සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ මෙත්මා ළඟට කාටත් හොරාට පැමිණෙන අනුලා මෙත්මාව උසිගන්වමින් පුජාට විරුධව කටයුතු කල යුතු අකාරය ගැන උපදෙස් දෙමින් මාලන් ඇය ඉක්මනින් මේ ප්‍රශ්න ටික විසඳනතුරු පැත්තකට වී අසරණව බලා සිටින බවත් පවසනවා.මේ කතාවෙන් පසු මෙත්මා ඇය කෙසේ හෝ මාලන්ට සාධරණය ඉටු කරනා බව පවසද්දී කාමරයට වී එසේ කරන්නේ කෙසේද කියාත් මේ හැමදේම කරන්නේ පුජා බවත් පුජා කියනා දේවල් ජනනාද කරන්නේ කියාත් අනුලා පවසනවා. ඉතිං අහම්බයෙන් මෙන් ඔවුන් දෙදෙනාගේ කතාව ඇසුන පුජා කාමරය අසළ හංගී සිටි ඔවුන් කතා කරන්නේ තවත් මොනවාද කියා අසා සිටිනවා.ඒත් සමඟම අනුලා , මෙත්මා පුජා නංගී කියා සිතාගෙන සිටින නිසයි ඇගෙන් මෙලෙස ප්‍රයෝජන ගන්නේ කියාත් එක හිතින් අයින් කරගන්න කියාත් පවසනවා. මේ වෙලාවේ කෙන්තිය පාලනය කරගන්නට නොහැකි වුන පුජා අනුලාට දුරකථන ඇමතුමක් ලබාදී ඇයට කතා කරමින් මෙත්මා සමඟින් ඇය කියු සියළු දේ අසා සිටි බවත් ඇයට තවදුරටත් ඇගේ නිවසේ ඉන්නට බැරි බවත් කියමින් නිවසින් පන්නා දමනවා.

මේ වේලාවේ පුජා ඇයව නිවසින් පන්නා දමනවාත් සමඟම යන එනමක් නැති වු අනුලා යළිත් සුභද්‍රාගේ පිහිට පතමින් ඇගේ නිවසට පැමිණෙනවා. ඒ අවස්තාවේ අනුලා ඇවිත් තිබෙන බව දැක රේෂ්මා ඇයට අනන් මනන් කියමින් ඇයව නිවසින් ඇඳ දමන්නට උත්සහා කරද්දී අනුලා ඇතුළට කඩාගෙන ගොස් සුභද්‍රා ළඟ වැඳ වැටෙමින් ඇගෙන් සමාව අයදිනවා. ඒ අවස්තාවේ මලින්දවද දැක ඔහු ආවද කියා අසමින් ඔහුගෙනුත් සමාව ගෙන ඇයට යන්නට තැනක් නැති බවත් ඔවුන් කියනා විදියට කිසි කරදරයක් නැතිව ජිවිත් වන්නට ඉඩ දෙන්න කියාත් පවසද්දී ඇය කියනා දේවල් අහන්නට වේලාවක් ඔවුන්ට නැති බවත් ඇයට නිවසින් යන්න කියාත් පවසද්දී පුජා ඇගෙන් පුළුවන් තරම් වැඩගෙන ඇයට ගහලා නිවසින් පන්නා ගත් බවත් පවසද්දී සුභද්‍රා සහ රේෂ්මා සිතන්නේ ඇය මෙලෙස බොරුවට රඟපාමින් නිවසට පැමිණියේ පුජාගේ සැලසුමක් සඳහා කියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *