සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ලිහිණි ඉන්නේ කොහේද කියා දැනගන්නා තුරු නිවසින් යන්නේ නැහැ කියා තීරණයේ සිටින රදීෂ් ඔහුගේ යහළුවන් සමගින්ද ඔහුට ලිහිණි ගැන කුමක් හෝ තොරතුරක් ලැබෙන තෙක් ඔහු ලිහිණිගේ නිවසින් යන්නට සූදානම් නැති බව පවසනවා.ඉතිං ඉන්පසු ලිහිනිගේ අම්මා නිවස ඇතුළේ සිට ඔවුන් කියා දේවල් අසාගෙන සිට රදීෂ් ළඟට පැමිණ ඔවුන්ට ඉවසීමක් කියා එකක් තිබෙන බවත් ලිහිණි ඉන්න තැනක් ඇය දන්නේ නැති බවත් ඇය ඉන්නා තැනක් ගැන දන්නේ නැති බවත් ලිහිණිගේ අම්මා සැරෙන් මෙන් රදීෂ්ට පවසද්දී ඇය කියන්නේ බොරු බවත් තමන්ගේ ගැහැණු දරුවා ඉන්න තැන ගැන දන්නේ නැති අම්මාලා ඉන්නට බැරි බවත් රදීෂ් පවසනවා.ඔය අතරේ ඔහු යළිත් නිවසට පැමිණෙන්නට කලින් නිවසින් යන ලෙස දැනුම් දි ගිය ලොකු අප්පා බීමතින් නිවසට පැමිණ තවමත් ඔවුන් ගියේ නැතිද අසද්දී ලිහිණි ඉන්නේ කොහේද කියා ඔවුන් දැනගන්නා තුරු නිවසින් යන්නේ නැති බව රදීෂ් යළිත් බය නැතිව ලොකු අප්පට කියද්දී ලොකු අප්පා නිවස ඇතුළට ගොස් මන්නද රැගෙන විත් ඔවුන්ට පහර දෙන්නට හදද්දී රදීෂ් ඇතුළු පිරිස එතැනින් ඉක්මනින් පිටව යනවා.

මේ වේලාවේ අවන්තව එළියේදී හමුවන්නට පැමිණෙන ඩිලාන්, ඔහුට එදින හවස ආනන්ද කොල් කල බවත් නමුත් ඔහුට ආනන්ද සමඟින් කතා කරන්නට වුනේ නැති බවත් අලුතෙන්ම මේ ඇති වුණ ප්‍රශ්නය කුමක්ද කියාත් ඩිලාන් විමසනවා. ඉන්පසු ඒවා ඔහු හදාගත් ප්‍රශ්න නොවන බව අවන්ත පවසද්දී ඒවා ගැන ඔහු දන්නේ නැති බවත් පහුගිය දවස් වල අමීෂාද ආනන්දගේ ගෙදරට ගිය බවත් ඔහුත් ආනන්දව හමුවෙන්නට ගිය බවත් ආනන්ද ඒ අවස්ථාවේත් ඔහුට හොඳටම දොස් කිව බවත් පවසද්දී ඔහු කාගෙන්වත් දොස් අහන්නට ඕනේ නැති බවත් එසේ වුවහොත් ඔහුද හොඳ දෙකක් කියා එන්න කියාත් අවන්ති පවසද්දී එසේ ප්‍රශ්නයකදී කලබල වෙලා හරියන්නේ නැති බවත් කවදාහරි ඔහු ඇත්තටම මැරි කරන්නේ දෙව්මිවද කියා ඩිලාන් අසද්දී අවන්ත සිනාසෙමින් ඔහුත් මාර කතා අහන බවත් මැරි කරන්නේ නැති නම් මෙතරම් කට්ට කන්නේ කුමකටද කියා අවන්ත පවසනවා. ඉන්පසු එසේ නම් ආනන්ද සමඟින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නට එපා කියාත් ඔහු පවසා සිටිනවා.

මේ වේලාවේ ආනන්ද සිනාසෙමින් උදේනිගේ පොඩි කාලයේ මතක ගැන මතක් කරමින් සිටිද්දී අනුහස් ඔහු දෙස ඇස් වල කඳුළු පුරවාගෙන බලා සිටිනවා දැක ආනන්දට කිසිවක් හිතාගත නොහැකිව බය වෙමින් ඔහු අඩන්නේ ඇයිද කියා අසනවා. ඒ වේලාවේ අක්ෂාගේ නම කියමින් ඇයත් ඔහුව දාලා යයිද කියා ආනන්දගෙන් අසද්දී ඔහු අනුහස්ව වැළඳ ගනිමින් ඔහුට අඩන්නට එපා කියාත් එසේ වෙන්නේ නැති බවත් කියා ඔහුගේ හිත හදන්නට උත්සහා ගන්නවා. එ වේලාවේ ලංකාවේ ඉන්න දොස්තරලා හොඳ නැති නම් මේ ලොකේ ඉන්නා හොඳම දොස්තරව හරි සොයා ගොස් අක්ෂාව හොඳ කරගමු කියා ආනන්ද ඉතා වේදනාවෙන් ඔහුගේ ඔළුව අතගාමින් හිත හදනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *