සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ උදෑසන තේ එකද රැගෙන අගස්ති ළඟට පැමිණෙන වින්ඩි ඔහු සමඟින් කිසිවක් කතා නොකරම තේ එක අතට ලබා දෙද්දී ඇය මොකද කතා නොක ඉන්නේ කියා අගස්ති අසද්දී වින්ඩි එකසැරේටම කෑගසමින් ඔහු ඇයට මෙලෙස කරන්නේ ඇයිද කියා වින්ඩි විමසමින් ඔහු මොකද ඊෂා සමඟින් ස්ටේජ් එකේ එකට සින්දු කිවේ කියා යළි යළිත් ඇය අගස්තිගෙන් විමසනවා. එත් සමඟම ඔහු ඒ කරපු දේ නිසා ඊෂා අද වෙද්දී හිට් වෙලා කියාත් ඇය කිසිදින ඔහු මෙවැනි දෙයක් කරයි කියා සිතුවේ නැති බවත් වින්ඩි පවසනවා.ඒ අවස්ථාවේ තරඟය ඒ වේලාවේ ලයිව් යන එකක් බවත් එලෙස තිබියදී ඔහු කෙසේද එය ප්‍රතික්ෂේප කරන්නේ කියාත් වින්ඩිගෙන් අසද්දී ඔහුට තමයි ඇය වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි කියාත් ඒ විදියටම එසේ නම් කරගෙන ඉන්න කියාත් කියමින් වින්ඩි එතැනින් යනන්ට යනවා.

විශාල් සහ ඊෂා අතරේ තිබෙන ප්‍රශ්නය දැනගත් රෙහානා, ඊසාව හමුවන්නට පැමිණ විශාල්ට ඇය සමඟන් කතා කරන්නට අවශ්‍ය බව කියු බවත් අනිවරායෙන්ම ඒ නිසා ඇය සමඟින් විශාල්ව හමුවන්නට යන්න එන ලෙසත් ඉල්ලා සිටිනවා. ඉන්පසු ඊෂාව විශාල් සිටින තැනට රැගෙන යන රෙහානා ඔවුන් දෙදෙනාට කතා කරන්නට ඉඩ දී එතැනින් යන්නට යනවා. ඉතිං ඉන්පසු දෙන්නා ලැජ්ජාවෙන් මෙන් දෙපැත්තේ සිටගෙන ඉද්දී විශාල් ඊෂාගෙන් ඇයට කොහොමද කියා අසමින් පසුදින අගස්ති සහ අරැය ගායනා කල ගීතය ගොඩක් ලස්සන බවත් පවසද්දී ගෙදර තත්ත්වය කොහොමද කියා ඊෂා විශාල්ගෙන් අසනවා. ඒ වේලාවේ ගෙදර ප්‍රශ්න ගොඩක් බවත් නමුත් ඔවුන්ට ඔහුගේ ජිවිතෙ ගැන තීරණ ගන්නට ඉඩ දෙන්නට බැරි බවත් විශාල් පවසනවා. ඉන්පසු ඔහුගෙන් වැරැද්දක් වුණා නම් සමාවෙන්න කියාත් ඔහු ඉකමනින්ම මේ ප්‍රශ්නය විසඳා දෙන්නට පොරොන්දු වන බවත් ඊෂාට පවසා සිටිනවා.

මේ වේලාවේ ඊෂා විශාල් එනතෙක් කොෆි ෂොප් එකට වී සිටින අතරේ අහම්බයෙන් මෙන් එතැනට පැමිණෙන අගස්ති ඇයව දැක ඇය ළඟට පැමිණ ඇගේ සැපදුක් විමසමින් ඊයේ සිට ඔහුට සෑහෙන්න දුරකථන ඇමතුම් එන බව අගස්ති පවසද්දී ඒ ඇයිද කියා ඊෂා අසනවා.ඉන්පසු අගස්ති සිනාසෙමින් ඔහුට බැනපු කෙනාත් සමගලින් ස්ටේජ් එකේ සින්දුවක් කිවේ ඇයිද කියා අසනා බව ඔහු පවසද්දී ඊෂා ලැජ්ජාවෙන් මෙන් බිම බලමින් ඇයත් ඒ ගැන අශාන් කියන තෙක් දැන නොසිටි බව ඊෂා පවසනවා. ඉන්පසු කෙසේ වුවත් කමක් නැ ඇය ඉස්සරහාට ගියානේ කියමින් ඊළඟ සැරේ එස්එම්එස් වැඩි කරගන්න කියා අගස්ති පවසමින් ෆෙස්බුක් පෝස්ට් වගේ දෙවල් යළිත් වැටෙන්නට ඉඩ දෙන්න එපාත් කියමින් ඔහු යන්නට හදනවාත් සමඟම යළිත් ඊෂා ළඟට පැමිණ එදින කියු සින්දුවේ ලයින් එකක ලෝ වැඩි බවත් තව ටිකක් උඩින් සින්ග් කරන්න කියත් අගස්ති කියමින් එතැනින් යන්නට යනවා.

අගස්තිව හමුවී යළිත් නිවසට පැමිණි ඊෂා සමාධි ළඟට පැමිණ ඇයට එදින අගස්තිව මුණගැසුන බව පවසද්දී ඔහු ඇැයව දක්කේ නැතිද කියා සමාධි අසනවා. ඒ අවස්ථාවේ ඔහු ළඟටම පැමිණ ඇය සමඟින් කතා කල බවත් ඔහු එලෙස පැමිණි කාලෙකින් හොඳ ඩුවට් එකක් කර බව ඇය කියු බවත් පවසද්දී සමාධිත් ඊට ඕව් කියමින් එක හොඳ ඩුවට් එකක් තමයි කියාත් තාත්තායි දුවයි සින්ග් කරද්දී එය නරක වෙන්න බැ නේ කියාත් ඇය පවසනවා. ඒ වේලාවේ ඩුවට් එක හොඳයි තමයි කියාත් නමුත් අගස්තිට කිසිදින ඇගේ තාත්තා වෙන්නට බැරි බවත් ඊෂා පවසමින් ඔහු දැන් මොන දේ කලත් සමාධිට කල දේට ඔහුට කිසිදින සමාව දෙන්න බැරි බව ඇය පවසමින් ඊෂා එැතනින් යන්නට යනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *