සතියේ දින පහේම රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ලෙවෙන්ට් විරාත් හමුවීමට ක්ලබ් එක වෙතපැමිණෙනවා.ආරක්ෂකයා සමඟ කතා කරමින් සිටින විට විරත් ඔහු ව දැක එතැනට පැමිණෙනවා.රුමාට කරදර නොකරන ලෙසත් ණය මුදල ඔහු ගෙනව ලෙසත් පවසනවා.තමා රුමා ගැන බලා ගන්නා බව විරාත් ලෙවෙන්ට් හට පවසනවා.මේ අතර අසනීප වන රුමාව රෝහලෙන් පිටතට ගෙන යාමට කුරායි පැමිණෙනවා.රෝහල් ගාස්තුව ගෙවීමට හදන විට එය ගෙවා ඇති බව කුරායි දැන ගන්නවා.මේ අතර හන්ඩේ ජාන්සු හමු වීමට යනවා.පියා නැති වූවාට ඇය ජාන්සු හට ශෝකය පල කර සිටිනවා.මේ අතර කුරායි රුමාව ගෙනැවිත් දැමීමට පැමිණෙනවා.රුමා එතැනින් පිටව යාමට හදන විට කුමක් හෝ ප්‍රශ්නයක් ඇති ද කියා විමසනවා.කිසිවක් නැති බව රුමා පවසා එතැනින් පිටව යනවා.එතැනට ගුල්සුන් පැමිණෙනවා.ඉන්පසු රුමා එතැනින් ගිය විට ගුල්සුන් හා කුරායි කතා කරමින් සිටිනවා.ඔවුන් දෙදෙනා දකින හන්ඩේ එතැනට පැමිණෙනවා.

ඉන්පසු ඇය වැඩකාර කෙල්ලෙක් සමඟ කතා කරන්නේ කුමක්දැයි විමසා ගුල්සුන්ව ලැඡ්ඡාවට පත් කරනවා.ඉන්පසු කුරායි හන්ඩේ හට බැන වදිනවා.පසුදින විරාත් ද උනාල් සමඟ සෙනම් මැඩම්ගේ සාකච්ඡාවකට පැමිණෙනවා.සෙහෙර් උදෑසන තම මුද්ද විකිණීමට කඩවීදියට පැමිණෙනවා.එහිදි එක් කඩයකින් එයට වටිනාකමක් දීමට තරම් වත්කමක් නොමැති බව පවසා එය ගැනීමට නොහැකි බව පවසනවා.ඉන්පසු සෙහෙර් එය රැගෙන වෙනත් කඩයකට යන ලෙස පවසනවා.ඉන්පසු කඩයේ සිටි අය එම මුද්ද විිරාත් ගත් මුද්ද බව දැනගත් වහාම විරාත් හට ඇමතුමක් ගෙන වහාම කඩයට පැමිණෙන ලෙස පවසනවා.විරත්ද ටික වේලාවකට පසු කඩයටපැමිණෙනවා.එතැන සිටින්නේ සෙහෙර් බව විරාත් දකිනවා.බිය වන සෙහෙර් පොලිසියට නොපවසන ලෙස පවසනවා.ඉන්පසු විරාත් රුමාට කඩවීදියට එන ලෙස පවසා ඇමතුමක් ගන්නවා.කඩවීදියට පැමිණෙන රුමා සෙහෙර්ව දැක ඇයට පහර දෙනවා.විරාත් මැදිහත් වී එය නතර කරනවා.මේ අතර සෙනම් මැඩම් ලෙවෙට් හමු වීමට පැමිණෙනවා.තමා සියලු දේ අතහැර ඇති බව සෙනාම් ලෙවෙට් හට පවසනවා.එතැනින් පිටව යන ලෙස සෙනාම් හට ලෙවෙට් පවසනවා.විරාත් තමා රුමාව සැකකල දේට සමාව ඉල්ලා සිටිනවා.එය අසා සිිටින රුමා විරාත් හට බැන තමා කිසිවිටත් විරාත්ව රවටා නැති බව පවසනවා.තමා අතතිබු මුද්ද විරාත් මුහුදට විසි කරනවා.මේ අතර සොෆීගේ පියාහදිසියේම අසනීප වනවා.රුමා හා සෙහෙර් නිවසට පැමිණෙනවා.රුමා සිදු වු දේ අම්මාටද පවසනවා.සෙහෙර් තමා කිසිවෙකුට බිය නැති බවත් මෙහෙමට් හා පියා රුමාගේ හා අම්මාගේ රහස් දැනගත් පසු කුමක් කරාවිද කියා ඔවුන්ව බිය ගන්වනවා.සිදු වු දේගැන විරාත් රාත්‍රියේ කල්පනා කරමින් සිටිනවා.සේරා හට ඇමතුමක් ගන්නා සොෆී පියා අසනීපෙන් බව පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *