සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වෙලාවේ අම්මා සහ අචිනි සමඟින් කේන්තියෙන් නිවසට පැමිණෙන විශාල් ශානිකාගෙන් ඇය කලේ මොකද්ද කියා අසමින් ඔහු කිසිදින ඇය මෙලෙස හැසිරෙයි කියා සිතුවේ නැති බවත් ඒ ගැන ඔුහට ලැජ්ජ බවත් පවසද්දී එය අසා කේන්ති ගිය ශානිකා ඔහු ළඟට පැමිණි ලැජ්ජ විය යුත්තේ ඇය නොවන බවත් ඔහු බවත් ඔවුන් විශාල්ව තරඟයෙන් දිනවන්නට මහන්සි වන බවත් ඔහු ඊෂා සමඟින් ගොස් මඟුල් නටන බවත් පවසනවාත් සමඟම කෙල්ලකු සමගින් කතා කල පලියට එක මඟුල් නැටීමක් වනවාද කියා අසමින් කෑගසද්දී ඔහු ඔෆිස් එක ඇතුළේ ඊෂා සමගින් නැටු නැටුම් ඇය දුටු බවත් පවසද්දී ඊෂා කියන්නේ අහිංසක කෙනෙකු බවත් ඔවුන් අතරේ ඇය සිතන විදියේ දෙයක් නැති බවත් ඒසෙ තිබ්බත් කුමක්ද වෙන්නේ කියා අසනවා. ඉන්පසු ඔහුගේ සහ ඊසාගේ විඩියෝව ශානිකා විශාල්ට පෙන්වනවාත් සමඟම අචිනි දෙසට හැරෙන විශාල් ඇය ආවේ ඔහුගේ කැම්පෙන් මැනේජර් විදියට නම් එය පමණක් කරන්න කියා පවසමින් එතැනින් යන්නට යනවා.

ඊෂා සිදු වුන දේ ගැන සිතමින් තනිව ඒ පිළිබඳ කල්පනා කරමින හඬමින් සිටිද්දී එතැනට පැමිණෙන සමාධි ඇය අවුලෙන් සිටිනවා දැනි ඇය කුමක් හෝ ප්‍රශ්නයකද ඉන්නේ කියා විමසනවා. ඒ අවස්ථාවේ ඊෂා ඇගේ මුුහුණ හංඟ ගනිමින් එසේ නැති බව පැවසුවද සමාධිට ඊෂා කුමක් හෝ දෙයක් නිසා අවුලෙන් සිටින බව තේරුම් යනවා.ඉන්පසු එසේ නම් කෑම කන්නට පහළට යමු කියා සමාධි ඊෂාට පවසනවාත් සමඟම ඩයන්ස් ඊෂාට කතා කරමින් ඇගේ යහළුවකු ඇයව හමුවන්නට පැමිණ තිබෙන බව කියනවා. ඉන්පසු විශාල් පැමිණ සිටිනවා දකින ඊෂාත් සමාධිත් පුදුම වී මෙන් ඔහු දෙස බලා සිට ඉන්පසු ඔහු ආවේ ඇයිද කියා සමාධි අසනවා.ඉන්පසු ඔහු ආවේ ඊෂඹාට හදිසි පණිවිඩයක් දෙන්න කියාත් ඇගේ දුරකථනය වැඩ නැති නිසා එය කියන්නට මෙසේ ආ බව පැවසුවද සමාධිට ඒ පිළිබඳ සැකයක් ඇති වනවා. ඉන්පසු පණිවිඩය කුමක්ද කියා සමාධි අසද්දී චැනල් එකේ මිට්න් එක තිබෙන්නේ උදේ නොව හවස බව විශාල් පවසමින් ඇය එනවා නේද කියා විශාල් අසද්දී ඇය එය ගනන් නොගෙන ඇයට එන්නට බැරි බවත් වෙන වැඩක් ඇය දා ගත් බවත් කියමින් ඊෂා එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *