සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා. මලින්ද ජිවත් වන බව දැනගත් ඩිලාන් පොලිසියට පැමිණ කිසිම පැහැදිලි සාක්ෂියක් නැතිව නොකරපු වරදකට රෙෂිලාව අත්අඩංගුවට ගෙන හිරේ දැම්මේ ඇයිද කියා ඉන්ස්පෙක්ටර් මංජුගෙන් විමසනවා. ඒත් සමඟම කුරුළුගේ තාත්තා වන මැරුණා කියා කියු මලින්ද මේ වෙද්දී නිවසට ඇවිත් ඇති බවත් ඔහු ඒ ගැන දන්නවාද කියාත් විමසද්දී ඔවුන්ටත් ඒ පිළිබඳ ආරංචි වු බවත් ඔවුන්ටත් එය අදහා ගන්නට බැරි බවත් පවසද්දී ඔවුන් මෙසේ රෙෂිලාගේ ජිවිතය සමඟින් සෙල්ලම් කල බවත් දැන්වත් ඇයට සාධරණය ඉෂ්ඨ කරන්න කියාත් ඩිලාන් ඉල්ලා සිටිද්දී මලින්ද මියගොස් නැති බව ඇත්ත වුවත්රෙෂිලා නිර්දෝෂි කියා කිව නොහැකි බවත් මලින්දව ඇය මැරුවේ නැතත් රෙෂිලා කවුරුන් හෝ කෙනෙකුවන මරා දැමු බවත් ඇය ඇගේ වරද උසාවියේදී පිළිගත් බවත් මංජු පවසද්දී එසේ ඇය වැරිදිකරයෙක් කියා කියමු කියාත් එතකොට කුරුළු නයෙක්ව එවා රෙෂිලාව මරා දැමු එක පිළිබඳව ඔවුන්ට කියන්න තිබෙන්නේ කුමක්ද කියා විමසද්දී ඔවුන් ඒ ගැන තවම පරීක්ෂණ කරනෙ බවත් ඔවුන් එය ඉක්මනින් විසදන්නම් කියාත් පැවසුවද ඩිලාන් දිගින් දිගටම කිවේ ඔහුගේ බිරිඳ මිනිමරුවෙක් නොවේ කියා සමාජයට කියන්න කියාත් ඉල්ලා සිටිනවා.

අභිමන් සහ අමායා අතරේ කුමක් හෝ සම්බන්ධයක් තිබෙනවා කියා සැක සිතුන පුජා අමායා සමගින් කතා කරන්නට යමක් තිබෙන බව කියමින් ඇයව ගෙන්වාගෙන අභිමන් සහ ඇය ගැන විවිධ දේවල් අසමින් එදින ඔවුන් ජිම් ගියේ නැතිද කියාත් ඇය නැතිව අභිමන් අවුල් වෙයිද කියාත් අමුතුවට ඇගෙන් විමසද්දී ඒ ගැන කිසිවක් නොතේරෙන අමායා ඇයට පුජා කියනා දේ ගැන පැහැදිලි නැති බවත් ඇයට එන්නට කිවේ කුමන කාරණාවකටද කියාත් පුජාගෙන් විමසනවා.ඉන්පසු ඇය එන්න කියු කාරණාව කෙලින්ම කියන්නම් කියමින් අමායාගේ හිතේ අභිමන් ගැන කුමක් හෝ අදහසක් තිබෙනවාද කියා විමසනවා. එය අසා සිනාසෙන අමායා ඔවුන් අතර එසේ සම්බන්ධයක් නැති බව අමායා පවසද්දී අභමන්ගේ හිතේ ඇය ගැන ඇත්තේ කොයි විදියෙ අහසක්ද කියා පුජා අසද්දී ඇය ඒ ගැන දන්නේ නති බවත් ඇය මෙසේ එවැනි දේවල් අසන්නේ ඇයිද කියාත් අමායා විමසමින් ඇය ඔවුන් ගැන මොනවා හිතුවත් කරන්නට දෙයක් නැති බවත් නමුත් ඇයගේ හිතේ එසෙ අභිමන් ගැන ආදරයක් නැහැ කියා දන්නා බවත් අභිමන්ගේ සම්බන්ධය ඉවර වී ලොකු කාලයක් වෙන්නේ නැති බවත් අමායා පවසා සිටිනවා. එසේ නම් ඇය අභිමන්ට මෙසේ ලං වෙන්නේ ඇයිද කියාත් ඔහුව මෙසේ වෙනස් කරන්නට උත්සහා කරන්නේ ඇයිද කියාත් පුජා අසද්දී ඇයට එසේ අභිමන් වෙනස් කරන්නට අවශ්‍ය නැති බවත් ළඟකදී ලොයිඩ් ඇයව හමුවන්නට පැමිණ අභිමන්ගේ හිත හදා ඔහුව යතා තත්ත්වයට එන්නට උදව් කරන ලෙස ඇගෙන් ඉල්ලා සිටිය බවද අමායා පවසා සිටිනවා.

මේ වෙලාවේ පත්තරෙයන් මලින්ද ජිවත්ව සිටිනා බව දැනගත් ලොයිඩ් අභිමන් කෑගසා කතා කරමින් එම ලිපිය පෙන්වද්දී එය දැක පුදුම වෙන අභිමන් කිසිවක් සිතා ගත නොහැකිව කල්පනා කරද්දී එතැනට කලබලයෙන් දිව එන වාසනා කුමක් ද සිදු වී ඇත්තේ කියා අභිමන්ගෙන් විමසද්දී කුරුළුගේ මැරුණු තාත්තා වන මලින්ද යළි ගෙදර ඇවිත් ඇති බව අභිමන් ගානකට නොගෙන පවසද්දී කෙසේ වුවත් පත්තරයේ මෙවැනි දෙයක් පල කරන්නේ ඒ දේ ඇත්ත නිසා බව ලොයිඩ් පවසද්දී පත්තර වල ඇත්ත කතා ගියේ ලොයිඩ්ගේ කාලේ බවත් නමුත් දැන් යන්නේ එවැනි දේවල් නොවන බවත් මේවා තනිකර බොරු දේවල් බවත් අභිමන් ගානකට නොගෙන පවසා සිටිනවා.ඒ වේලාවේ එක්වතාවක් කුරුළු සර්පයෙක් ගෙනවිත් ඒ සිටින්නේ ඇගේ තාත්තා කියා පැවසු බවත් දැන් මැරුණු මනුස්සයෙක් යළි ගෙදරට ඇවිත් කියනවා කියාත් මේවා විහිළු බවත් මලින්දගේ බොඩි එක ඔවුන් ඇත් දෙකට දුටු බවත් එසේ තිබියදී මෙවැනි දෙයක් විශ්වාස කරන්නේ කෙසේද කියාත් අභිමන්  ලොයිඩ්ගෙන් විමසනවා. ඒ වෙලාවේ වාසනා මේ ගැන ඇත්ත විස්තරය කුරුළුගෙන් කතා කර අහමුද කියා අසද්දී ඔවුන්ට කුරුළුගේ දෙවල් ඕනේ නැති බවත් ඒවා ඔවුන් බලා ගනියි කියාත් අභිමන් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *