සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ආනන්ද අනුහස් ඇතුළු පිරිස පවත්වනු ලබන ක්‍රිකට් තරඟය ආරම්භ කරනවාත් සමඟම එතැනට නොසිතන වේලාවක පැමිණෙන අවන්තව දකින අක්ෂා කලබල වෙමින් ඔහුව අනුහස්ට පෙන්වද්දී අනුහස්ද කලබල වී ආනන්දට නොපෙනෙන්නට අවන්ත ළඟට ගොස් රහසින් මෙන් ඔහු මොකද එතැන කරන්නේ කියා අසද්දී අවන්තට එය ගානකට නොගනිමින් ඔහුට එතැනට එන්නට තහනමක් නැ නේද කියා විමසනවා. ඔය අතරේ අනුහස් අවන්ත සමඟින් කතා කරමින සිටිනවා අහම්බයෙන් මෙන් දකින ආනන්ද ඔවුන් ළඟට පැමිණ මොකද්ද වෙන්නේ කියා තරහින් මෙන් අසද්දී අනුහස් මැදද්ට පනිමින් ඔුහ පැමිණ තිබෙන්නේ ඔෆිස් එකේ වැඩක් ගැන කතා කරන්නට කියා පවසද්දීම අවන්ත ඔහුගේ කතාව මැද්දට පැන එසේ නැත බවත් ඔහු ආවේ මැච් එකක් ගහනවා කියා දැනගෙනම කියාත් අනුහස් ක්‍රීඩා කරනවා බලන්නට ඔහු පැමිණි බවත් පවසද්දී අනුහස්ද අවන්තට එන්න කිවේ කියා ආනන්ද විමසද්දී ඔහු තමයි එන්න කිවේ කියා අවන්ත බොරු ගොතමින් කියනවා.

මේ වේලාවේ රදීෂ්ට ඇමතුමක් ලබාදෙන ඩිලාන් ඔහු කොහේද ඉන්නේ අසමින් ඔහු ඔෆිස් යන්නට එනවාද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඔහු අනුහස්ලාගේ මැච් එක බලන්නට පැමිණි බව පවසද්දී එසේ නම් ඔහුට එදින ඔෆිස් යන්නට වෙන්නේ අවන්තත් සමඟින් කියා ඩිලාන් පවසද්දී අවන්තව එක්කගෙන යන්නටද වෙන්නේ නැති බවත් අවන්තත් සිටින්නේ ඔවුන් සමඟ බවත් පවසද්දී එය අසා කලබල වෙන ඩිලාන් අවන්ත මොකද ආනන්දලා සිටින තැන කරන්නේ කියා අසද්දී අවන්තත් ඔවුන් සමඟින් මැච් එක ගහන බව රදීෂ් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *