සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ඊෂා සමඟින් සමාධි ඇයට රයිසින් ස්ටාර්ස් තරඟාවලියනේ අයින් වෙන්නට කියා තර්ජනය කරමින් පැමිණි දුරකථන ඇමතුම පිළිබඳ කතා කරමින් සිටියදී සමාධි අගස්ති ඔවුන් සිටින අසළින් යනවා දැක ඔහුට කතා කරද්දී අගස්තිත් ඇය සමඟින් සිනාසී ඇගේ සැපදුක් විමසනවා.ඉන්පසු සමාධි ඒ කිසිවකට පිළිතුරු නොදී ඔහු මෙලෙස ඊෂාට සහ ඇයට කරදර කරන්නේ ඇයිද කියාත් ඊෂා ඔහුට කල වරද කුමක්ද කියාත් විමසද්දී ඇය කියනා කිසිදෙයක් ගැන කිසිවක් නොදන්නා අගස්ති ඇය කියන්නේ මොනවා ගැනද කියා විමසද්දී ඇය සිතුවේ දැන්වත් ඔහු ඔවුන්ට පාඩුවේ ඉන්න දෙයි කියා බවත් ඔහු ඇයට එක්වතාවක් මුදල් දෙමින් ඊෂාව තරඟයෙන් අයින් කරගන්නට හැදුව බවත් මේ වතාවේ මැරයන් දමා තර්ජනය කර ඊෂාව රයිසින් ස්ටාර් එකෙන් අයින් කරගන්නට හදන බවත් කියමින් ඔහු මෙලෙස කරන්නේ ඇයිද කියා විමසමින් ඔහුට බය වෙන්නට එපා කියාත් ඊෂා ඔහුගෙන් කිසිවක් ඉල්ලාගෙන කිසිදින එන්නේ නැති බවත් සමාධි කියමින් ඔහු කෙතරම් තර්ජනය කලද ඊෂාව ඇය තරඟයෙන් ඉවත් කරගන්නේ නැති බවත් සමාධි පවසා සිටිනවා.ඒ වෙලාවේ අගස්ති ඔහු එසේ කරේ නැති බව තේරුම් කර දෙන්නට උත්සහා කලද ඒ කිසිවක් අසන්නට සමාධි කැමති වුයේ නැහැ.

අගස්ති දුරකථන ඇමතුමක් කතා කරමින් සිටින අතරේ එතැනට පැමිණෙන සුජි, ඔහු නොදැක්කා වගේ යන්නට ගියේ ඇයි ද කියා විමසමින් ඔහු පහුගිය දින කිහිපයේ දිගටම දුරකථන ඇමතුම් ලබා ගත් බවත් ඔහු ඒවාට පිළිතුරු නොදුන්නේ ඇයිද කියත් අගස්තිගෙන් විමසනවා. ඒ අවස්ථාවේ එයත් අගස්ති වැඩිය ගනන් නොගනිමින් ඔහු ඒ කාලයේ ඉතා කාර්යබාහුල වු බව පවසනවා.මේ වෙලාවේ කතා කරමින් සිටින ගමන් අගස්ති යන්නට සුදානම් වනවාත් සමඟම සුජි ඔුව නවතා ගනිමින් සමාධි ගැන කියන්නට අලුත් දෙයක් තිබෙන බව පවසද්දී ඔහුට එසේ අලුත් දෙයක් කියන්නට තිබෙනවා කියා පවසන්නේ කේලාම් වලට නේද කියා අගස්ති අමුතුවට සිනාසෙමින් අසමින් ඔහුගේ සහ සමාධිගේ කතාව ඉවර බවත් ඔහු මුලින් සිතුවේ සුජි කියන දෙවල් කිවේ ඇත්තටම කියා බවත් නමුත් ඔහු ගහන ගේම ගැන මේ වෙද්දී ඔහු දන්නා බවත් අගස්ති පවසනවා. ඉන්පසු ඔහුට යළිත් සුජි සමඟින් කතාවක් නැති බවත් සමාධිට ඇගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න කියාත් අගස්ති එසේ නොකලොත් ඔහු යළුවා කියා ඉවසන්නෙ නැති බව කියමින් අගස්ති සුජිට තර්ජනය කර යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *