සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ අවස්තාවේ යන එනමන් නැති වුන අනුලා මලින්දට වු පොරොන්දුව අනුව යළිත් පුජාගේ නිවසට පැමිණෙනවා. මෙලෙස ඇය පැමිණියේ පුජා මලින්දව මැරු බවට වන සාක්ෂි සොයාගෙන ඒවා මලින්ද හට රැගෙන යන්නටයි. මේ වේලාවේ ඇය පුජාගේ නිවසට පැමිණෙද්දී ජනනාද ඇයව දැක යළිත් ඇය මෙලෙස පැමිණියේ ලැජ්ජාවක් නැතිවද කියා අසද්දී අනුලා රඟපාමින් බොහෝම බැගෑපත්ව ඇයට සමාව දෙන ලෙසත් ඇයට ඉන්නට තැනක් සොයාගත්තද එතැන ඉඩ ලැබෙන්නේ දින දෙකකින් බවත්එහෙයින් ඇයට දින දෙකකට පමණක් ඔහුගේ නිවසේ ඉන්නට ඉඩ ලබා දෙන ලෙසත් අනුලා ඉල්ලා සිටිද්දී පුජා දන්නවා නම් දවස් දෙකක් නොව එක තත්ත්පරයක්වත් ඇයට ඉන්නට ඉඩ නොදෙන බවත් එහෙයින් ගෙදරින් යන ලෙසත් ඔහු පවසද්දී එතැනට පැමිණෙන මෙත්මා අනුලා දින දෙකකට පමණක් එසේ ඉන්නට ඉඩ දෙන්න කියාත් ඇයට ඉන්නට ඉඩ දෙන්න කියාත් ජනනාද සමඟින් පවසනවා.ඉතිං ඉන්පසු මෙත්මාගේ දැඩි ඉල්ලිම මත ජනනාද අනුලාට ඉන්නට ඉඩ ලබාදෙනවා.

ඉන්පසු පුජා නිවසේ නැති වේලාවේ ඇගේ කාමරයට කාටත් හොරා රිංගා ගන්නා අනුලා, ඇගේ බඩු ආදියද පෙරළමින් පුජා ළඟ තිබු චිප් එකක් සොයා ගන්නට උත්මහා කරනවා.ඉන්පසු බැරිම තැන අල්මාරියේ ඇති අඳුම් ආදියද බිම ඇඳ දමමින් ඇය එය සොයන අවස්තාවේ එකපාරටම පුජාගේ ඇදුම් මත සඟවා තිබු පිස්තෝලයක් බිමට වැටෙනවාත් සමඟම එය දැක අනුලා බියට පත් වී එය අතට ගන්නවාත් සමඟම පුජාද උඩ තට්ටුවට පැමිණෙනවා ඇසුන අනුලා කලබල වී එය යළිත් අල්මාරියට විසි කරමින් කාමරයේ සැඟ වෙනවා.ඉතිං ඉන්පසු පුජා කාමරයේ සිට යළිත් පහළට එනවාත් සමඟම අනුලා එළියට වී සිටගෙන සිටනවා දැක ඇයට කෑගසමින් ඇයට ලැජ්ජාවක් නැතිද කියා විමසමින් නිවසින් එළියට බහින්න කියා පවසද්දී අනුලා ඇය ළඟ යළි වතාවක් වැඳවැටෙමින් සමාව ඉල්ලමින් හඬා වැටෙනවා. ඒ අවස්ථාවේ ජනනාද පැමිණ පුජාව නවතමින් ඇයට දවස් දෙකකට පමණක් මෙලෙස ඔවුන් සමඟින් ඉන්නට ඉඩ දෙමු කියාත් ඉන්පසු ඇයට යන්න කියමු කියාත් පැවසුවද පුජා ඔහුගේ ඒ තීරණයට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. ඉතිං පසුදින උදෑසනද අනුලා පුජා ඔෆිස් ගිය පසු කාටත් හොරෙන් ඇගේ කාමරයට ඇතුළු වී මලින්දව මරා දමන විඩියෝව තිබෙන චිප් එක සොයා ගන්නවා ඒලෙස ඇය එය සොයාගෙන ඇයට පුජා කල දේට පුජාගෙන් පලිගන්නා බවත් තනිව සිතින් සිතමින් එම චිප් එක ඇය මලින්ද වෙත ගෙන යාමට සූදානම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *