සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. කොළඹට පැමිණෙන නිලු සමාධිව හමුවන්නට ගොස් ආ ගිය තොරතුරු ගැන කතා කරමින් සිටින අතරෙ ප්‍රෙස් එකේදී සමාධිට අගස්තිව මුණගැසුණා නේද කියා අසමින් ඔහු එදින ඇයට මොනවාද කිවේ කියා විමසනවා. ඒ වේලාවේ ඔහු එසෙද් හමු වී ඊෂාව පරිස්සම් කරගන්න කියා කියු බව සමාධි කියද්දී ඔහු එසේ කිවේ මොකද කියාත් අනිත් එක කගෙන් පරිස්සම් කරගන්න කියාද කිවේ කියාත් නිලු විමසද්දී ඔහු දැන් වෙනමම විදියකට එන්නට හදන බවත් මුල් කාලයේ ඇයට මුදල් දී ඊෂාව තරඟයෙන් අයින් කරගන්නට හැදු බවත් දැන් වෙන විදියක් සොයාගෙන තිබෙන බවත් සමාධි නිලු සමඟින් පවසනවා.ඉන්පසු නිලු ඒ ගැන සිතමින් හිඳ අගස්තිට දරු සෙනෙහසවත් පහල වෙලාද දන්නේ නැහැ කියා පවසද්දී එයා අසා හිනා යන සමාධි ඇයත් එසේ කතා කරද්දී සිතුවෙ එහෙම බවත් ඊෂාට ළඟදි දවසක කෝල් එකක් ආ බවත්එම පුද්ගලයා ඊෂාට තරඟයෙන් ඉවත් වෙන ලෙසට තර්ජනය කල බවත් එසේ කරන්ට උවමනාව තිබෙන්නේ අගස්තිට බවත් සමාධි පවසා සිටිනවා.

අචිනිට කාව්‍යා එවු පින්තරය දැක කලබල වුන ශානිකා අචිනි සමඟින් විශාල් සොයා පැමිණෙමින් සිටියද්දීත් ඔවුන් දකිනවා ඊෂා සහ විශාල් අතින් අල්ලාගෙන කතා කරමින් සිටිනවා.ඉන්පසු ඔහු ළඟට කේන්තියෙන් යන ශානිකා ඔහුව තල්ලු කරමින් මොනවාද කරන්නේ කියා සැරෙන් අසමින් මිට්න් වලට යනවා කියා මේකද කරන්නේ කියා අසමින් ඔහුට හොඳටම බැන වදිනවා.ඉන්පසු ඇය ඊෂාව ඇද දමමින් ඇගේ සල්ලි තියෙන කොල්ලාව අල්ල ගන්නට ඇයට ලැජ්ජ නැතිද කියා අසද්දී ඊෂාට කර කියා ගන්නට දෙයක් නොමැතිව ඇය හිතන විදියේ දෙයක් ඔවුන් අතර නැති බව පවසද්දී ඇගේ බොරු කතා ඇය විශ්වාස කරන්නේ නැති බවත් ඇය ඔහුගේ කරේ එල්ලෙන්නට යන බවත් කියමින් ඇය දිගින් දිගටම ඊෂාට චෝදනා කරනවා.ඒ අවස්ථාවෙන් කෙන්ති ගිය විශාල් අචිනි දෙස බලමින් ඇය නේද මෙසේ ශානිකාව රැගෙන ආවේ කියා අසද්දී අචිනි බය වී ඇය මේ කිසි දෙයක් ගැන නොදන්නා බව පවසනවා.ඉන්පසු ඇගේ තාත්තාත් නැ නේද කියා අසමින් ඊෂාත් අම්මා වගේම ඇති බව අමුතුවට පවසද්දී එය අසා කේන්ති ගිය ඊෂා එ කියු දේ ඉවසා ගත නොහැකිව ඇයට ඕනෑම දෙයක් කියන්න කියාත් නමුත් සමාධි නම් එක වචනයක්වත් කියන්න එපා කියා ඊෂා කෙන්තියෙන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *