සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සරනි රෙහාන් හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇයට ඩිල්ෂානි කියා රෙහාන් කතා කරනවා.ඉන්පසු හෙට දින රෙහාන්ගේ නංගි වන රුවිනි සරනි හමු වීමට එන බවත් එයට සුදානමින් සිටින ලෙස පවසනවා.හෝටලයේ සිංදු කියමින් සිටින බානු හා යහළුවන් හට ඔවුන් සිංදු කියන විදිහට කැත බවත් පවසා ඉන්පසු ඔවුන් හට ජෙරාඩ් බැන වදිනවා.කෝප වන ජුඩ් ඔවුන් සමඟ රණ්ඩු වනවා.මේ අතර නානායක්කාර හමුවීමට ඔහුගේ පස්සෙන් එන ගැහැණු දැරිය එතැනට පැමිණෙනවා.ඉන්පසු නානායක්කාර අකමැති උවත් ඇය නිවසට පැමිණෙනවා.පෙර දින රණ්ඩුව පිළිබඳ ජුඩ් හා යහළුවන් කතා කරමින් සිටිනවා.ඉන්පසු යහළුවන් ජුඩ් හට බැන වදිනවා.මේ අතර නිවසට ආ නානායක්කාර හමුවීමට ආ කෙල්ල සිදු වු දේ නානායක්කාරගේ දියණියන් සමඟ පවසනවා.නානායක්කාර ඇයට විවාහ වීමට පොරොන්දුදුන් බව ඇය ඔවුන් සමඟ පවසනවා.

මේ අතර ටුටු ආණ්‍යා හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇමතුම ගන්නා ටුටු තමා භානුකගේ පෙම්වතිය බවත්ඇය භානුකව විවාහ කරගන්නා බව පවසනවා.නමුත් ආණ්‍යා එය විශ්වාස නොකරනවා.ඉන්පසු මෙය කතා කර එය විසදාගන්නා බවත් ආණ්‍යා පවසනවා.භානුකගෙන් ඈත්ව සිටින ලෙසත් භානුක තමාගේ බවත් ටුටු ආණ්‍යා හට පවසනවා.පසුදින ජුඩ් හා අභි සිදු වු රණ්ඩුව ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු කෝප වන අභි ඔවුන් හට හෝටලය නැති වුයේ ජුඩ් නිසා පව පවසා බැන වදිනවා.එතැනට පැමිණෙන භානුක එය නතර කරනවා.තමා ආණ්‍යා හට ඇමතුමක් දුන්නේ තමාද කියා ඩාලිං ටුටුගෙන් විමසනවා.තමා එය නොකල බව ටුටු පවසනවා.නැවත තමාගේ දුරකථනය නොගන්නා ලෙස ටුටු හට පවසනවා.බානුක හට ඇමතුමක් ගන්නා ආණ්‍යා තමාට ටුටු කතා කර බවත් නැවත ඇයට කතා නොකර ලෙසත් බවසා ආණ්‍යා දුරකථනය විසන්ධි කරනවා.රණ්ඩුවෙන් පසු ජුඩ් නැවතත් ගමට යනවා.බණ්ඩා නිවසට පැමිණෙන විට ජුඩ් හමු වනවා.ඉන්පසු ඔහු යන්නේ කොහේද කියා බන්ඩා ඇසුවත් තමා යන ගමන තමාට යන්න දෙන ලෙස පවසා ජුඩ් එතැනින් පිටව යනවා.අභිද ගමට යාමට පාරට පැමිණෙනවා.ඉන්පසු ඔහුවද හමු වන බන්ඩා සිදු වුදේ විමසනවා.සිදු වුදේ බන්ඩා හට පවසනවා.ජුඩ්ද එතැනින් පිටව යනවා.නිවසට පැමිණි කෙල්ල හට නානායක්කාරගේ දියණියන් දෙදෙනා බැන වදිනවා.ඉන්පසු එතැන රණ්ඩුවක් ඇති වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *