සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.මන්ත්‍රිතුමා කැකුළා සමඟ ඡන්ද රැස්වීම ඇති තැනට යනවා.ඉන්පසු එතැනට පැමිණි පිරිස මදි බව ඔහු කැකුළා හට පවසනවා.සියලු දෙනා හට ඇමතිතුමා පැමිණෙන තෙක් බලා සිටින බව පවසනවා.මේ අතර මාස්ටර් හා ඔහුගේ බිරිඳ පාඨලී හා සරාගේ ආදරය ගැන කතා වෙමින් සිටිනවා.සරා හට මාස්ටර් කැමතිද කියා කුසුමලතා විමසනවා.තමාගෙ කිසිදු අමනාපයක් නැති බවත් දරුවන්ගේ තීරණ ගත යුත්තේ ඔවුන් බවත් මාස්ටර් පවසනවා.පොඩ්ඩි කියු ආකාරයට සරා යනු මාස්ටර්ගේම පුතා බව ඇත්තක් යැයි කුසුම ලතා මාස්ටර් හට පවසනවා.ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට සුරංග පැමිණෙනවා.දිස්ත්‍රික් නායකතුමා පැමිණෙන බවත් එයට මාස්ටර් නොයන්නේද කියා විමසනවා.රැස්වීම තියෙන්නේ පන්සලේ බවත් එතැනට ප්‍රශ්ණයක් ඇතිව ඇති බවත් පවසනවා.හාමුදුරුවන් රැස්වීම පැවැත්වීමට කැමතිවී ඇතිද කියා මාස්ටර් විමසනවා.ඉන්පසු කලබල වන මාස්ටර් ද පන්සලට යන බව පවසා පිටත් වනවා.මේ අතර දිස්ත්‍රික් නායකතුමා පැමිණෙනවා.පන්සලේ සිට පිටත්ව යන බව ලොකු හාමුදුරුවන් රාලහාමි වෙත පවසනවා.රාළහාමි හඩමින් නැවත ගත් තීරණය වෙනස් කරන ලෙස පවසනවා.

එතැනට පැමිණෙන පොඩි හාමුදුරුවන් හා රාලහාමි ලොකු හාමුදුරුවන් හට වඳිනවා.මාස්ටර් පන්සලට පැමිණෙමින් සිටිනවා.ඔහු වෙත පැමිණෙන රාළහාමි ලොකු හාමුදුරුවන් පන්සලෙන් ගිය බව පවසනවා.ලේඛම් හා ග්‍රාමසේවක පැමිණ ලොකු හාමුදුරුවන් හට තර්ජනය කල බව පවසනවා.පාරේ පැමිණෙන සිරිසේන හට සරාව මුණ ගැසෙනවා.ලොකු හාමුදුරවන් පන්සලෙන් ගිය බවත් සිදු වූ දේ පවසනවා.ජානු හා කුකුළා මුදලාලි කතා කරමින් සිටින තැනට දියෝගබදු පැමිණෙනවා.දිස්ත්‍රික් නායකතුමා පැමිණෙන බව පවසනවා.මාස්ටර් හා රාලහාමි හට ලොකු හාමුදුරුවන් මුණ ගැසෙනවා.ලොකු හාමුදුරුවන් හට නොයන ලෙස මාස්ටර් පවසනවා.නමුත් නුසුදුසු තැන් වල නොසිටිය යුතු බවත් තමා පිටත්ව යායුතු බව පවසනවා.සරා යහළුවන් දිස්ත්‍රික් නායකතුමා පන්සලෙන් පැන්නීමට යනවා.සරා හා යහළුවන් පැමිණෙන විට සුරංග හා ඔහුගේ යහළුවා මුණ ගැසී ඔවුන්වද ලොරියට දමා ගන්නවා.මාස්ටර්ද නැවත රාලහාමි සමඟ පන්සලට පැමිණ පොඩි හාමුදුරුවන් සමඟ කතා කරනවා.මේ අතර රැස්වීම පවත්වන ස්ථානයට සරා හා යහළුවන් පැමිණෙනවා.ඉන්පසු මෙය නවත්වන ලෙස පවසා එතැන කෑ ගහනවා.ඉන්පසු නායකතුමා එතැනින් පිටව යනවා.සරා හා යහළුවන් හූ කියනවා.කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන දියෝගබදු හා මන්ත්‍රි සරා කල දේ ගැන පවසනවා.මන්ත්‍රි සරා හට බනිමින් එතැන කෑ ගසනවා.රාත්‍රියේදි මාස්ටර් හා නිවසෙ පිරිස සරා කලදේ ගැන කතා කරමින් සිටිනවා.

පාඨලි හට සරාට මෙයපැහැදිලි කරන ලෙස කුසුමලතා පවසනවා.පාඨලී එය අසා ඉතාම පුදුමයෙන් බලා සිටිනවා.රාත්‍රියේදි රසිකා මුණ ගැසීමට මාලන් පැමිණෙනවා.තමා හට රසිකා විවාහ කර ගැනීමට දිනයක් උවමනා බව පවසනවා.රසිකා හට එයට සුදානම් වන බව පවසා එතැනින් පිටව යනවා.සරා හා කවඩියා පාරේ පැමිණෙන විට ඔවුන් අසලට ගීතිකා පැමිණෙනවා.ඉන්පසු කවඩියා හා ගීතිකා කතා කරමින් පාරේ පැමිණෙනවා.සවස පන්සලට එන ලෙස කවඩියා හට ගීතිකා පවසනවා.ඉන්පසු සරා සමඟ එන බව කවඩියා පවසනවා.කවඩියා එතැනින් පිටත්ව යන විට ගීතිකා කවඩියා ගේ නම විමසනවා.තමාගේ නම සුදත් බව ගීතිකා පවසනවා.එය ලස්සන නමක් බවත් තමා කවඩියාගේ හිත රිද්දු බව පවසා එයට සමාව ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *