සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. ඔෆිස් එකේදී ඩිලාන් සමඟින් කතා කරන්නට යමක් තිබෙන බ ව කියන අක්ෂා, ඇය ගැන මොනවා හෝ දෙයක් අනුහස් ඔහු සමඟින් කියා තිබෙනවාද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඇය ගැන මොනවා කියන්නද කියා ඩිලාන් අසද්දී ඇය ගැන නොව ඇගේ අසනීප තත්ත්වය ගැන ඇය නොදන්න මොනවා හෝ දෙයක් කියා තිබෙනවාද කියා අසනවා.ඉන්පසු ඇය එසේ අහන්නේ ඇයිද යන්න අසමින් අනුහස් එසේ දෙයක් ඔහු සමඟින් කියන්නේ ඇයිද කියා ඩිලාන් විමසමින් එසේ අනුහස් යමකි කියනවා නම් කියන්නේ අවන්ත සමඟ හෝ රදීෂ් සමඟින් බවත් පවසද්දී නමුත් සමහර දේවල් අනුහස් ඔවුන් සමඟින්වත් නොකියා හිතේ සිර කරගෙන සිටින බව අක්ෂා පවසනවා.ඒ වෙලාවේ එය එසේ වන්නට පුළුවන් බවත් නමුත් ඇය ඒ ගැන මෙතරම් සිතන්නේ ඇයිද කියා ඩිලාන් අසනවා. ඒ වෙලාවේ ඇයට අනුහස් තනිව ඩොක්ටර්ව මුණ ගැසෙන්නට දෙන්නේ නැති බවත් අඩුමතරමින් ඒ ගැන ඇගේ අම්මාට වත් කිසිවක් අනුහස් කියන්නේ නැති බවත් අක්ෂා පවසනවා.

මේ වෙලාවේ රදීෂ්ගේ ප්‍රශ්නය ගැන සිතමින් සිටින රමණි ළඟට පැමිණෙන අමීෂා, ඇයට ඉවසා සිටින ලෙසත් කලබල වෙන්නට එපා කියාත් අවන්තත් ඒ කාලෙ රදීෂ් වගේ බවත් බීබි හැම තැනම වැටී වැටි සිටි බවත් නමුත් දැන් ඒ ප්‍රශ්නේ ඉවර බවත් පවසද්දී ඒ කෙසේ වෙතත් අම්මා කෙනෙක් විදියට ඇය ඒවා බලාගෙන ඉන්නේ කෙසේද කියාත් ඩිලාන් නිසා තමයි රදීෂ්ව හදාගන්නට බැරි වුනේ කියාත් රමණි පවසද්දී දැන් ළමයි එසේ අම්මලා තාත්තලා කියන දේවල් අහන්නේ නැති බවත් කියද්දී එය හරි වුවත් ඇයට බය රදීෂ් යළිත් ලිහිණිව සොයාගෙන ගොස් යළිත් සම්බන්ධය පටන් ගනිද කියා බවත් රමණි පවසනවා.ඉන්පසු අවන්තත් ඔවුන් එපා කියද්දී දෙව්මි පස්සේ කොච්චර නම් ගියාද කියාත් නමුත් අන්තිමේදී දෙව්මිගේ ගෙදරින්ම ඇයට මානමාලයෙක්ව හොයා ඇති බවත් එසේ වුවද තවමත් එය අවන්තට තෙරෙන්නේ නැති බවත් අමීෂා පවසමින් ඇයට මේ වෙලාවේ කලබල වෙන්නට එපා කියාත් රදීෂ්ගේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳෙයි කියාත් අමීෂා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *