සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වෙලාවේ බනුරව මුණගැසෙන්නට එන පුජා ඔහු කෙසේ හෝ කාටවත් ඔවුන් කරන රඟපෑම කාටවත් හසු නොවන ආකාරයට කර ගත යුතු බව පවසද්දී ඇයට ඒ ගැන බය වෙන්නට එපා කියාත් නමුත් එ වැඩේට ඔහුට තවත් තොරතුරු කිහිපයක් අවශ්‍ය බවත් බනුර පවසද්දී ඒ මොනවාද කියා පුජා අසනවාත එ අවස්ථාවේ ඇය ඩිලාන් කියන කෙනා ගැන ඔහුට කියා තිබුනේ නැතිබ බවත්ඔහු නිවසට පැමණ ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නට හැදු බවත් බනුර පවසනවා.එත් සමඟම එවැනි අලුත් අය ඉන්නවා නම් ඔහුට හඳුන්වා දෙන්න කියාත් නැති නම් ඔහුව හිර වෙන බවත් බනුරා පවසමින් ඔහුට ඇගෙන් දැන ගන්නට යමක් තිබෙන බව පවසනවා.ඒ වෙලාවේ ඔහු මලින්ද වගේ රඟපාන්නේ කුමකටද කියාත් ඇය ඔහුව මලින්ද ලෙස යැව්වේ ඇයිද කියාත් විමසනවා.ඒ වෙලාවේ මලින්දගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයව ගොඩක් දෙනා සැක කල බවත් නමුත් එය ඔප්පු කරන්නට කා ළගවත් සාක්ෂි තිබුනේ නැති බවත් පුජා පවසමින නමුත් බනුර එතැනට ගිය පසු ඔවුන් ඇයව සැක කරන එක නතර කල බව පුජා පවසනවා.

ෆිල්ම් එකෙ වැඩ ගැන කතා කිරීම සදහා තිලක් කුරුළුට දුරකථන ඇමතුමක් ලබා දී ඇයගේ සැප දුක විමසමින් ඇය රඟපෑ ෆිල්ම් එක රිලිස් කරනන්ට යන බවත් මේ දිනවල එහි ප්‍රොමෝෂන් වැඩකටයුතු සිදු කෙරෙමින් යන බවත් පවසනවා. ඉන්පසු එය අසා කුරුළු ඉතා සතුටට පත් වෙද්දී ඇයටත් එ සඳහා එන්නට පුළුවන්ද කියා විමසද්දී ඇය සතුටින් ඊට කැමති වෙමින් ඇය එන්නට ඕනේ කොහාටද කියා අසනවා.ඉන්පසු තිලක් අභිමන්ගේ ඔෆිස් එකට එන්නට කියනවත් සමඟම කුරුළුගේ මුහුණ වෙනස් වී ඇය මඳ වේලාවක් කල්පනා කර ඉන්පසු ඇය එන්නම් කියා තිලක්ට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *