සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.පැත්තකට වී කල්පනා කරමින් සිටින රමණි ළඟට පැමිණෙන ඩිලාන් ඇය අවුලෙන් සිටිනවා දැක මොකද්ද ප්‍රශ්නය කියා ඇගෙන් විමසද්දී ඇයට කල්පනා කරන්නටද දේවල් නැත්තේ කියාත් දුව කොයි වෙලෙ බැලුවත් දැන් නිවසේ නැති බවත් රදීෂ් කොහේද ගිහින් දවස් දෙකකින් එන බව කියු බවත් ඓහෙයින් ඇයට කල්පනා කරන්නට බොහෝ දේ තිබෙන බවත් රමණි පවසනවා.ඒ අවස්ථාවේ රමණිව ඔහු ළඟින් වාඩිකරව ගනිමින් ඔවුන්ගේ දරුවන් දැන ලොකු බවත් ඔවුන්ට ඔවුන් ගැන දැන් බලා ගන්නට පුළුවන් බවත් ඔවුන්ගේ ජිවනිත වලට ඕනැවට වැඩිය ඇඟිලි ගහන්නට ගියහොත් සියළු දේවල් අවුල් වෙන බවත් පවසද්දී ඔහු ඒසේ කිවද දැන් අවන්තට සිදුවෙලා තිබනෙ දේ බලන්න කියාත් ඔහුගේ විවාහය නතර වී තිබෙන බවත් ඔහු නිකන් දුක් විඳින බවත් රමණි කියමින් එසේ ඔවුන් රදීෂ්ව අත්හැර දැමුවහොත් ඔහුටත් සිදුවන්නේ මෙලෙස දුක් විඳින්නට බවත් එ නිසා දරුවන් ගැන සැලකිලිමත් විය යුතු බවත් රමණි ඩිලාන් සමඟින් පවසනවා.

මේ වේලාවේ අනුහස් මිලාන් සමඟින් මයික් ගැන කතා කරමින් සිටින අවස්ථාවේ මයික් යළු වී සිටි කෙනා ඔහුව අත්හැර දමා ඇති බවත දැනගත් අනුහස් , මයික්ට හිත හදා ගන්න කියාත් එලෙස කෙල්ලෙක් දාලා ගියා කියා දුක් වී වැඩක් නැති බවත් ටික කාලයක් යද්දී වෙන හොඳ කෙනෙක් සොයාගත්තා නම් හරි බව අනුහස් සිනාසෙමින් ඔහු සමඟින් කියද්දී අක්ෂාට අනුහස් මේ කියු දේ ඇසී අවුල් යනවා.ඉන්පසු ඇය මෙලෙස අවුල් වු බව තේරුණ අනුහස් ඔහු එය කිවේ හිතාමතා නොවන බවත් මිලාන් කියු දේවල් වලට කටට ආ දේවල් කියු බවත් අනුහස් පවසද්දී එකට කමක් නැති බවත් මිනිස්සු ජිවිත වලට එනවා යනවා කියාත් එසේ වුවා කියා ඇත්තටම ඔවුන් ඔවුන්ගේ ජිවිත අතරමඟ නතර කර යුතු නැති බවත් අක්ෂා දුකෙන් මෙන් පවසමින් ඇයත් ඉස්සරහාට ඉඳිද නැද්ද කියා දන්නේ නැති බවත් නමුත් කුමක් හෝ වුවහොත් ඔහු ඔහුට හොඳ ගැලපෙන කෙනෙක් සොයා ගත යුතු බවත් අක්ෂා පවසනවා.

මේ වේලාවේ උදේනිව බලන්නට පැමිණෙන ආනන්ද ඇය සමඟින් ආ ගිය විස්තර ගැන කතා කරමින් සිටින ගමන් අක්ෂාගේ අසනිපය ගැනද ඔහු සමගින් උදේනි විස්තර පවසනවා. ඉන්පසු ඇයට ගොඩක් අමාරුද කියා ආනන්ද විමසද්දී ඇය දන්නේ නැති බවත් කියමින් එකපාරටම හඬන්නට පටන් ගන්නවා. ඉන්පසු ඇය එලෙස හඬනවා දකින ආනන්ද කිසිවක් හිතාගන්නට නොහැකිව ඇය ළඟට ගොස් ඇය මෙලෙස අඩන්නේ ඇයිද කියා විමසද්දී අනුහස් ගැන ඇයට බය බවත් ඔහු හරියකට කන්නේ බොන්නේ නැති බවත් අනුහස් හැමවෙලේම කල්පනා කරමින් සිටින බවත් ඔහු සැහෙන්න මානසිකව වැටී ඇති බවත් උදේනි පවසා සිටිනවා. ඉන්පසු එය අසා වේදනාවට පත්වු ආනන්ද ඔහු අනුහස් සමඟින් එ ගැන කතා කරන්නම් කියාත් ඇයට දුක් නොවී ඉන්න කියාත් කියමින් උදේනිගේ හිත හදන්නට උත්සහා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *