සතියේ දින වල රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.තමාව මනමාලයෙක් බැලීමට පැමිණෙන බවත් තමා එයට ඉතාමත් දුකින් සිටින බවත් සත්‍යා සිස්ටර් සමඟ පවසනවා.ඇයට තාත්තා සමඟ කතා කර මේය විසදාගන්නා ලෙස සිස්ටර් පැවසුවත් තාත්තා නපුරු අයෙක් බවත් එය කතා කර විසදා ගත නොහැකි බව සත්‍යා පවසනවා.තමා මනමාලයාට අකමැති වුවහොත් තාත්තා ශිවා හට කුමක් හෝ කරදරයක් සිදු කරන බවත් පවසනවා.තමා ශිවාගේ සමඟ ජීවත් වීමට කැමති බව පවසනවා.මේ අතර ශිවා හට ඇමතුමක් ගන්නා සත්‍යා තමාට ශිවා හමුවීමට කැමති බවත් දෙදෙනා හට කතා කර සිදුවියයුතු දේ ගැන කතා කරගමු කියා පවසනවා.සත්‍යා කියු ආකාරයටම ශිවා ඇයගේ කතාවට කැමති වී ඇය මුණ ගැසීමට කැමති වනවා.ශිවා බාබු වෙත පැමිණෙනවා.ඉන්පසු බාබු ශිවා දුකින් සිටින අයුරුදැක ඔහු වෙත පැමිණෙනවා.පසුදින සත්‍යා බැලීම රත්තරං මුදලාලි බිරිඳ හා ඔවුන්ගේ පුතා පැමිණෙනවා.වීරවර්ණ ඉතාම සුහදව ඔවුන්ව පිලිගන්නවා.මේ අතර ශිවා හා බාබු කිරීමට දෙයක් කල්පනා කරනවා.රත්තරං මුදලාලි හා වීරවර්ණ ආගිය තොරතුරු කතාකරමින් සිටිනවා.මේ අතර වීරවර්ණ ගොස් සත්‍යාව කතා කරගෙන ඒමට කාමරය වෙත පැමිණෙනවා.තාත්තාට උවමනා දේ කර දෙන බව සත්‍යා පවසනවා.

 

තමා පොඩි කාලේ සිට සත්‍යාව හැදුවේ දුක් විදිමට නොවන බවත් පවසා වීරවර්ණ ඇයට බැන වදිනවා.ඉන්පසු සත්‍යා රත්තරං මුදලාලි හා පිරිස සිටින නැතට පැමිණෙනවා.මේ අතර ශිවා හා බාබු දූපතට යාමට සුදානම් වනාවා.ඒ සඳහා ඔවුනට අවශ්‍ය දේ බාබු හා ශිවා සුදානම් කරමින් සිටිනවා.මේ අතර සත්‍යා හා රත්තරං මුදලාලිගේ පුතා එළියට ගොස් කතා කරමින් සිටිනවා.ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින අතරතුර ඔවුන් ගැලපෙන්නේ සල්ලි වලින් පමණක් වන බවත් අදහස් වලින් ඔවුන් නොගැලපෙන බවත් සත්‍යා ඔහුට පවසනවා.කැතරින් ශිවාගේ නිවසට පැමිණෙනවා.සත්‍යා බැලීමට මනමාලයෙක් එන බවත් ශිවා හට විවාහ වීමට සිදු වන්නේ තමා බව ශිවාගේ තාත්තා හට පවසනවා.තමා මේ දෙවල් දන්නේ කොහොමද කියා ශිවාගේ පියා කැතරින්ගෙන් විමසනවා.බාබු හා ශිවා දුපතට ගොස් එය සරසමින් සිටිනවා.පසුදින අවදි වන ඔවුන් සියලු දෙනා සත්‍යා කැමති දේවල් වලට හෙට දිනය වෙන් කර ඇති බව ශිවා ඔවුන් හට පවසනවා.නිවසට යමින් සිටින කැතරින් හට බාබුගේ මව හමු වනවා.කැතරින් සතුටින් සිටින්නේ ඇයිදැයි බාබුගේ අම්මා අසනවා.ශිවාව තමාගේ වන බවත් මනමාලයෙක් සත්‍යා බැලීමට පැමිණි බවත් කැතරින් පවසනවා.නිවසට යාමට ප්‍රථමයෙන් රත්තරං මුදලාලි සත්‍යා වෙත පැමිණෙනවා.ඉන්පසු තමාට සත්‍යාගේ ඇස් වල වෙනත් කෙනෙක් ඇති බව ඔහු පවසනවා.සත්‍යා තමාගේ ලේලි වී නිවසේසිටින්නේ දුකින්නම් තමා ඒ දේට ඉඩ නොදෙන බව ඔහු පවසා සතුට යනු සල්ලිම නොවන බවත් පවසා ඔහු එතැනින් පිටව යනවා.රාත්‍රියේදි තෝමස් හමුවීමට මෙරිල් ඇමති තුමාගේ ගෝලයින් පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *