජුට ඇමතුමක් ලබාදෙන ඉන්ස්පෙක්ටර් අජිත් ඉතා සතුටින් යුතුව ඔවුන්ට පුජාව සොයා ගැනීමට හැකි වු පුවත පවසා සිටිනවා. ඉන්පසු බඑය අසා සතුටු වන මංජු ඇගේ පින්තුරයක් ඉක්මනින්ම දුරකථනය එවන්න කියා පවසනවා. ඉන්පසු එම පින්තුරය දැක ඔහු එ සිටින්නේ ඔවුන් සොයන කෙනා බවත් ඇය සිටියේ කොහේද කියාත් ඔහුගෙන් විමසද්දී ඇය බොට්ටුවක මහ මුහුද මැද්දේ සිට හමු වී ඇති බවත් එදින උදෑසන ඇයව හමු වී තිබෙන බවත් අජිත් පවසනවා. ඉතිං ඉන්පසු මංජු මේ සුබ ආරංචිය ගැන ඉන්ස්පෙක්ටර් රාජේෂ්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසමින් මේ වෙද්දී පුජා අසනීප තත්තවයෙන් සිටින නිසා ඇය මේ වේලාවේ ගෙන්වා ගැනීමට නොහැකි බවත් ඇය සිටින්නේ රෝහල ගත කර බවත් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *