සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ආනන්ද අවන්තට කුමක් හෝ කරදරයක් කරයි කියා සිතා බයෙන් සිටින අමීෂා ළගට පැමිණෙන ඩිලාන් ඇයගේ හිත හදමින් ඇය කෙසේ සිතුවත් අවන්තට එසේ ආනන්ද කරදරයක් කරන්නේ නැහැ කියා ඔහුට විශ්වාස බවත් ආනන්ද ගැන ඔහු හොඳින්ම දන්නා බවත් ආනන්දට අවන්ත කියන්නේ තව දරුවෙක් බවත් පවසනවා. එත් සමඟ්ම දෙව්මිගේ සහ අවන්තගෙ සම්බන්ධයට ඔහු විරුද්ධ වුණද එසේ ආනන්දට අවන්තට කරදරයක් කරන්නට වුවමනවාක් නැති බවත් පවසද්දී ආනන්ද කොහොමත් ඇය සමඟින් තරහින් සිටින බවත් පවසමින් අවන්ත දැන් ඒ ගැන මොනවාද කියන්නේ කියා අමීෂා අසද්දී අවන්තගේ ලොකුම බලාපොරොත්තුව වන්නේ කෙසේ හෝ ඔහුගේ සහ දෙව්මිගේ සම්බන්ධයට ආනන්දව කැමති කරවා ගන්න එක බවත් ඩිලාන් පවසනවා. ඉන්පසු අමීෂා ඊට අමුතුවට හිනා වෙමින් එසේ නම් දැන් දෙව්මි බඳින්නට ඉන්න කෙනාට කුමක්ද වෙන්නේ කියා අසද්දී එ ගැන ඇයට ඔහු කියන්නම් කියාත් නමුත් අවන්තගෙන් අහන්නට එපා කියාත් කියමින් ඔවුන් දෙදෙනා අතරේ සම්බන්ධයක් නැති බවත් ඔවුන් දෙදෙනා කරන්නේ ආනන්දට පෙන්න බොරුවක් බවත් ඩිලාන් පවසනවා.

මේ වේලාවේ රදීෂ් මයික්, චබිත් ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසත් සමගින් ලිහිණිගේ නිවසට පැමිණෙනවා. මේ වේලාවේ ඔවුන්ව දැක ලිහිණිගේ අම්මා සිනාසෙමින් හදිසියේම ඔවුන් මෙසේ පැමිණියේ ඇයිද කියා අසද්දී රදීෂ් ඊට පිළිතුරු නොදීම ඇගේ සැපදුක් විමසමින් ලිහිණි කොහේද කියා ඇගෙන් විමසද්දී ඊට ඇය පිළිතුරු නොදී ඔහු කුමකටද පැමිණියේ කියා අසද්දී ලිහිණි ඔහු සමඟින් තරහා වෙලා කියාත් ලිහිණි ඔහු සමගින් කතා නොකරන්නේ ඇයිද කියාත් ඇගෙන් විමසද්දී ඇය නම් ඒ ගැන දන්නේ නැති බව පවසනවා. ඉන්පසු එසේ නම් ඇය ඒ ගැන ලිහිණිගෙන් ඇසුවේ නැත්තේ ඇයිද කියාත් අසද්දී ඇය ඒ ගැන ඇහුවේ නැත්තේ එ ගැන අසා තේරුමක් නැති නිසා බව ලිහිණිගේ අම්මා පවසා සිටිනවා.ඉතිං මේ වේලාවේ ලිහිණීගේ ලොකු අප්පාද පැමිණ රදීෂ්ට ඔහුගේ අම්මා සහ අක්කා ඔවුන්ගේ නිවසට පැමිණ හැසිරුණ විදිය ගැනත් ඔවුන්ගෙ ආත්ම ගෞරවය නැති කර බවත් කියමින් යළිත් කිසිදින රදීෂ්ගේ නිවසින් ඔවුන්ගේ සම්බන්ධයටෙ කැමති වුවද ඔවුන් නම් කෙසේවත් ඊට කැමති වන්නේ නැති බව ලොකු අප්පා රදීෂ්ට පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *