සතියේ දින වල රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.හල්දුල්ගේ මරණයෙන් පසු සෙනාම් හෝටලයේ වැඩ බැලීමට යනවා.මේ අතර සොෆි තම පියා සමඟ කෝපයෙන් සිටිනවා.ඔහු වේලාවට බේත් නොබී ලෙඩ වන බව පවසා ඇය ඔහුට බැන වදිනවා.ඔහුට ඇය සමඟ වාද කරමින් යනවා.තමා සේරා හට පියා අසනීප බව පැවසු බව සොෆී පවසනවා.කෝප වන ඔහු එතැනින් පිටව යනවා.මෙහෙමට් වැඩ කරන තැනට රිසා පැමිණෙනවා.ඉන්පසු ඔහු බැලීමට ආ බවත් හොඳින් වැඩ කරන බවත් පවසා ඔහු එතැනින් පිටව යනවා.සොෆි හට සේරා ඇමතුමක් ගන්නවා.තාත්තා හට කෙහේදැයි ඔහුට ඇති රෝගය කුමක්දැයි ඇය විමසනවා.එය පතල් වල වැඩ කරන අයට හැදෙන ලෙඩක් බවත් ඔහු සිටින්නේ අවදානම් තත්වයක බවත් සොෆි ඇයට පවසනවා.කැම්පස් එක තුලදි විරාත් යහළුවෙකු සමඟ රණ්ඩු වූ දේට විරාත් හට කිහිප දවසක් පාසල තහනම් කරනවා.එතැනට පැමිණෙන රුමා කුරායිගෙන් සිදු වු දේ විමසනවා.මෙය නැවැත්විය යුතු බවත් එය කල යුත්තේ රුමා බවත් කුරායි පවසනවා.සෙනාම් පවුලේ නීතීඥ්‍ය වරයා හමුවීමට පැමිණෙනවා.

ඇයට ව්‍යාපාර වලින් ලැබී ඇත්තේ කුඩා ප්‍රමාණයක් බවත් ජාන්සු හට එහි වැඩි අයිතියක් ඇති බවත් පවසනවා.ඉන්පසු ජාන්සු තවම කුඩා බවත් ඇයට මානසික රෝගයක් තිබෙන බවත් ඇය පවසනවා .මේ අතර විරාත්ගේ මව ඇයට හමුවූ මුද්ද ගෙන එය නැවත දී මුදල් ගැනීමට යනවා.ඉන්පසු එය පිරික්සන විට එය බොරු එකක් බව පවසනවා.සොෆි සිටින තැනට ඇයගේ පියා පැමිණෙනවා.තමා උදෑසන ඇයට කෑ ගැසු දේට ඇය ගෙන් ඔහු සමාව ගන්නවා.රුමා විරාත් හමුවීමට ඔහුගේ නිවසට පැමිණෙනවා.ඇය විරාත් සමඟ කතාකිරීමට හදන විට එතැනට විරාත්ගේ මව පැමිණෙනවා.ඉන්පසු විරාත් ඇයට තම කාමරයට යන ලෙස පවසනවා.විරාත්ගේ මව පැමිණ විරාත් ගේ මුද්ද බොරු බව පවසනවා.එය අසා සිටින රුමා කාමරයෙන් පැමිණ එය බොරු එකක් නොවන බව පවසනවා.කෝපයෙන් අයිසුන් ඇයට කෑ ගසනවා.විරාත් ඇයට යන ලෙස පවසනවා.කෝපයෙන් නිවසට පැමිණෙන රුමා සෙහෙර් හට පහර දී මුද්ද මාරු කලා යැයි පවසා ඇයට බැන වදිනවා.සිදු වූ දේ රුමා ගුල්සුන් සමඟද පවසනවා.පසුදින රුමා නැවත කැම්පස් යාමට පිටත් වනවා.ඇය විරාත් එනතුරු බලා සිටිනවා.සිදුව ඇතිදේ විරාත් හට පැවසීමට රුමා සැරසෙනවා.නමුත් විරාත් කිසි දෙයක් අසා සිටීමට උවමනා නැතිබව පවසනවා.

මේ අතර රුමා විරාත් අසලට කලන්තය දා වැටෙනවා.ඇය කරන්නේ බොරුවක් යැයි විරාත් සිතනවා.රුමා හට කතා කලය ඇය කතා නොකරන නිසා විරාත් ඇයව ගෙන රෝහලය වෙත යනවා.රෝහලට ඇතුලත්කල පසු රුමා හට සිහිය එනවා තමා හොදින් බවත් දැන් විරාත් හට යන ලෙසත් ඇය පවසනවා.විරාත් එතැනින් පිටව යනවා.ඉන්පසු රුමා රෝහල් ගත කල බවත් ඇයව හමුවන ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *