සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.ඔෆිස් කාමරයට වී කල්පනා කරමින් සිටින අභිමන් ළඟට පැමිණෙන පුජා, ඔහු මොනවාද කල්පනා කරන්නේ කියා අසමින් මලින්ද ගැනද කියා විමසනවා.ඒ වෙලාවේ මේ කතාවේ තේරුම කුමක්ද අසමින් මලින්ද කෙසේද යළිත් ගෙදරට එන්නේ කියා අභිමන් පුජාගෙන් විමසද්දී ඇයටත් සිදු වු දේ හිතාගන්නට බැරි නමුත් ඇත්තටම එය වෙලා තිබෙන බව පුජා පවසමින් ඒ කෙසේ වෙතත් ඔහු ආ එකෙන් ඇයට වුයේ හොඳක් බවත් මලින්දගේ ඝාතනයට සියළුදෙනා සැක කලේ ඇයව සහ රෙෂිලාව බවත් ඇය නිකරුණේ හිරේ ගොස් මැරුණ බවත් පුජා පවසද්දී මඳ වේලාවක් ඒ පිළිබඳ කල්පනා කරන අභිමන් එසෙ කියන්නට බැරි බවත් රෙෂිලා මලින්දව මැරුවේ නැතත් කවුරුන් හෝ මනුස්සයෙක්ව මරා තිබෙන බවත් අභිමන් පවසනවා.එත් එක්කම මෙතරම් කාලයක් මලින්ද සිට ඇත්තේ කොහේද කියාත් ඔහුට කුමක්ද වී තිබෙන්නේ කියාත් අභමින් පුජාගෙන් විමසද්දී ඇයත් ඒ ගැන හරිහැටි නොදන්නා බවත් ඔහු කියන විදියට කවුරුන් හෝ කට්ටියක් ඔහුව මාස ගානක් හිරකරගෙන සිට ඇති බවත් පුජා පවසනවා.එත් සමඟම ඇයට හිතෙන විදියට මේ සියළු දේ කුරුළුගේම සැලසුමක් බවත් පුජා පවසනවා.

පුජා අභිමන් ගැන කියමින් ඇයට බැන වැදුන නිසා අභිමන්ගෙන් ඈත් වී සිටින්නට අමායා කල්පනා කරනවා. ඒ වෙලාවේ ඇය කිහිපවරක්ම අභිමන්ව මඟහැරි සිටින්නට උත්සහා කලද අභිමන් ඇය පස්සෙන්ම පැමිණ ඇය මෙලෙස වෙනස් වන්නට හේතුව කුමක්ද කියා දැනගන්නට ඕන වුනා. මේ වේලාවේ අමායා ඔෆිස් කාමරයේ සිටිනා බව දැනගත් අභිමන් ඇයව හමුවන්නට පැමිණ , ඇය ඔහු සමගින් අවුලෙන් ඉන්නේ ඇයිද කියා දන්නා බවත් පුජා කුමක් හෝ දෙයක් හිතේ තියාගෙන ඇයට මොනවා හෝ දෙයක් කිවා නම් පුජා වෙනුවෙන් ඔහු ඇගෙන් සමාව ඉල්ලා සිටින බව පවසද්දී ඇය ඔහුට ගරු කරන බවත් නමුත් පුජා හිතාගෙන ඉන්නේ ඇය සහ ඔහු අතරේ කුමක් හෝ සම්බන්ධයක් තිබෙනවා කියා බවත් එය පුජාගේ පැත්තෙන් සාධාරණ බවත් ඇය ඔහු ගැන බොහෝ සේ බලාපොරොත්තු තබාගෙන ඉන්නා බවත් අමායා පවසනවා. එය අසා කෙනන්ති යන අභිමන් ඇගේ හිතේ එසේ දෙයක් තිබුනද ඔහුගේ හිතේ එවැනි අදහසක් නැති බවත් ඇය එලෙස සිතා ඔහු අශ්‍රය කරන අයට බැන වදින එක වැරදි බවත් අභිමන් අමායාට පැහැදිලි කර දෙනවා.ඒ වෙලාවේ ඒ කෙසේ වෙතත් ඇය මේ සියළු දේ දැන දැනත් ඔහුට තව තවත් ලංවෙන එක ඇය කරන වරදක් බවත් අමායා පවසනවා.

අභිමන් සහ අමායා අතරේ කුමක් හෝ සම්බන්ධයක් තිබෙන බව හිතට දැනුන පුජා ලොයිඩ්ව හමුවන්නට පැමිණෙනවා.එලෙස පැමිණ ඔහුගේ සැපදුක් ගැන විමසමින් ඇය මෙලෙස පැමිණියෙ ඔහු සමගින් වැදගත් යමක් ගැන කතා කරන්න බව පවසනවා.ඒ අවස්තාවේ ඔහු කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා ඇගෙන් විමසද්දී ඇය පැමිණියේ අභිමන් ගැන කතා කරන්න බව පුජා පවසනවා.ඒ වෙලාවේ එක් වතාවක් අභිමන් කුරුළුට රැවටී ඔහුගේ වාසනවාකට එයින් බේරුණු බවත් දැන් මේපාර අමායාට රැවටෙන්නට යන බවත් පවසනවා.ඒ වේලාවේ ඔහු වේලාවකට ඇයට කැමැත්ත දෙන බවත් දැන් වෙද්දී අමායාට කැමති වී සිටින බවත් කියමින් ඔහු කරන වැඩේ තේරුම කුමක්ද කියා පුජා අසනවා. ඉන්පසු ලොයිඩ් ඇය කියනා දේවල් අසා සිට ඇය කියන්නේ අභිමන් සහ අමායා අතරේ සම්බන්ධයක් තිබෙනවා කියාද කියා විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *