සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.නිවසට පැමිණෙන අලීට උඳුල් ඔහුට කියන්නට වැදගත් දෙයක් තිබෙන බව පවසමින් විශාල් විවාහ වෙන්නේ ඊෂා සමඟින් නොවන බව පවසනවා ඒ වේලාවේ එය අසා කලබලයට පත්වෙන අලී ඊෂාව නෙමෙයි නම් කා සමඟින්ද විශාල් විවාහ වෙන්නේ කියා උඳුල්ගෙන් විමසද්දී එය ඔහුත් හරිහැටි නොදන්නා බවත් ආච්චිඅම්මා ඔහුට කියු විදියට හොඳ සල්ලිකාර පවුලක ගැහැනු ළමයෙකු කියාත් උඳුල් පවසමින් මේ බව ආච්චිඅම්මාටද කියා තිබෙන්නේ විපුල බවත් ඔහු පවසා සිටිනවා. මේ වෙලාවේ තරහ පාලනය කර ගැනීමට නොහැකිව අලී, විශාල් උඳුල්ගේ මල්ලි වුවත් ඔහු ඊෂාට වරදක් කරනවා නම් ඔහු විශාල්ව මරා දමන බවත් ඊෂාට වරදක් වෙන්නට ඉඩ තියන්නට බැරි බවත් අලී පවසද්දී ඔවුන්ට හරිහැටි සිදු වෙන්නේ කුමක්ද යන්න නොදැන මෙසේ තීරණ ගන්නට බැරි බවත් ඊෂා ගැන ඔහුට දුක බවත් උඳුල් පවසා සිටිනවා.ඉන්පසු ම් ගැන ඊෂාට ඔවුන් කියනවාද කියා අලී විමසද්දී ඒ ගැන දැනගෙන ඊෂාගෙන් සඟවන එකත් වැරදි බවත් නමුත් මොන විදියකින් හෝ ඇයට ඒ ගැන කියන්නට සිදුවන බවත් උඳුල් පවසා සිටිනවා.

මේ වේලාවේ උඳුල්ට අසපුවට එන ලෙස දැනුම් දෙන තරුපති ඔහු ආ පසු , ඉන්දියාවේ යන එක පිළිබඳව උදුල් කල්පනා කරාද කියා විමසා සිටිනවා. ඒ වෙලාවේ එය ඔහුට ලැබුණු වටිනා අවස්ථාවක් කියා ඔහු දන්නා බවත් නමුත් ඔහුට එයට සම්බන්ධ වෙන්නට බැරි වනවාට සමාව දෙන ලෙසත් උඳුල් ඉල්ලා සිටිනවා.ඉන්පසු තරුපති මඳ වේලාවක් කල්පනා කරමින් සිට ඇත්තටම ඔහු එයට යන්නට අකමැති හේතුව කුමක්ද කියා උඳුල්ගෙන් විමසද්දී ඔහු නිවසින් ගියහොත් ආච්චි අම්මාව බලාගන්නට කිසිවකුත් නැති බවත් පවසද්දී ඔහුට එය තේරේන බවත් නමුත් ඔහු මෙලෙද අත්හරින්නට යන්නේ වටිනා අවස්ථාවක් බවත් තරුපති පවසමින් ඔහුගේ තීරණය වෙනස් කරන්න කියා බලපෑම් කරන්නේ නැති බව තරුපති පවසනවා. ඉන්පසු ඒ ගැන කතා කරමින් ඉන්න අතරේ ඔහු මේ පිළිබඳ ඊෂාට කිවාද කියා තරුපති විමසද්දී ඔහු කිවේ නැති බව උඳුල් පවසනවා. ඒ වේලාවේ ඊෂා හිටියා නම් උදුල් සහ ඇය මේ ගමනට තෙරෙන්නේ කියාත් තරුපති පවසා සිටිනවා.

රෙහානාව හමුවන්නට පැමිණ ඊෂා පැත්තකට වි කල්පනා කරමින් සිටින අවස්ථාවේ ඇය ඊෂා ළඟට පැමිණ ඇය අවුලෙන් ඉන්නේ ඇයිද කියා විමසද්දී එසේ නැති බව ඊෂා පැවසුවද ඇගේ කුමක් හෝ වෙනසක් තිබෙන බව තේරුන රෙහානා එසේ නැති වෙන්නට බැරි බවත් විශාල්ගේ ප්‍රශ්නයක්ද කියාත් විමසමින් ඇයට ඒ ගැන කියන්නට බැරි නම් කමක් නැ කියා රෙහානා පවසනවා.ඒ වෙලාවේ ඇයට කියන්නට බැරි දෙයක් නැති බව කියමින් ඊෂා, ඇයට රයිසින් ස්ටාර් තරඟාවලියෙන් අයින් වෙන්නට අවශ්‍ය බව පවසනවා.එය අසා අදහාගන්න බැරිවෙන රෙහානා ඇයට පිස්සුද කියා අසමින් මෙතරම් දුරක් පැමිණ රයිසින් ස්ටාර් එකෙන් අයින් වෙන්නේ ඇයිද කියා අසනවා.ඉන්පසු ඊෂා ඇයට එහි සිටියා ඇති බවත් එය නිසා ඇයට ගොඩක් ප්‍රශ්න ඇති වුන බවත් ඊෂා පවසා සිටිනවා.මේ වේලාවේ රෙහානා ඇගේ හිත හදමින් ඇයගේ එම තීරණය වෙනස් කරන්නට බොහෝ උත්සහා දරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *