සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.අගස්තිව මුණගැසෙන්නට පැමිණෙන තේමිය,මේ පාර රයිසින් ස්ටාර්ස් තරඟ වටයට ලොකු කැමැත්තක් ප්‍රෙක්ෂකයන්ගෙන් තිබෙන බවත් ඔවුන්ට හැන්ඩ්ල් කර ගන්නට බැරි තරම් ඒස්එම්එස් ප්‍රම්ණයක් ලැබී තිබුන බව ටෙලිකොම් පාට්නර් ඔහු සමඟින් කියු බවත් තේමිය පවසමින් තරඟය අවසන් වී බොහෝදෙනා කතා කළේද අගස්තිගේ සහ ඊෂාගේ ගීතය ගැන බවත් තේමිය පවසා සිටිනවා. ඉන්පසු මඩ පොස්ට් එක නිසයි ඊසාට එස්එම්එස් ලැබෙන එක අඩු වුයේ කියා අගස්ති පවසද්දී එසේ වුවා නම් ඊෂාට තරඟයෙන් ඉවත් වන්නට සිදුවන බවත් ඔහු කල දේට ස්තුතියි කියාත් තේමිය පවසමින් ඔහු කිසිදින අගස්තිම ඔහුගෙන් එසේ ඉල්ලීමක් කර ඊෂා සමඟින් ගීතයක් ස්ටේජ්එකේ ගායනා කරයි කියා ඔහු සිතුවේ නැති බවත් තේමිය පවසා සිටිනවා. ඉන්පසු ඔහුට ඊෂා ගැන අනුකම්පාවක් ඇති වුන බවත් ඇයට මඩ ගහන එක පිටුපස ඉන්නේ කවුරුන්ද කියා ඔහු දන්නා බවත් අගස්ති පවසනවා.

මේ වේලාවේ ඊෂා කොෆි ෂොප් එකට පැමිණි තනිව සිටිද්දී අහම්බයෙන් මෙන් එතැනට පැමිණෙන තේමිය ඇයව දැක කතා කරමින් ඇය මොනවාද එතැන තනිව කරන්නේ කියාත් විමසමින් ඇගේ වැඩකටයුතු කොහොමද කියා ඇගේන් අසනවා.ඉන්පසු ඉස්සරහටත් දිගටම කැම්පෙන් එක කරගෙන යන්න කියාත් මන්ද ඇය මේ තරඟයේ දිගටම සිටිය යුතු බවත් තේමිය කියමින් ඇය එදින එස්එම්එස් රවුන්ඩ් එකේ අන්තිම තැන සිටියේ කියාත් අගස්ති ඇය සමඟින් සින්දුව කිවායින් පසුව තමයි ඇයට එස්එම්එස් ලැබෙන්නට පටන් ගත්තේ තියාත් තේමිය පවසමින් ඔහුට ඇයට යමක් කියන්නට තිබෙන බවත් එ ගැන ඇයට කියනවා ද නැද්ද කියා ඔහු කල්පනා කරන්නේ කියාත් කියමින් නමුත් එය ඇය දැනගත යුතු දෙයක් බව තේමිය පවසනවා. ඒ වේලාවේ ඊෂාගේ සමාජ මාධ්‍ය තුළ ගිය මඩ පෝස්ට් එක අගස්ති දැක හොඳටම අවුල් වුන බවත් අගස්තිම තමයි ස්ටෙජ් එකේ ඇය සමඟින් සින්දුවක් කියන්නට ඔහුට යෝජනා කලේ කියාත් තේමිය පවසද්දී එය අසා ඊෂා පුදුම වෙමින් ඔහු කියන්නේ ඇත්තමද කියා තේමියගෙන් විමසද්දී එය ඇත්ත බවත් නමුත් ඒ ගැන ඇය කටවත් කියන්නට යන්න එපා කියාත් තේමිය ඉල්ලා සිටිනවා.

අගස්තිව හමුවිමෙන් පසුව ඒ ගැන කියන්නට සමාධිට දුරකථන ඇමතුමක් ලබාදෙන නිලු, ඇයට අගස්තිව මුණගැසුණ බවත් එ අවස්ථාවේ ඇය ඔහුට තාත්තාගේ සහ දුවගේ ගීතය ලස්සනයි කියා පැවසු බවද එය අසා අගස්ති ටිකක් අවුල් වු බවත් ඊෂා තරඟයෙන් අයින් වුනොත් එය අපරාධයක් නිසා ඔහු එලෙස ඇය සමඟින් ගීතය ගායනා කලේ බවත් එ ඇරනේනට ඔහුගේ හිතේ වෙන කිසිදෙයක් නැති බවත් ඔහු පැවසු බවත් නිලු සමාධිට පවසනවා.එත් සමඟම ඔවුන් අගස්තිට කෙසේ මෙය පැහැදිලි කර දී ඇත්ත කියන්නට උත්සහා කලද අගස්ති එය පිළිගන්නට කැමති වන්නේ නැති බව නිලු පවසනවා. ඉන්පසු අගස්තිට කවදා හෝ එය පිළිගන්නට වෙන බවත් නමුත් ඇය කිසිදින ඒ ගැන කිය කිය ඔහු පසු පස යන්නේ නැති බවත් සමාධි පවසා සිටිනවා.

මේ වේලාවේ විශාල් රයිසින් ස්ටාර්ස් තරඟාවලියෙන් ඊළඟ වටය සඳහා යන්නට තේරීපත් වු සතුටට විශාල්ගේ දෙමාවුපියන් විසින් සාදයක් පවත්වනවා. ඒ අතරේදී විශාල් එළියට පැමිණ ඊෂාට ඇමතුමක් ලබා දෙමින් තවම පාටිය තිබෙන බවත් ඇයව මතක් වී එළියට ආ බවත් විශාල් පවසනවා.ඉන්පසු ඊෂා සිනාසෙමින් අචිනි එහෙම එළියට ආවහොත් ඔහුට බැනුම් අහන්නට වෙයි කියාත් ඒ නිසා ඇතුළට යන්න කියාත් ඊසා පවසද්දී අචිනි ගැන කතා කරන්නට එපා කියා විශාල් පවසනවාත් සමඟම නොසිතු වේලාවක එතැනට කඩා පනින් අචිනි විශාල්ගේ දුරකථනය උදුරා ගනිමින් අනුන්ගේ කොල්ලෝ එක්ක කතා කරන්නේ ලැජ්ජ නැද්ද කියාත් ඔච්චර උවමනවාක් තිබෙනවා නම් වෙන කොල්ලකුව අල්ලා ගන්න කියාත් අචිනි කෑසමින් පවසද්දී විශාල්ට කිසිවක් කරකියා ගත නොහැකිව ඇගේ දුරකථනය උඳුරා ගන්නට උත්සහා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *