සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.අම්මා වෙත පැමිණෙන සත්‍යා ඇය සමඟ කතාකරනවා.රත්තරං මුදලාලිගේ පුතා ගැන අම්මා සත්‍යාගෙන් විමසනවා.මේ අතර රත්තරං මුදලාලි ඇයට ආදරය ඇති තැනකට යන ලෙස පැවසු බව සත්‍යා අම්මා වෙතපැමිණෙනවා.මේ අතර තමා හට තාත්තා ගැසු බවත් තමාගේ හා ශිවා ගැන දන්නා බවත් ප්‍රශ්න වලටමුහුණ දියයුතු බව සත්‍යා පවසනවා.තමාට උවමනා වන්නේ තමාට ආදරය කරන කෙනෙක් වෙත යාමට බව පවසනවා.තමා ශිවා සමඟ මේ ගමන යන බවත් අම්මාගේ ආශිර්වාදය පමණක් උවමනා බව සත්‍යා පවසනවා.රාත්‍රියේ තෝමස් වෙතයන ශිවා සත්‍යාව තමාට ගෙනැවිත් දෙන ලෙස පවසනවා.පසුදින උදෑසන අවදි වු ශිවා සුදානම් වනවා.සත්‍යාද නිවසින් පිටව යනවා.වීරවර්ණ හා පිරිසද බෝට්ටු සවාරියක් යාමට සුදානම් වනවා.සත්‍යා හා තෝමස් ශිවා එනතුරු බලා සිටිනවා.එතැනට පැමිණෙන ශිවා සමඟ සත්‍යා එතැනින් පිටව යනවා.තෝමස්ගේ බස් එක කැම්පස් එක වෙත පැමිණෙනවා.එය බලා සිටින වීරවර්ණගේ ගොලයෙකු සුදු මැණිකේ බසයෙන් බැස්සේ නැති බව පැවසීමට ඇමතුමක් ගන්නවා.

නමුත් දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බව පවසනවා.මේ අතර ශිවා හා සත්‍යා බෝට්ටුවට පැමිණෙනවා.ඉන්පසු බන්ටි බාබු ශිවා හා සත්‍යා එතැනින් පිටව යනවා.මේ අතර වීරවර්ණ යාමට නියමිතව තිබු බෝට්ටුව ක්‍රියාවිරහිත වනවා.දුපතට පැමිණෙන සත්‍යා හා ශිවාගේ යහළුවන් එහි ඇතිදේ සත්‍යා හට පෙන්වීමට සුදානම් වනවා.මේ අතර තමාට දුරකථන ඇමතුමක් ඇවිත්ඇති බව ජේරාජ් දකිනවා.නැවත එය ගන්නා ජේරාජ් හට සුදු මැණිකේ කැම්පස් ඇවිත් නැති බව පවසනවා.ඉන්පසු එය වීරවර්ණ වෙත ඔහු පවසනවා.මේ අතර සියලු දෙනා ශිවා හා යහළුවන් සැදු නිවස වෙත පැමිණෙනවා.මේ අතර තෝමස් වෙත ඇමතුමක් ගන්නා ජුඩ් තෝමස් ගෙන් සිදු වු දේ විමසනවා.ඉන්පසු සත්‍යා කැම්පස් ගිය බව තෝමස් පවසනවා.මේ අතර බාබු හා බන්ටි දුරදක්නයක් ගෙන බලමින් සිටිනවා.බාබු හට ඇමතුමක් ගන්නා යෙනුකි ජුඩ් කැම්පස් ආ බවත් සත්‍යා නැති බව දැනගත් බවත් පවසනවා.ඉන්පසු බාබු මෙය ශිවා වෙත ගොස් කියනවා.මේ අතර වීරවර්ණ හා පිරිසද බෝට්ටුවකින් පැමිණෙනවා.මේ අතර දූපතේ අනෙක් පසින් සත්‍යා හා යහළුවන් පිටව යනවා.දුපත වෙතපැමිණෙන වීරවර්ණ ශිවා සැදු නිවස දකිනවා.එහි තිබු සත්‍යාගේ පාදයේ පැළඳු දේ දැක එය ගන්නවා.සත්‍යා නිවසට ශිවා ගෙනැවිත් දමනවා.මේ අතර ශිවාගේ නිවසට යන වීරවර්ණ හා ඔහුගේ පිරිස මාකස්ගෙන් ශිවා කෝ යැයි විමසනවා. තමා කිසිවක් නොදන්නා බව මාකස් පවසනවා.බාබුගේ නිවසට පැමිණෙන ජුඩ් සිදුව ඇතිදේ පවසනවා.පරිස්සමින් සිටින ලෙස ජුඩ් පවසනවා.තෝමස් වෙත පැමිණෙන ජේරාජ් හා ජුඩ් සිදු වුදේ විමසනවා.නිවසට පැමිණෙන වීරවර්ණ හට ඔහුගේ පියා කිසිවක් කතා නොකරන ලෙසත් පවසනවා.සත්‍යා වෙතපැමිනෙන වීරවර්ණ ඔහු අත තිබු පා සලඹ ඇය වෙත දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *