සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ යන්නට තැනක් නොමැතිව අසරණව සිටින අනුලා අසළට පැමිණෙන මලින්දව දකින ඇය යළිත් හඬමින් ඔහුගෙන් සමාව ඉල්ලමින් වැඳ වැටෙද්දී ඇය කර තිබෙන වැරදි නිසා ගෙදර මිනිස්සු ඇයව නිවසේ තියා ගන්නට කැමති නැති බවත් වෙන තැනක් ඇය සොයා ගත්තා නම් හොඳයි කියාත් මලින්ද පවසද්දී ඇයට යන්නට තැනක් නැති බවත් ඇයව තේරුම් ගන්න කියාත් අනුලා පවසමින් කලින් සිදු වුවා වගේ වරදයක් යළිත් ඇගේ අතින් සිදු වන්නේ නැති බවට ඇය පොරොන්දු වනවා. මේ වේලාවේ ඇය ගැන විශ්වාසයක් ගොඩනැගෙනන්ට නම් ඔහුව මරන්නට පුජා උත්සහා කල බවට සහ ඇය සම්බන්ධ බවට වන විඩියෝව කෙසේ හෝ සොයාගෙන ඔහුට ගෙන දෙන්න කියා මලින්ද ඉල්ලා සිටිනවා. එත් සමඟම ඇය එය ඔහුට ගෙන දුන්නහොත් සුභද්‍රාට කියා ඇයව ඒ ගෙදර නවතා ගන්නා බවටත් මලින්ද පොරොන්දු වනවා.

මේ අතරේ ෆිල්ම් එක ගැන කතා කර ඉන්පසු අභිමන්ව හමුවන්නට ඔහුගේ ඔෆිස් කාමරයට පැමිණෙන කුරුළු දුකින් මෙන් ඔහු තවමත් ඇය සමඟින් තරහින්ද කියා අසනවා. ඒ වෙලාවේ එසේ ඇය සමඟින් තරහා වන්නේ කුමකටද කියාත් පහුගිය කාලයේ සිදු වුන දේවල් ඇයට අමතක කරන්න කියාත් අභිමන් පවසනවා. ඉන්පසු කුරුළු මෙසේ හඬ වැටෙමින් ඔවුන්ට මේ සිදු වුයේ කුමක්ද කියා අභිමන්ගෙන් අසද්දී එය ඔහුගේ වරදක් නොවන බවත් ඔවුන්ට කෙතරම් නම් ප්‍රශ්න තිබුනද ඔහු ඇයව අත්හැරියේ නැති බවත් ඇය ඔහුට මෙසේ කලේ ඇයිද කියාත් කුරුළුගෙන් ඔහු විමසනවා. ඉන්පසු ඇයට එදින හරි තීරණයක් ගන්නට බැරි වුන බවත් ඇයට සමාව දෙන ලෙසත් කුරුළු ඉල්ලා සිටිද්දී එයට දැන් ඇය පරක්කු වැඩි බව අභිමන් පවසද්දී ඇය ඇගේ වැරැද්ද පිළි ගන්නා බවත් වෙනදා මෙන් යළිත් එකට සතුටින් ඉඳිමු කියාත් කුරුළු ඉල්ලා සිටියද අභිමන් එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට යළිත් විඳපු දුක විඳින්නට බැරි බව පවසනවා. ඉන්පසු තව ටික කාලයක් එසේ නම් මෙලෙස ඉමු කියාත් කාලය ඔවුන්ගේ මේ ප්‍රශ්නය විසඳයි කියාත් කියමින් කුරුළු යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *