සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.උඳුල් ඉන්දියා ගමට නොයන බව දැනගත් ඔහුගේ ආච්චි අම්මා අවුලෙන් සිටිනවා දකින උඳුල් ඇයට සමඟින් කතා කරද්දී ඇය තරහින් ඔහු සමඟින් කතා කරනවා දැනී ඇය සිටින්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියා විමසනවා.එ අවස්ථාවේ ඇය විපුලව ඇගේ ජිවිතෙන්ම අත්හැර දැමු බවත් ඇය සිතුවේ ඔහු නැති වුවාට ඇයට හැමදාටම උඳුල් ඉන්නවා කියා බවත් ඇයට ඕන වුයේ උඳුල් දියුණු වනවා දකින්නට බවත් ඇය හඩමින් පවසමින් ඔහුට ඉන්දියාවේ යන්නට ලැබුණු බව ඇයට කිවේ නැතිව හැංගුවේ ඇයිද කියා විමසනවා.ඒ වෙලාවේ ඇයට ඒ ගැන කිවේ උත්තරාද කියා උඳුල් අසමින් එය එතරම් ලොකු දෙයක් නොවන බවත් පවසද්දී එක එලෙස සැහැල්ලුවට ගන්නේ ඇයිද කියාත් තරුපතිත් එම ගමන ගිය බවත් මෙවැනි අවස්තාවක් හැමෝටම ලැබෙන්නේ නැති බවත් කියමින් ඇය හඬන්නට පටන් ගන්නවා.ඉන්පසු ඔහු ඒ ගැන ඇයට කියන්නට සිටි බවත් නමුත් ඇය ඊට ඔහුට යන්න කියා බල කරයි කියා සිතා ඔහු ඒ ගැන කිවේ නැති බවත් උඳුල් පවසනවා.ඉන්පසු ඔහුට දාලා යන්න බැරි කාවද කියා ඇය අසද්දී ටික වෙලාවක් කල්පනා කරමින් හිඳිමින් ඔහු සංවේදී වෙමින් ඔහුට දාලා යන්නට බැරි ආච්චි අම්මාව බව පවසමින් ඔහුට ඇයව දාලා කෙහේවත් යන්නට බැරි බවත් එ නිසයි ඔහු මේ බව ඇයට නොකිවේ කියාත් උඳුල් කඳුලු පිරි දෙනෙතින් පවසනවා.ඉන්පසු ආච්චි අම්මා හඬමින් ඔහුට එ ගමන යන්න කියාත් ඇයට තනි නැති බවත් පවසනවා.

මේ වෙලාවේ ඊෂා සහ විශාල් තනිව කතා කරමින් අත් අල්ලාගෙන සිටිනවා අහම්බයෙන් වාගේ දකින කාව්‍යා ඔවුන් දෙදෙනාව විඩියෝ ගත කරනවා. එ අතරේම අචිනි විශාල්ගේ අම්මා වන ශානිකා සමඟින් චැනල් එකට යන අතරේ විශාල්ට තරඟයෙන් ජය ගන්නට කිසි උවමනාවක් නැති බවත් ඇය මෙතරම් මහන්සි වුවද ඔහුට ගානක්වත් නැති බවත් ඔහු බැලුවොත් ඇති නම් ඊෂා සමඟින් රවුම් ගසමින් සිටින බවත් ඇය පවසනවා. ඉන්පසු ඊෂාව මුණගැසෙන්නට යන බව දැනගත් ශානිකා එය අසා කලබල වෙමින් විශාල් එතරම් මෝඩයකු වුයේ කෙසේද කියා සිතමින් ඇය ඊෂා ගැන බලගන්නම් කියා කියනවාත් සමඟම අචිනිගේ දුරකථනයට කාව්‍යගෙන් කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඉන්පසු එය බලා කලබල වෙන අචිනි එය ශානිකා පෙන්වනවා. එහි තිබෙන්නේ ඊෂා සහ විශාල් එකට සිටිනවා. ඉන්පසු ශානිකාද කලබල වෙමින් කේන්තියෙන් විශාල්ව හමුවන්නට අචිනි සමඟින් ඒ වෙලේම ඔවුන් සිටින තැනට යන්නට පිටත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *