සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.උදෑසන අම්මා වෙත පැමිණෙන සත්‍යා ගෙන් අම්මා ඇය කතා කලේ කුමක්දැයි විමසනවා.ඉන්පසු කැම්පස් එකේ යහළුවන් චාරිකාවක් යන බවත් එයට තමා පැමිණෙනන්නේනැති බව ඔවුන්ට කියු බව පවසනවා.තාත්තා සමඟ කතා කර අවසර ඉල්ලන ලෙස අම්මා සත්‍යා හට පවසනවා.නමුත් තාත්තා එයට යාමට නොදෙන බව සත්‍යා පවසනවා.අම්මාගේ බල කිරීමට සත්‍යා තාත්තා සමඟ කතා කිරීන බව අම්මාට පවසනවා.තාත්තා වෙනස් වී ඇති බවත් සුදු මැණිකේ කියා ඇයට කතා නොකරන බවත් තමුන් කියා දැන් ඇයට කතා කරන බවත් අම්මා හට ඇය පවසා හඩා වැටෙනවා.සත්‍යා තම කාමරයට පැමිණෙනව විට ජුඩ් තම ඇඳේ නිදා සිටින අයුරු දකිනවා.තමාගේ ඇඳෙන් බහින ලෙස පවසනවා.ඉන්පසු ඉක්මනට තමන්ගේ වෙන ලෙස ජුඩ් සත්‍යා හට පවසනවා.සත්‍යා බලෙන් මෙන් ජුඩ්ව කාමරයෙන් පන්නා ගන්නවා.මේ අතර වීරවර්ණ රත්තරං මුදලාලි හමුවීමට පැමිණෙනවා.සත්‍යා රත්තරං මුදලාලිගේ පුතා බඳිනවට කැමති බව වීරවර්ණ පවසනවා.තමාද එයට කැමති බව රත්තරං මුදලාලි පවසනවා.

සත්‍යාගේද කැමැත්තෙන් එය සිදුවිය යුතු බව රත්තරං මුදලාලි පවසනවා.රාත්‍රියේදි සත්‍යා වීරවර්ණ වෙත පැමිණෙනවා.කැම්පස් එකෙන් චාරිකාවක් යන බව පවසනවා.සත්‍යා යන හැමතැනටම ශිවා පැමිණෙන බව පවසා චාරිකාව සත්‍යා ගිය විට ඔහු පැමිණෙන බව පවසනවා.තමා නොයා ඉන්නම් කියා සත්‍යා පවසනවා.රත්තරං මුදලාලිගේ පුතා සත්‍යා බැලීමට පැමිණෙන බවත් ඔවුන් එන විට ඇයට සුදානම්ව සිටින බව වීරවර්ණ පවසනවා.එය අසා සත්‍යා අම්මා වෙත ගොස් එය පවසනවා.තමා කුමක් කල යුතුදැයි සත්‍යා අම්මාගෙන් විමසනවා.උදෑසන සත්‍යා ජුඩ් සමඟ කැම්පස් යාමට පිටත් වනවා.ඔවුන් පිටව ගිය විට තාත්තා හට කතා කර වීරවර්ණ සත්‍යා රත්තරංගේ පුතා සමඟ විවාහ වන බව පවසනවා.ශිවා වෙත පැමිණෙන තාත්තා තමා හීනයක් දැකී බවත් එය නරක හීනයක් බවත් පවසනවා.මාසයක් හෝ කාලයක් ගමෙන් පිට වන ලෙස ශිවා හට පවසනවා.වීරවර්ණගේ පියා තම දියණිය වන ජුඩ්ගෙ අම්මා මුණ ගැසීමට යනවා.සත්‍යා විවාහ වීමට යන බවත් ජූඩ් හට වෙන කෙනෙක් සොයා විවාහ කර දෙන ලෙසත් ඔහු පවසනවා.මේ අතර ජුඩ්ගේ මව තම ස්වාමියා මැරුණේ නැති බවත් ලූකස්ව වීරවර්ණ ඝාතනය කල බවත් පවසනවා.

එක එක්කෙනා කියන කතා අසා කලබල නොවන ලෙස සීයා පවසනවා.සත්‍යා කැම්පස් ඉවර වී නිවසට පැමිණෙනවා.ඉන්පසු ජුඩ්ගේ මව නිවසට පැමිණ සිටින බව දකිනවා.සත්‍යා සමඟ පැමිණෙන ජුඩ් හට නැවත සත්‍යාව පරිස්සම් නොකරන බවත් රත්තරං මුදලාලිගේ පුතාට තීන්දු කර ඇති කර බවත් ජුඩ් හට පවසනවා.තමා විවාහ වන කෙනා තීරණය කරන්නේ තමා බව සත්‍යා පවසා එතැනින් පිටව යනවා.සියලු විස්තර අසා ජුඩ් වීරවර්ණ මුණගැසීමට ලෙල්මට යනවා.ඉන්පසු තමා හට කුමක් වන්නේද කියා ජුඩ් විමසනවා.සත්‍යා කැමති වුවත් තමා කැමති කෙනාට සත්‍යා විවාහ කර දෙන ලෙස පවසනවා.සත්‍යා පල්ලිය වෙත පැමිණෙනවා .ඇය පල්ලියට වී හඩා වැටෙන අයුරු සිස්ටර් දකිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *