සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ පුජාව සෙයා පැමිණි පොලිස් කාණ්ඩායම දැක බියට පත් වෙන පුජා ඔවුන්ව මඟ හිරමින් කෑලය මැදින් දිව යන අවස්ථාවේ පොලිසියද ඇයව පන්නමින් ඇය පසු පසින්ම පැමිණෙනවා. මේ වේලාවේ එසේ ඇය පසු පසින්ම පැමිණන පොලිසියට ඇයව යම් තැනකදී මඟ හැරනෙවා.ඉන්පසු පුජා මුහුදේ නතර කර තිබු බෝට්ටුවකට  නැග තනිව මහ මුහුද මැද තනි වනවා. ඒ වේලාවේ පුජාට බෝට්ටුව යන මඟ වෙනස් කර ගත නොහැකිව එය නවතා ගන්නට උත්සහා කලද එය එතරම් පහසු වුයේ නැහැ. බැරිම තැන ඇය කගෙන් හෝ උදව් ඉල්ලමින් කෑගැසුවද ඇයව බේරා ගන්නට කිසිවෙක් පැමිණියේ නැහැ. මේ විදියට පුජා එදින කාගෙන්වත් උදව් නැතිව තනිව මහ මුහුද මැද්දේ හඬමින් යනවා. ටික වේලාවක් ගත වෙද්දී ඇයට එහි කෑමක් බිමක් නැතිව ඉන්නට අමාරු වී බොට්ටුවේ ඇතුළත බඩු ආදිය පෙරලිමින් කන්නට දෙයක් සහ බීමට වතුර සෙව්වද ඇය ඒ කිසිවක් හමුවන්නේ නැහැ.

ඔය අතරේ ඉන්ස්පෙක්ටර් මංජුට පුජා ගැන තොරතුරක් තිබෙනවාද කියා දැගන්නට කතා කරන අභිමන්, ඔහු මෙලෙස කතා කරේ පුජා ගැන මොනවා හෝ තොරතුරක් තිබෙනවාද කියා දැනගන්න කියාත් පවසද්දී ඔවුන්ට මේ වෙද්දී තොරතුරු කිහිපයක් ලැබී තිබෙන බවත් ඔහුන් ඒ තොරතුරු ඔස්සේ පරීක්ෂණ කරගෙන යන බවත් ඉන්ස්පෙක්ටර් පවසද්දී පුජා ඉන්නේ එතකොට කොහේද කියා අභිමන් අසද්දී ඔවුන්ට ලැබී ඇති තොරතුරු පිටට දීමට නොහැකි බවත් කෙසේ වෙතත් පුජා සිටින්නේ මේ ළඟ පතක නොවන බවත් දුර ඈතක බවත් ඔවුන් ඒ නිසා ඒ පැත්තේ පුජාව සොයන බවත් ඔහු පවසනවා. ඉන්පසු එතැනට පැමිණෙන ලොයිඩ්, පුජා ගැන තොරතුරක් තිබෙනවාද කියා අභිමන්ගෙන් විමසද්දී ඇය කොහේද මන්දා ඈත පළාතක සිටින බවට පොලිසියට ආරංචි වි තිබෙන බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *