සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අක්ෂා උදේනිව හමුවන්නට ඇගේ නිවසට පැමිණි මොහොතේ අවන්ත සහ දෙව්මි ආනන්දට හොරෙන් ට්‍රිප් එකක් යන්නට සූදානම් වන බවත් ඇය කියන දේ ඔවුන් අසන්නේ නැති බවත් බැරි වේලාවත් එම ගමන ගැන ආනන්දට ආරංචි වුවහොත් එයත් ඇගේ පිටින් යන්නේ කියාත් උදේනි පවසමින් දෙව්මි මොන දේ කලත් එය සියළු දේ කරන්නේ ඇගේ අනුදැනුම මතයි කියායි ආනන්ද සිතන්නේ බව පවසනවා. ඒ වෙලාවේ එම ට්‍රිප් එකට අවන්තත් යනවා කියා දැනගතහොත් සිදු වන්නේ ලොකු ප්‍රශ්නයක් බවත් පවසද්දී අක්ෂා සහ අනුහස් යන්නේ නැත්තේ හොඳ වේලාවට බවත් බැරි වේලාවත් අනුහසුත් ගියා ගියා දැනගත හොත් අනුහස්ටත් ආනන්දගෙන් බෙරුමක් වෙන්නේ නැති බව උදේනි පවසනවා.ඒ වේලාවේ කිසිම ප්‍රශ්නයක් නැතිව ගමන ගොස් ඔවුන්ට එන්නට හැකි වුවහොත් හොඳයි කියා අක්ෂා පවසනවා.

පන්දර ට්‍රිප් එක යාමට පිටත් වුන මයුර ඔහුගේ පෙම්වතියත් , අවන්තත් සමඟින් දෙව්මිව නිවසින් රැගෙන යාමට පැමිණෙනවා. ඉන්පසු දෙව්මි වාහනයට නගින්න සූදානම් වනවත් සමඟම ආනන්ද එ අසළට පැමිණ මයුර සමඟින් කතා කරමින් වාහනයේ යන්නට තවත් කට්ටිය ඉන්නවාද කියා ඔහුගෙන් විමසනවා. ඒ වේලාවේ ගොඩක් කට්ටිය නැති බවත් ඔහුගේ යළුවන් කිහිපදෙනෙක් පමණයි සිටින්නේ කියා මයුර පවසද්දී නමුත් දෙව්මි කිවේ ඇගේ යහළුවනුත් යනවා කියා බවත් ආනන්ද කියද්දී බොරුවක් ගොතා ගන්නට නොහැකි වුන මයුර ඇය එසේ කියන්නට ඇත්තේ ඔහුගේ යහළුවනුත් මේ වෙද්දී දෙව්මිව හදුනාගෙන සිටින නිසා වෙන්නට ඇති කියා මයුර ගොත ගසමින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *